Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දිවුල් වටිනා ඔෟෂධයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවුල් වටිනා ඔෟෂධයක්

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.

ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්ය විද්යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඔෟෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඔෟෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඔෟෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිබෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් A, B වගේ පෝෂ්ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩේ්රට් ප්රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඔෟෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

වඳ බව නසන දිවුල් බෙහෙත

ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඔෟෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

අතීසාරයට දිවුල්

අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඔෟෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඔෟෂධයක්.

අර්ශස්වලටත් දිවුල් ගුණයි

ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්

කුඩා දරුවන්ට නිතරම වැලඳෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,

අක්මාව ආශ්රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමඟ හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඔෟෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය

ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් බෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

දද කුෂ්ඨවලට දිවුල්

උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ

සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඔෟෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිබෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඳෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඔෟෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

මුත්රා රෝගවලට ගුණ දිවුල්

බොහෝ දෙනෙක් උදරයේ මුත්රා ගල් තිබෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්රාශය ආශ්රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් එ් පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්ය පදමට දමා හොඳින් මිශ්ර කරගන්න. ඉන්පසු සාමාන්ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

ලේ පිරිසුදු කරන දිවුල්

දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඔෟෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

රස පිරි දිවුල් කිරි

ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්ය පමණට වතුර මිශ්ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්ර කරගන්න. ලුණු සහ සීනි අවශ්ය පදමට දමා අවශ්ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්ර කරගෙන අමුත්තාට සංග්රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

දිරවන්නේ නැති අයට දිවුල්

සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි බෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඔෟෂධයකින්ම ග්රෑම් 15 බැගින් අරගෙන මිශ්ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඔෟෂධ මිශ්රණය එයට දමා හොඳින් මිශ්ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමඟින් සුව වෙනවා.

සෙමට හා කැස්සට දිවුල්

ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

දිවුල් අඩංගු ඔෟෂධ

දිවුල් ඔෟෂධය සම්පාදිත ඔෟෂධ රැසක් බාහිර

ඔෟෂධහල්වල පවතිනවා. ඒ අතරින් 'කපිත්තා පඨක චූර්ණය' ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්රහණිය ආශ්රිත රෝග වැනි රෝගවලින් සුව වීමට.

ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.

https://facebook.com/mysticlanka/posts/693732684057101

[QUOTE="Alaya, post: 21256665, member: 3897"] [b]දිවුල් වටිනා ඔෟෂධයක්[/b] [SIZE="3"]දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි. ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්ය විද්යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඔෟෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඔෟෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඔෟෂධ පිණිස ගන්නවා. දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිබෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් A, B වගේ පෝෂ්ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩේ්රට් ප්රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඔෟෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්. වඳ බව නසන දිවුල් බෙහෙත ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඔෟෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි. අතීසාරයට දිවුල් අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඔෟෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඔෟෂධයක්. අර්ශස්වලටත් දිවුල් ගුණයි ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි. කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක් කුඩා දරුවන්ට නිතරම වැලඳෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න. බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට, අක්මාව ආශ්රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමඟ හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඔෟෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි. අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් බෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න. දද කුෂ්ඨවලට දිවුල් උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි. සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඔෟෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිබෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඳෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඔෟෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්. මුත්රා රෝගවලට ගුණ දිවුල් බොහෝ දෙනෙක් උදරයේ මුත්රා ගල් තිබෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්රාශය ආශ්රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් එ් පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්ය පදමට දමා හොඳින් මිශ්ර කරගන්න. ඉන්පසු සාමාන්ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි. ලේ පිරිසුදු කරන දිවුල් දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඔෟෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි. රස පිරි දිවුල් කිරි ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්ය පමණට වතුර මිශ්ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්ර කරගන්න. ලුණු සහ සීනි අවශ්ය පදමට දමා අවශ්ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්ර කරගෙන අමුත්තාට සංග්රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්. දිරවන්නේ නැති අයට දිවුල් සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි බෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඔෟෂධයකින්ම ග්රෑම් 15 බැගින් අරගෙන මිශ්ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඔෟෂධ මිශ්රණය එයට දමා හොඳින් මිශ්ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමඟින් සුව වෙනවා. සෙමට හා කැස්සට දිවුල් ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි. දිවුල් අඩංගු ඔෟෂධ දිවුල් ඔෟෂධය සම්පාදිත ඔෟෂධ රැසක් බාහිර ඔෟෂධහල්වල පවතිනවා. ඒ අතරින් 'කපිත්තා පඨක චූර්ණය' ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්රහණිය ආශ්රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය. [/SIZE] [url]https://facebook.com/mysticlanka/posts/693732684057101[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom