බැංගලෝරයේ පාසලකට දිවියෙකු කඩා වදියි

ඉන්දියාවේ බැංගලෝර නගරයේ පාසලකට කඩා වැදුණු දිවියෙක් ඊයේ විශාල කලබලයක් ඇති කළේ ය.
උදෑසන පාසල් භූමියට ඇතුළු වුණ මේ දිවියා අවසානයේ කොටු කර ගත්තේ පැය 10 ක පමණ මෙහෙයුමකින් පසුව ය.
මෙහෙයුමට සහභාගි වූ වනජීවි සංරක්ෂණ නිලධාරීන් පවසා ඇත්තේ ,පුද්ගලයින් 6 දෙනෙකුට පමණ තුවාල සිදු කළ මෙම දිවියා වයස අවුරුදු 8 ක පමණ පිරිමි සතෙකු බව ය.
අවසානයේ දිවියා බැංගලෝරයේ ජාතික සත්ත්ව උද්‍යානයට භාර දී තිබේ.
News 1st :



