දුකට අහන සින්දු

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මද පවනක් හිස අත ගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර





    මේ සින්දු දෙක විරහ දුක ගැන නෙවෙයි.
    දුප්පත්කම කියන්නේ පවක්. ඒක තේරෙන්න අඩු ගානේ ඒක ඇහින් දැකල තියෙන්න ඕන.

    ලස්සන කඩ සාප්පු ඉස්සරහින් අහක බලාගෙන නොදැක්ක වගේ යන කොච්චර අම්මල ඉන්නවද අපේ සමාජේ. අම්මලගේ නැති බැරි කම දන්න හින්ද තමන්ගේ හීන හිතේ තද කරගෙන ඉන්න කොච්චර පොඩි උන් ඉන්නවද. එක වේලකට වත් බත් කාගන්න බැරි පවුල් කීයක් ඉන්නවද ලංකාවේ.

    අපේ අක්ක මුලින්ම ගුරු පත්වීම ලැබිල, බිබිල පැත්තේ ඉස්කෝලෙකට ගියේ. ගියපු මුල් දවසෙම උදේ රැස්වීම වෙලාවේ ළමයෙක් කලන්තේ දාල වැටිලා. පස්සේ අක්ක ඒ ළමයගෙන් ඇහුවලු
    පුතේ උදේට කෑවේ නැද්ද කියල. නැහැලු.
    එතකොට ඊයේ රෑට? ඒත් නැහැලු.
    ඊයේ දවල්ට ? බෝංචි ඇට තම්බල කාල තියෙන්නේ.
    ඊයේ උදේ ? කාල නැහැ. ඔන්න ඕකයි තත්වේ.
    අපිට තනියෙන් ඕක නැති කරන්න බැහැ. ඒත් හිත හැදෙන්නත් එක්ක, මාත් අවුරුදු ගානක ඉඳල එක පවුලකට උදව් කරනවා, ඉස්කෝලේ යන පොඩි එකෙක් ඉන්න පවුලක්.


    රජ මැදුරක ඉපදී සිටියානම්

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී..
    මා හඬවාපන් මේ රෑ යාමේ





    පිපුණු මලේ රුව, එ මල දනී දෝ

    පිපුණු මලේ රුව, එ මල දනී දෝ
    මලකි දුවේ උඹ, හැඩ රුව බලන්නෙපා
    හැඩ රුව බලන්නෙපා....

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    :) :love: :love: :love:



    😘😘😘😘
    දුර කඳු යාය මටයි- නිල්ල නිලන්නේ නුඹටයි

    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
    දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි


    😘😘😘😘


    බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
    බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
    මලකට සිත් පීඩා නෑ.....
    ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
    ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
    කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

    දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
    දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි

    😘😘😘😘


    වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
    වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
    කතරට සයුරක් මදි නෑ.....
    නිදි නැති පාළු රැයේ
    නුඹ ගැන සිහි කරන තුරා
    නිදි නැති පාළු රැයේ
    නුඹ ගැන සිහි කරන තුරා
    මගෙ හිතටත් නිවනක් නෑ.....

    දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
    දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි


     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113


    මේක ගිල්ටි ප්ලෙශර් එකකුත් වෙනවා. නිකම්ම සරල ටික්කිටිකිං ටික්කිටිකිං සින්දුවක් වගේ. නමුත් අමුතු රසයක් තියනවා.




     
    • Like
    Reactions: NRTG and S_M_S