දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා

    විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 වැනිදා) නියෝග කළේය.

    2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

    මෙම සිදුවීමට අදාළ පිළියන්දල පොලිසිය මගින් දීගොඩ කුමාරට විරුද්ධව නඩු පවරා තිබිණි. පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. ඊට අදාළව මෝසමක් ඊයේ (23 වැනිදා) දීගොඩ කුමාර විසින් ඉදිරිපත් කළේය.
    දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර, නීතිඥ අනුර හෑගොඩ, නීතිඥ ඩෙරික් සමරසේකර ඇතුළු නීතිඥයන් පිරිස දිගින් දිගටම අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාරට විරුද්ධව ඇති මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව වැරදි සහගත බවයි.

    එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට කරුණු දක්වමින් අදාළ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව කියා සිටියේය.

    පැමිණිල්ලේ කරුණු දැක්වීම් අවසානයේ කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කළේය.එබැවින් දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

    දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා වන දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවද අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයෝ පැවසූහ.

    මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දීගොඩ කුමාර නමැත්තා සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මූ මහ ගොනෙක්නෙ. හිතන් ඇත්තෙ යක්කු දැකපු උන්ට වතුර ටිකක් පෙව්වම නූලක් දැම්මම හොඳ වෙනව වගේ අර කොල්ලට තිබ්බ ඇලජි එක හරියයි කියලා. විද්‍යාවෙන් විසඳන්න තියෙන දේවල් හාස්කම් කාරයො ගාවට ගිය නිසා ඒ කොල්ලත් වැරදියි. පාන් පිටි නොකා හිටියනම් මැරෙනවද. කන්න දෙයක් නැතුව නම් කමක් නෑ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.

    viswa shakthiyen anith unge leda honda karanawa kiyanne
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,933
    26,476
    113
    දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.

    viswa shakthiyen anith unge leda honda karanawa kiyanne

    :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවද අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයෝ පැවසූහ.


    ammawa eyata sanipa karaganna bari une ai eyage shakthiyen. man dakala thiynawa eya adawal pitin ussan ena minissu nagittawala yawanwa. eth ammawa ba da
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    දියගොඩ කුමාර කැමතිම සින්දුව තමයි,

    දියගොඩ සැමතැන කිරි ඉතිරේ..
    ගස් වැල් කිරි මුහුදේ කිමිදේ..
    මද මුදු සුළඟින් අප නැළවෙන්නේ..
    බැබලෙන හඳපානේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    ඌ බැරි වෙලාවත් මේ ත්‍රෙඩ් එක බැලුවොතින් පව් නේද බන්. මානසිකව වැටිල තුවාල වෙයි.:(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    මූ මහ ගොනෙක්නෙ. හිතන් ඇත්තෙ යක්කු දැකපු උන්ට වතුර ටිකක් පෙව්වම නූලක් දැම්මම හොඳ වෙනව වගේ අර කොල්ලට තිබ්බ ඇලජි එක හරියයි කියලා. විද්‍යාවෙන් විසඳන්න තියෙන දේවල් හාස්කම් කාරයො ගාවට ගිය නිසා ඒ කොල්ලත් වැරදියි. පාන් පිටි නොකා හිටියනම් මැරෙනවද. කන්න දෙයක් නැතුව නම් කමක් නෑ.

    පාම් පිටි කෑවම ඇලජික් වෙනව කියල ඇහුවමයි බන්. :(
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේ සීන් එක ඇත්‍ත මන් ඒ වෙලාවේ එතන හිටිය .රිමාන් කල කියලා කියපු හැටියේ පොර බිම.හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ගේමක් ගැහුවේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා