දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි

දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි

2d1c724c-e87f-4852-aa84-326350450cbb.jpg


අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි.

ටෙක්සාස් හි හුස්ටන් බේලර් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ තත්ත්වය පෙන්වාදී ඇත.

අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධි වල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි.

නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.

පර්යේෂණය පිළිබඳ වාර්තාව බොස්ටන් හි පැවති ඇමරිකානු විද්‍යාලයේ රක්තවේදය පිළිබඳ වාර්ෂික රැස්වීමේදි ප්‍රකාශයට පත්කර තිබේ.


Trail-Runner.jpg

-ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හන්දි රුදාවෙන් දිවීම නැතිවෙයි..:sorry:

    බුක්මාක් දාගත්තා.. පස්සෙ කියවන්නං..:D