දීකිරි දීකිරි - අනුලා බුලත්සිංහල

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දීකිරි දීකිරි - අනුලා බුලත්සිංහල

    දීකිරී...

    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    කිරි විකුණාලා කාසි හොයන්නයි
    අනාගතේ මාළිගා තනන්නයි
    කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි
    මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    හිස මගේ දෙදරයි දෙපා රුදා දෙයි
    රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි
    පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි
    මගේ මංගල්ලෙට ඔහෙලත් එන්නයි

    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    ගායනය - අනුලා බුලත්සිංහල
    සංගීතය - ඔස්ටින් මුණසිංහ
    ගී පද - ලූෂන් බුලත්සිංහල

    අඩෝ ...ඉස්සර කාලේ සත්ව පාලනය කරන මිනිස්සුන්ගේ ගෑනු ළමයි පිටට දුන්නේ නැද්ද?????? මේකේ කියන්නේ නැත්තම් මනමාලය බලන්න එන එකද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් වෙන්නේ කොල්ලෝ මහන්සිවෙලා සල්ලි හොයල ගෙවල් හදල වාහන අරන් කෙල්ලෙක් ගෙදරට කැන්දන් එන එක. මේකේ කියන්නේ එකේ අනිත් පැත්තනේ :oo:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දැන් වෙන්නේ කොල්ලෝ මහන්සිවෙලා සල්ලි හොයල ගෙවල් හදල වාහන අරන් කෙල්ලෙක් ගෙදරට කැන්දන් එන එක. මේකේ කියන්නේ එකේ අනිත් පැත්තනේ :oo:

    eka thama ban man ahuwe..meka nikamata ahuna ada bus eke office eddi..:dull::dull:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එහෙම එක්ක නෑ මං හිතන්නේ ඔය කියන්නේ බින්න බහින එක ගැන.... වතුපිටි හරකා බාන තියනවානම් ඉස්සර ඇඟපත් ඇති පිරිමි කෙනෙක් ව ගෙදර ගෙනත් තියාගන්නව.. අහවල් වැඩෙත් එක්ක.. එකට කියන්නේ බින්න බහිනවා කියලා.. හැබැයි බින්න් බහින මිනිහා කොලපතයි, හුළු අත්තයි හැමතිස්සෙම ලෑස්ති කරලා තියාගන්න ඔනලු.. මොකද බින්න බහිද්දී ගෑනිට පුලුවන් ඔනා වෙලාවක මිනිහව එලවන්න.. පල එලියට කිවොත් රෑද, දවල්ද.. වැස්සද පින්නද කියලා නෑ ඌ එලියට බැහැලා යන්න ඔනා.. ළමයි හිටියා කියලා වෙනසක් නෑ.. ගෑනිට වෙන මිනිහෙක් ගන්න ඔනා උනාමත් එහෙම කරනවාලු.. පල නොකියා පලා බෙදනවා කියන කතාවත් හැදිලා තියෙන්නෙ ඔකෙන්ලුනේ... සුද්දාගේ කරමේ එන්න කලින් ගං තුලාන් වල ඔහොම තමා වෙලා තියෙන්නේ... දෑවැදි ක්‍රමය අපිට ආවේ ඉන්දියාවෙන්.. ලොකු මිනිස්සු , කුලය උස්ස අය දෑවදි ගත්තත් රජකාලේත්.. නුවර යුගයෙත් ගම්වල සාමන්ය අයගේ ප්‍රසිද්ද කරම්යක්... විශෙෂයෙන්ම ඇති හැකි ගැණු අය ඉන්නකොට... හැබැයි එහෙම ගෙදරින් යන පිරිමියාව බාරගන්න ඔනා තරම අයත් ඉඳලා තියනවා.. ඩිවොස් කේස්, මිනිමරුම් අනං මනං නෑ
     
    adoo patta godak dewal igena gatta..........matath mulin hituna binna bahina scene eka kiyala...eth meke kiyana widihata munta salli nane ban..muttiya bindunoth okkoma iwarai kiyanne?:angry::angry:
     
    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    උබ කියන්නේ "මුට්ටිය කැඩුනොත් ඔක්කොම ඉවරයි" කියල කියන එකේ මුට්ටිය කියල අදහස් වෙන්නේ පෙට්ටිය කියල කියන එකද ? "පෙට්ටිය කැඩුනොත් ඔක්කෛාම ඉවරයි" :no:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උබ කියන්නේ "මුට්ටිය කැඩුනොත් ඔක්කොම ඉවරයි" කියල කියන එකේ මුට්ටිය කියල අදහස් වෙන්නේ පෙට්ටිය කියල කියන එකද ? "පෙට්ටිය කැඩුනොත් ඔක්කෛාම ඉවරයි" :no:

    :rofl::rofl::rofl::no::no::no::no: no oii..me song eke teruma wena deyak,,,api hitana eka nemai wage.....:dull:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    adoo patta godak dewal igena gatta..........matath mulin hituna binna bahina scene eka kiyala...eth meke kiyana widihata munta salli nane ban..muttiya bindunoth okkoma iwarai kiyanne?:angry::angry:

    මේක නාට්ය ගීතයක් නේ.. එහම කියන්නේ ඒ කිරි විකුනන කෙල්ලගේ අනාගත බලපොරොත්තු ගැන වෙන්න ඇති.

    මුට්ටි කතාව මේකයි.. උඹ සමහර විට අහලත් ඇති.. කිරි විකුනන එකෙක් දවස්ක් කිරි කලේත් කරේ තියාගෙන කිරි විකුනන්න ගියාලු.. යන ගමං මූ හිතනවලු.. මේ කිරි ටික විකුනලා හොඳ ලාබයක් ගන්නව අද කියල.. ඊට පස්සේ මූ දැං දිගටම හිතනවා.. හෙටත් කිරි විකුනනව.හෙටත් මේ වගේ ලාබයක් ගන්නවා.. ටික කලක් ගිහින් ඒ ලාබයෙන් තව හරක් දෙතුන් දෙනෙක් ගන්නවා.. ඊට පස්සෙ ලාබෙ වැඩි වෙනවා.. එතකොට සල්ලි තියන නිසා ලොකු ගේකුත් හදනවා.. පස්සේ ගෑනියකුත් ගේනවා.. අපිට ළමයිත් හම්බ වෙනවා.. ඉතින් ඊට පස්සේ මම කිරි වෙලදාමේ යන්නේ නෑ .. වැඩ කාරයව යවනව.. තිරික්කයකුත් ගන්නවා.. තිරික්කලේන් මන හවසට ගෙදර එනකොට ගෑනි බලාගෙන ඉන්නව ළමයත් වඩාගෙන.. මම ගෙට ගොඩවෙනකොට ගෑනිගේ අතින් ලමයා බිමට වටෙනවා.. එතකොට කේන්ති ගිහින් මම ගෙදර හෙප්පුව අරං බිම ගහනවා හයියෙන් ... කියලා කිරි කලේ පොලවේ ගැහුවලු.. පොරගේ මනෝ පාර කොහොමද...ඔක්කොම ඉවරයි ඌ හිස් අතින් ගෙදර ගියාලු... එකයි කියන්නේ මුට්ටිය බින්දුනොත් ඔක්කොම ඉවරයි කියලා.. මොකද ඒ දිකිරි ගැනිත් දකින්නේ අරූ දැකපු හීනේම් තමා...
     
    hmmmmmmmmmmmmmm................:yes::yes:teruna machan...patta sinduwa..
     
    Jun 10, 2008
    298
    24
    0
    දීකිරී...

    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    කිරිහට්ටි කිරිහට්ටි ....

    අපේ පැත්තට කිරි විකිඋනන්න එන්නේ මේක දාගෙන පට්ට රස මීකිරි
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දීකිරී...

    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
    පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි
    දීකිරි දීකිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

    කිරිහට්ටි කිරිහට්ටි ....

    අපේ පැත්තට කිරි විකිඋනන්න එන්නේ මේක දාගෙන පට්ට රස මීකිරි
    yako me meekiri nemai neda???
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දැන් වෙන්නේ කොල්ලෝ මහන්සිවෙලා සල්ලි හොයල ගෙවල් හදල වාහන අරන් කෙල්ලෙක් ගෙදරට කැන්දන් එන එක. මේකේ කියන්නේ එකේ අනිත් පැත්තනේ :oo:
    :yes::yes::yes::yes: