Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුක යනු........!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදුණේ කොතැනද? (දිවයින පත්තරයෙනි)

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් ලෙහෙසියෙන්, පහසුවෙන් අමතක කර දැමිය හැකි නායකයකු නොවේ. ඔහු මෙරට ජනයා අතර සදානුස්මරණ නායකයෙකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා එම ත්‍රස්ත නායකයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළ නායකයා ඔහුය. එනම්, පරසතුරන්ට මේ රට යටත් වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව නැඟී සිටිමින් එම සතුරු බලය පරදවාලූ දුටුගැමුණු මහා පරාක්‍රමබාහු, විජයබාහු වැනි නරදෙටුවන් අනුව යමින් මහින්ද රාජපක්ෂයන්ගේ නාමය ද එම ඉතිහාසය පොතේ වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කරනු නියතය.

එහෙත් මහින්ද රාජපක්ෂ යන නාමය දැන් "හිටපු ජනාධිපති" ලේඛනයට ඇතුළත්ව තිබේ. ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයට තරග කරද්දී ඔහුගේ ප්රතිවාදීවූ ඔහුගේම පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය වැඩි ඡන්දයෙන් ජය ගත්තේය. තවත් වසර දෙකක් බලයේ ඉන්නට තිබියදී තමා විසින් කැඳවූ මෙම ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, මේ අනුව ජනාධිපති අසුන මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඉකුත්දා අරලියගහ මැඳුරෙන් නික්ම ගියේය. මෙම නික්ම යැම සංවේදී මිනිසුන්ගේ දැසට කඳුළු බිඳු නැංවූ සිදුවීමක් විය. මන්ද හේ රටට සාමය උදාකර දුන් නායකයාය. නෙත් කෙවෙනි තුළ කඳුළු සඟවාගත් මිනිසුන් කීවේ "මහින්ද මහත්තයා හොඳයි. වටේ හිටපු උන් ඒ මනුස්සයා කෑවා" යනුවෙනි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිදි තමන්ට හිමි උපරිම අවස්ථා දෙකම ජනාධිපති ධුරය සඳහා භාවිත කළ අයෙකි. ඡේ. ආර්. ජයවර්ධන (වසර 11) චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (වසර 11) යන දෙදෙනාම ජනාධිපති ධුරයේ උපරිම කාලයක් හිඳ විශ්‍රාම ගියවුන්ය. ඒ අනුව බලන කල ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වීම පිළිබඳව දුක්වන්නට දෙයක් නැත. ඔහුට පාඩු වූයේ දෙවැනි ධුර කාලයේ වසර දෙකක් පමණි. එහෙත්, එම වසර දෙකක කාලය තීරණාත්මක කාලසීමාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. යම් හෙයකින් ඔහු බුද්ධිමත්ව මෙම වසර දෙක රට පාලනය කළේ නම්, තුන්වැනි වරද තමන්ගේ ජනප්‍රියත්වය උරගා බලා මෛත්‍රී පාලනයක් නොව 'සුබ අනාගතයකටම' රට ගෙන යා හැකිව තිබිණි. එහෙත් එහිදී කළ යුතුව තිබූ පරිත්‍යාග ද බොහෝ විය. අවම තරමින් මෙවර ප්‍රතිවාදියා වූ පක්ෂ මහලේකම් හා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනයන් 'අගමැති' පුටුවේ වාඩි කරන්නට හේ සමත්ව සිටියේ නම් නියත වශයෙන්ම හේ මෙවර ජනාධිපතිවරණයෙන් ද ජය ගන්නවා නියතය.

එහෙත් ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමට හෝ 'දුර බලනු' වෙනුවට ඔහු දුටුවේම 'ළඟ' පමණි. තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට 'ජ්‍යෙෂ්ඨ අමාත්‍ය' ලේබලය සහිත නාමමාත්රික අස්වැසුම් ලබාදුන් අතර ජනතා පරමාධිපත්‍යය නොසලකා විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම මගින් සැබෑම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පුටුවල ඔවුන් හිඳුවීය. මේ අවනඩුව පක්ෂය තුළ කැරැල්ලක් නිර්මාණය කරනු නොදුටු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලය භාවිත කර තමන් පොරොන්දු වූ විධායක ජනාධිපති ධුරය' අත්හැරීමට තීන්දුවක් ගන්නවා වෙනුවට තමන්ගේ තෙවැනි, සිව්වැනි කාලයක් අපේක්ෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ සඳහා උදව් උපකාර කළ මැති ඇමැතීන්ට රිසි සේ රටේ සම්පත් සූරා කන්නට ඉඩ දුන්නේය. විපක්ෂය කියන පරිදි හොර, මැර, දූෂණ, මත් කුඩු, එතනෝල් යුගයකට රට මුදාහළේය. රටේ දේශපාලන සංස්කෘතිය බිඳවැටෙන්නට පටන් ගත්තේය. මැර ඇමැතියන් පමණක් නොව උන්ගේ දරුවෝ ද මැර ක්‍රියා කරන කල්හි හේ භාවිතා කළ විධායක බලයක් හෝ සාමාන්‍ය නීතියක් ද නොවීය. මැර දේශපාලකයන් ඡන්ද ව්‍යාපාරවලට කඩාවැදී වේදිකා ගිනිබත් කර අන්‍ය පාක්ෂිකයන් වෙඩි තබා මරා දමද්දී පොලිසියට ද අසරණව බලා සිටින්නට සිදුවිය. නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට කබාය උනා තබා ගෙදර යැමට සිදුවූහ. අගවිනිසුරු පුටුවද සෙළවූ අතර, රණවිරුවකු වූ 2010 ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සිරගෙට යෑවීය. මෙවන් කටයුතු හේතුවෙන් ජනතා කළකිරීම් ඉහළ යද්දී මධ්‍යස්ථ මතධාරීහු (පාවෙන ඡන්ද) මහින්ද රාජපක්ෂයන් හැර යමින් සිටියහ.

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණය ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තෙවැනි වර තම ජනතා ජය උරගා බලන්නේ එවන් ජනතා කළකිරීම් මැදය. 2010 වසරේදී ජෙනරාල් ෙෆdන්සේකා සමඟ තරග වදිද්දී යූ. එන්. පී. යේ ඡන්ද දෙකට කඩා එක කොටසක් තමන් ලබාගත් ආකාරයෙන් මෙවර ද රනිල් වික්‍රමසිංහ හෝ මාදුළුවාවේ සෝභිත හිමි වැනි අපේක්ෂකයකු සමඟ තරග කර පහසු ජයක් ලබන්නට හිතූ ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.ප. යේම ඡන්ද දෙකට කඩා ප්‍රතිවාදී අපේක්ෂකයකුට දෙන්නට වේ යෑයි සිහිනයකින්වත් හිතුවේ නැත. 'මෛත්‍රී සමඟ' එකට ගමනක් යන බුද්ධිමත් තීරණය වෙනුවට හේ තමාගේ ප්‍රතිවාදියා ලෙස මෛත්‍රී තෝරා ගැනීම දෛවෝපගත සිදුවීමක් බවට පත්කර ගත්තේය. අවසානයේ ඔහුට ජනාධිපතිවරණයේ ජය ලබාදී හිටපු ජනාධිපතිවරුන්ගේ ලේඛනයට එකතුවන්නට මේ 'ශූර' දේශපාලනඥයාට සිදුවිය.

මෛත්‍රීට අගමැතිකම නොදීම මහින්ද රාජපක්ෂ සිදුකරගත් එකම වරද නොවේ. පෙර දැක්වූ පරිදි තම ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් දරුණු අපරාධ සිදුකරද්දී සැහැල්ලු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද ඔවුන්ගේ වංචා, දූෂණ, අක්රමිකතාවලට එරෙහිව ක්‍රියානොකිරීම ද හැරුණු විට 'පවුල්වාදය' ප්‍රතිවිරුද්ධ පිළට කතා ගොඩනගන්නට වේදිකාවක් නිර්මාණය කර දුන්නේය. ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් පමණක් නොව ජනතාව අතර ද පැතිර ගිය කතාව වූයේ 2022 දක්වා ඔහු ජනාධිපතිවරයා බවට පත්ව සිටීම යනු ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට බලයට එන්නට පාර කැපීමක් වන බවය. එවන් තත්ත්වයක් අතර අනිත් අතින් ජීවන වියදමෙන් ජනතාව හොඳටෝම බැට කෑවේය. එය මෙම මැතිවරණයේ වැදගත් තීරකයක් වූ බව නිසැකය. 2013-2014 මහ කන්නය නියඟයට ගොදුරුවීම නිසා රටේ දැවැන්ත සහල් හිඟයක් පවතින බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන නොසිටීම පුදුමයකි. ඒ පිළිබඳව ජනාධිපති උපදේශකයන් ඔහුව දැනුවත් කළේ ද නැත. සහල් මිල අහස උසට නැඟ තිබුණු නමුත්, ඒ සඳහා පියවරක් නොගත් රජය, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් වී විපක්ෂයට ගිය පසු මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදර සමාගමේ සහල් අර්බුදය වශයෙන් එය ජනතාව ඉදිරියට ගෙන ගියේය. නමුත් පොල් හා එළවළු මිලද අතිශය ඉහළ ගිය අතර 2014-2015 මහා ගංවතුර ආපදාවද මහින්ද රාජපක්ෂට හරහට සිටියේය. මෙවන් දුර්දාන්ත තත්ත්වයන් නොදකින ජ්‍යෙdතිෂකරුවන්ගේ අනාවැකි හා සුබ මුහර්තයන් ගැන පමණක් සලකා රටේ වැදගත් කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීම කෙතරම් නිශ්ඵල දැයි දැන් මහින්ද රාජපක්ෂ හොඳට තේරුම් ගෙන තිබෙන්නට පුළුවන. එහෙත් දැන් අශ්වයා පැන ගොසිනි.

ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ද එසේමය. රජය හා දේශපාලකයන් විසින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් මහින්ද රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපාරයට යෙදවුවද මෛත්‍රීපාල සිරිසේනගේ "සංවේදී" ප්රචාරක වැඩපිළිවෙළ ඒ සියල්ල යටපත් කළේය. යෝධ කටවුට්වලට වැය කරන අති විශාල මුදල් සම්භාරය දෙස බලමින් ජීවන වියදමෙන් බැට කෑ ජනතාව හූල්ලමින් කම්මුලේ අත තබා ගත්තා මිස එයින් බහුතර ජනතා විශ්වාසයක් ගොඩනැඟීම මිත්‍යාවක් බව මෙවර ජනාධිපතිවරණය ඉතා හොඳින් ප්රත්යක්ෂ කළේය. කොළඹ නගරය ඇතුළු සෑම නගරයක්, ගමක්, 'ලයිට් කණුවක්' පාසා ඇලවුණු හිටපු ජනාධිපතිවරයාගේ යෝධ කටවුට් තොරණ, බැනර් සංස්කෘතිය මුදල් කා දමන ප්රචාරක ව්‍යාපාරයක් වූ අතර ඒ සඳහා 'ජනතා මනාපයට' වඩා ලැබුණේ 'අමනාපයකි'. හිටපු ජනාධිපතිවරයා විසින් ළදරුවන් වඩාගැනීම ළඟන්නාසුළු කටයුත්තක් වුවත් එම දරුවන්ගේ මවුවරුන් පියවරුන්ගේ පපු තුළ ඇවිළෙන ජීවන වියදම, විරැකියාව, ආර්ථික අගහිඟකම් නමැති ගින්දරට ඔහුගෙන් ලැබුණු පිළිසරණක් නොවීය.

මේ සියල්ලත් සමඟින් සලකා බැලූ කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය පුරාවටම තිබුණේ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කරන 'කුණු රසයට' මුල් තැන දුන් ව්‍යාපාරයක් වශයෙනි. 2010 සිට 2015 දක්වා කාලයේදී 'මඩ දේශපාලන සංස්කෘතියක්' දක්වා ඔහුගේ දේශපාලන ප්රචාරක ව්‍යාපාරය පරිවර්තනය වී තිබූ අතර ප්රචාරක ව්‍යාපාරය භාරගෙන සිටි වේදිකා කථිකයෝ ද එය මනාවට ඉටු කළෝය. හුදෙක් කටමැත දොඩවන 'වාචාලයන්' පිරිසක් ප්‍රචාරණයට යොදවා ගැනීම සියතින් ගෙල සිඳ ගැනීමක් විය. මහත්මා දේශපාලකයන් වේදිකාවෙන් හා ප්රවෘත්ති සාකච්ඡාවලින් සඟවා දැමූ අතර එහාට මෙහාට දේශපාලන කරණම් ගහමින් ඉතා කෙටි කලක් තුළ ජනතා අප්‍රසාදයට ලක් වූ විපක්ෂයෙන් පැමිණි පිරිස මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එළවා දමන තැනට හරි අපූරුවට ප්රචාරක කටයුතු මෙහෙය වූහ. එය ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටසක් දැයි නොදනී. ඉතා පැහැදිලිවම මෙම ප්රචාරක පිරිස් හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රමාණය විනාශ කර දැමූහ. මෙහි වාසිය ගත් මෛත්‍රී කණ්ඩායම අපූරු නිර්මාණශීලී පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් කලාවකට මුල පිරුවේය. ජීවන වියදම, දූෂණ, අක්‍රමිකතා පිළිබඳව සැකසුණු නිර්මාණශීලී දැන්වීම් ජනතා හදවත් තුළට කාවැදුණේය. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ප්රචාරක අංශය එය හරි අපූරුවට ඉටුකර තිබිණි.

එසේම, 'මෛත්‍රී පාලනයක්' 'රටකට ඕනෑ මෛත්‍රී යුගයක්' වැනි සංවේදී ජනමනස අවදි කරන තේමා පාඨ සහ තේමා සංගීත ජනතාවගේ හිත්වලට කාවැදුණු කුඩා, සියුම් එහෙත් නිර්මාණශීලී ප්‍රචාරයන් වූ අතර විශේෂයෙන්ම ෆේස්බුක්' හා අන්තර්ජාලය ඔසේ තරුණ හිත් තුළට ඇතුළු කරන්නට මෛත්‍රී ප්‍රචාරකයෝ සමත් වූහ. අත්තනගල්ලේ, මහර වැනි තැන්වල ඉදිවුණු ලක්ෂ 30 - 40 වැය කර තැනූ මහින්ද රාජපක්ෂගේ අඩි 100 ක් පමණ උස යෝධ කටවුට් එකකට වඩා මෙවන් පුංචි පාඨයක් දසදහස් ගුණයකින් මෛත්‍රීට ඡන්ද හැදීම සඳහා ප්‍රතිඵලදායක විය. එවන් සංවේදී දැ තරුණ නිල් බළකාය ඇතුළු ආණ්ඩුවේ ප්‍රචාරකයෝ කල්පනා නොකළහ. ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන් එම රූපවාහිනී මාධ්‍ය දෙක සහ පුවත්පත් සමූහය පක්ෂග්රාහී ආකාරයට මෛත්‍රීපාල සිරිසේනයන්ගේ චරිතය ඝාතනයට යොදා ගත්හ. ජයග්රහණයෙන් පසු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේම දෙමළ ජාතික සන්ධානය උපක්රමශීලීව පාලනයට හවුල්කර ගන්නවා වෙනුවට දිගින් දිගටම ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ලේබලය අලවන්නට වේදිකා හා රූපවාහිනී කථිකයෝ ක්‍රියා කළහ. ඇතැම් විට මුස්ලිම්වරුන්ගේ ඡන්ද මෛත්‍රී පිළට ලැබුණේ 'බොදුබල සේනාව' වැනි අන්තගාමී බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂට "ප්‍රසිද්ධියේ" සහාය දැක්වූ නිසා විය යුතුය. මේ සියල්ලක් මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු විය. එහෙත් ඔහු වටා සිටි පිරිස් හා උපදේශකයන් මේ තත්ත්වය හඳුනා ගත්තේ වත් ඔහුට තේරුම් කර දුන්නේවත් නැත. සියල්ලක්ම බලය හා ධනය මගින් කළ හැකි බව තීරණය කිරීම මහින්ද රාජපක්ෂට වැරදුණු තැනය. උපායශීලී බව හා නිර්මාණශීලී බව ඔහු නොසැලකුව ද එය මෛත්‍රී කණ්ඩායම අපුරුවට ග්‍රහණය කර ගත්තේය. දැන් සියල්ල සිදුවී අවසානය. නමුත් මෙවන් කටයුතු දේශපාලනයේ යෙදෙන කාට කාටත් හොඳ පාඩම්ය. මේ මැතිවරණය ඒ පාඩම් සියල්ලම කියා දුන් එකකි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අමතක කළ යුතු පුද්ගලයකු නොවේ.

ඔහු රට බේරා ගත් රටට සාමය ගෙනා නායකයාය. දුටුගැමුණු පරපුරේ වීරයෙකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ බව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට සපත කළේය. එසේ හෙයින් ඔහුගේ ක්‍රියාකාරිත්වය ද ප්‍රයෝජනයට ගනිමින් හා මැතිවරණයේදී ජනතාව කියා දුන් පාඩම් ද සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව ක්‍රියාකිරීම රටේ අනාගතයට වැඩදායකය. නැතහොත් සිදුවන්නේ මහින්දට වැරදුණේ කොතැන ද නොව රටට වැරදුණේ කොතැන ද යන්න අපට ප්‍රශ්න කිරීමටය.

[QUOTE="bravehearts, post: 17730356, member: 513648"] [SIZE="3"][COLOR="Purple"]වැරදුණේ කොතැනද? (දිවයින පත්තරයෙනි) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් ලෙහෙසියෙන්, පහසුවෙන් අමතක කර දැමිය හැකි නායකයකු නොවේ. ඔහු මෙරට ජනයා අතර සදානුස්මරණ නායකයෙකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා එම ත්‍රස්ත නායකයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළ නායකයා ඔහුය. එනම්, පරසතුරන්ට මේ රට යටත් වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව නැඟී සිටිමින් එම සතුරු බලය පරදවාලූ දුටුගැමුණු මහා පරාක්‍රමබාහු, විජයබාහු වැනි නරදෙටුවන් අනුව යමින් මහින්ද රාජපක්ෂයන්ගේ නාමය ද එම ඉතිහාසය පොතේ වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කරනු නියතය. එහෙත් මහින්ද රාජපක්ෂ යන නාමය දැන් "හිටපු ජනාධිපති" ලේඛනයට ඇතුළත්ව තිබේ. ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයට තරග කරද්දී ඔහුගේ ප්රතිවාදීවූ ඔහුගේම පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය වැඩි ඡන්දයෙන් ජය ගත්තේය. තවත් වසර දෙකක් බලයේ ඉන්නට තිබියදී තමා විසින් කැඳවූ මෙම ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, මේ අනුව ජනාධිපති අසුන මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඉකුත්දා අරලියගහ මැඳුරෙන් නික්ම ගියේය. මෙම නික්ම යැම සංවේදී මිනිසුන්ගේ දැසට කඳුළු බිඳු නැංවූ සිදුවීමක් විය. මන්ද හේ රටට සාමය උදාකර දුන් නායකයාය. නෙත් කෙවෙනි තුළ කඳුළු සඟවාගත් මිනිසුන් කීවේ "මහින්ද මහත්තයා හොඳයි. වටේ හිටපු උන් ඒ මනුස්සයා කෑවා" යනුවෙනි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිදි තමන්ට හිමි උපරිම අවස්ථා දෙකම ජනාධිපති ධුරය සඳහා භාවිත කළ අයෙකි. ඡේ. ආර්. ජයවර්ධන (වසර 11) චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (වසර 11) යන දෙදෙනාම ජනාධිපති ධුරයේ උපරිම කාලයක් හිඳ විශ්‍රාම ගියවුන්ය. ඒ අනුව බලන කල ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වීම පිළිබඳව දුක්වන්නට දෙයක් නැත. ඔහුට පාඩු වූයේ දෙවැනි ධුර කාලයේ වසර දෙකක් පමණි. එහෙත්, එම වසර දෙකක කාලය තීරණාත්මක කාලසීමාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. යම් හෙයකින් ඔහු බුද්ධිමත්ව මෙම වසර දෙක රට පාලනය කළේ නම්, තුන්වැනි වරද තමන්ගේ ජනප්‍රියත්වය උරගා බලා මෛත්‍රී පාලනයක් නොව 'සුබ අනාගතයකටම' රට ගෙන යා හැකිව තිබිණි. එහෙත් එහිදී කළ යුතුව තිබූ පරිත්‍යාග ද බොහෝ විය. අවම තරමින් මෙවර ප්‍රතිවාදියා වූ පක්ෂ මහලේකම් හා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනයන් 'අගමැති' පුටුවේ වාඩි කරන්නට හේ සමත්ව සිටියේ නම් නියත වශයෙන්ම හේ මෙවර ජනාධිපතිවරණයෙන් ද ජය ගන්නවා නියතය. එහෙත් ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමට හෝ 'දුර බලනු' වෙනුවට ඔහු දුටුවේම 'ළඟ' පමණි. තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට 'ජ්‍යෙෂ්ඨ අමාත්‍ය' ලේබලය සහිත නාමමාත්රික අස්වැසුම් ලබාදුන් අතර ජනතා පරමාධිපත්‍යය නොසලකා විපක්ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම මගින් සැබෑම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පුටුවල ඔවුන් හිඳුවීය. මේ අවනඩුව පක්ෂය තුළ කැරැල්ලක් නිර්මාණය කරනු නොදුටු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලය භාවිත කර තමන් පොරොන්දු වූ විධායක ජනාධිපති ධුරය' අත්හැරීමට තීන්දුවක් ගන්නවා වෙනුවට තමන්ගේ තෙවැනි, සිව්වැනි කාලයක් අපේක්ෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ සඳහා උදව් උපකාර කළ මැති ඇමැතීන්ට රිසි සේ රටේ සම්පත් සූරා කන්නට ඉඩ දුන්නේය. විපක්ෂය කියන පරිදි හොර, මැර, දූෂණ, මත් කුඩු, එතනෝල් යුගයකට රට මුදාහළේය. රටේ දේශපාලන සංස්කෘතිය බිඳවැටෙන්නට පටන් ගත්තේය. මැර ඇමැතියන් පමණක් නොව උන්ගේ දරුවෝ ද මැර ක්‍රියා කරන කල්හි හේ භාවිතා කළ විධායක බලයක් හෝ සාමාන්‍ය නීතියක් ද නොවීය. මැර දේශපාලකයන් ඡන්ද ව්‍යාපාරවලට කඩාවැදී වේදිකා ගිනිබත් කර අන්‍ය පාක්ෂිකයන් වෙඩි තබා මරා දමද්දී පොලිසියට ද අසරණව බලා සිටින්නට සිදුවිය. නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට කබාය උනා තබා ගෙදර යැමට සිදුවූහ. අගවිනිසුරු පුටුවද සෙළවූ අතර, රණවිරුවකු වූ 2010 ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සිරගෙට යෑවීය. මෙවන් කටයුතු හේතුවෙන් ජනතා කළකිරීම් ඉහළ යද්දී මධ්‍යස්ථ මතධාරීහු (පාවෙන ඡන්ද) මහින්ද රාජපක්ෂයන් හැර යමින් සිටියහ. ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණය ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තෙවැනි වර තම ජනතා ජය උරගා බලන්නේ එවන් ජනතා කළකිරීම් මැදය. 2010 වසරේදී ජෙනරාල් ෙෆdන්සේකා සමඟ තරග වදිද්දී යූ. එන්. පී. යේ ඡන්ද දෙකට කඩා එක කොටසක් තමන් ලබාගත් ආකාරයෙන් මෙවර ද රනිල් වික්‍රමසිංහ හෝ මාදුළුවාවේ සෝභිත හිමි වැනි අපේක්ෂකයකු සමඟ තරග කර පහසු ජයක් ලබන්නට හිතූ ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.ප. යේම ඡන්ද දෙකට කඩා ප්‍රතිවාදී අපේක්ෂකයකුට දෙන්නට වේ යෑයි සිහිනයකින්වත් හිතුවේ නැත. 'මෛත්‍රී සමඟ' එකට ගමනක් යන බුද්ධිමත් තීරණය වෙනුවට හේ තමාගේ ප්‍රතිවාදියා ලෙස මෛත්‍රී තෝරා ගැනීම දෛවෝපගත සිදුවීමක් බවට පත්කර ගත්තේය. අවසානයේ ඔහුට ජනාධිපතිවරණයේ ජය ලබාදී හිටපු ජනාධිපතිවරුන්ගේ ලේඛනයට එකතුවන්නට මේ 'ශූර' දේශපාලනඥයාට සිදුවිය. මෛත්‍රීට අගමැතිකම නොදීම මහින්ද රාජපක්ෂ සිදුකරගත් එකම වරද නොවේ. පෙර දැක්වූ පරිදි තම ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් දරුණු අපරාධ සිදුකරද්දී සැහැල්ලු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද ඔවුන්ගේ වංචා, දූෂණ, අක්රමිකතාවලට එරෙහිව ක්‍රියානොකිරීම ද හැරුණු විට 'පවුල්වාදය' ප්‍රතිවිරුද්ධ පිළට කතා ගොඩනගන්නට වේදිකාවක් නිර්මාණය කර දුන්නේය. ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් පමණක් නොව ජනතාව අතර ද පැතිර ගිය කතාව වූයේ 2022 දක්වා ඔහු ජනාධිපතිවරයා බවට පත්ව සිටීම යනු ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට බලයට එන්නට පාර කැපීමක් වන බවය. එවන් තත්ත්වයක් අතර අනිත් අතින් ජීවන වියදමෙන් ජනතාව හොඳටෝම බැට කෑවේය. එය මෙම මැතිවරණයේ වැදගත් තීරකයක් වූ බව නිසැකය. 2013-2014 මහ කන්නය නියඟයට ගොදුරුවීම නිසා රටේ දැවැන්ත සහල් හිඟයක් පවතින බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන නොසිටීම පුදුමයකි. ඒ පිළිබඳව ජනාධිපති උපදේශකයන් ඔහුව දැනුවත් කළේ ද නැත. සහල් මිල අහස උසට නැඟ තිබුණු නමුත්, ඒ සඳහා පියවරක් නොගත් රජය, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් වී විපක්ෂයට ගිය පසු මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදර සමාගමේ සහල් අර්බුදය වශයෙන් එය ජනතාව ඉදිරියට ගෙන ගියේය. නමුත් පොල් හා එළවළු මිලද අතිශය ඉහළ ගිය අතර 2014-2015 මහා ගංවතුර ආපදාවද මහින්ද රාජපක්ෂට හරහට සිටියේය. මෙවන් දුර්දාන්ත තත්ත්වයන් නොදකින ජ්‍යෙdතිෂකරුවන්ගේ අනාවැකි හා සුබ මුහර්තයන් ගැන පමණක් සලකා රටේ වැදගත් කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීම කෙතරම් නිශ්ඵල දැයි දැන් මහින්ද රාජපක්ෂ හොඳට තේරුම් ගෙන තිබෙන්නට පුළුවන. එහෙත් දැන් අශ්වයා පැන ගොසිනි. ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ද එසේමය. රජය හා දේශපාලකයන් විසින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් මහින්ද රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපාරයට යෙදවුවද මෛත්‍රීපාල සිරිසේනගේ "සංවේදී" ප්රචාරක වැඩපිළිවෙළ ඒ සියල්ල යටපත් කළේය. යෝධ කටවුට්වලට වැය කරන අති විශාල මුදල් සම්භාරය දෙස බලමින් ජීවන වියදමෙන් බැට කෑ ජනතාව හූල්ලමින් කම්මුලේ අත තබා ගත්තා මිස එයින් බහුතර ජනතා විශ්වාසයක් ගොඩනැඟීම මිත්‍යාවක් බව මෙවර ජනාධිපතිවරණය ඉතා හොඳින් ප්රත්යක්ෂ කළේය. කොළඹ නගරය ඇතුළු සෑම නගරයක්, ගමක්, 'ලයිට් කණුවක්' පාසා ඇලවුණු හිටපු ජනාධිපතිවරයාගේ යෝධ කටවුට් තොරණ, බැනර් සංස්කෘතිය මුදල් කා දමන ප්රචාරක ව්‍යාපාරයක් වූ අතර ඒ සඳහා 'ජනතා මනාපයට' වඩා ලැබුණේ 'අමනාපයකි'. හිටපු ජනාධිපතිවරයා විසින් ළදරුවන් වඩාගැනීම ළඟන්නාසුළු කටයුත්තක් වුවත් එම දරුවන්ගේ මවුවරුන් පියවරුන්ගේ පපු තුළ ඇවිළෙන ජීවන වියදම, විරැකියාව, ආර්ථික අගහිඟකම් නමැති ගින්දරට ඔහුගෙන් ලැබුණු පිළිසරණක් නොවීය. මේ සියල්ලත් සමඟින් සලකා බැලූ කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය පුරාවටම තිබුණේ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කරන 'කුණු රසයට' මුල් තැන දුන් ව්‍යාපාරයක් වශයෙනි. 2010 සිට 2015 දක්වා කාලයේදී 'මඩ දේශපාලන සංස්කෘතියක්' දක්වා ඔහුගේ දේශපාලන ප්රචාරක ව්‍යාපාරය පරිවර්තනය වී තිබූ අතර ප්රචාරක ව්‍යාපාරය භාරගෙන සිටි වේදිකා කථිකයෝ ද එය මනාවට ඉටු කළෝය. හුදෙක් කටමැත දොඩවන 'වාචාලයන්' පිරිසක් ප්‍රචාරණයට යොදවා ගැනීම සියතින් ගෙල සිඳ ගැනීමක් විය. මහත්මා දේශපාලකයන් වේදිකාවෙන් හා ප්රවෘත්ති සාකච්ඡාවලින් සඟවා දැමූ අතර එහාට මෙහාට දේශපාලන කරණම් ගහමින් ඉතා කෙටි කලක් තුළ ජනතා අප්‍රසාදයට ලක් වූ විපක්ෂයෙන් පැමිණි පිරිස මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එළවා දමන තැනට හරි අපූරුවට ප්රචාරක කටයුතු මෙහෙය වූහ. එය ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටසක් දැයි නොදනී. ඉතා පැහැදිලිවම මෙම ප්රචාරක පිරිස් හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රමාණය විනාශ කර දැමූහ. මෙහි වාසිය ගත් මෛත්‍රී කණ්ඩායම අපූරු නිර්මාණශීලී පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් කලාවකට මුල පිරුවේය. ජීවන වියදම, දූෂණ, අක්‍රමිකතා පිළිබඳව සැකසුණු නිර්මාණශීලී දැන්වීම් ජනතා හදවත් තුළට කාවැදුණේය. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ප්රචාරක අංශය එය හරි අපූරුවට ඉටුකර තිබිණි. එසේම, 'මෛත්‍රී පාලනයක්' 'රටකට ඕනෑ මෛත්‍රී යුගයක්' වැනි සංවේදී ජනමනස අවදි කරන තේමා පාඨ සහ තේමා සංගීත ජනතාවගේ හිත්වලට කාවැදුණු කුඩා, සියුම් එහෙත් නිර්මාණශීලී ප්‍රචාරයන් වූ අතර විශේෂයෙන්ම ෆේස්බුක්' හා අන්තර්ජාලය ඔසේ තරුණ හිත් තුළට ඇතුළු කරන්නට මෛත්‍රී ප්‍රචාරකයෝ සමත් වූහ. අත්තනගල්ලේ, මහර වැනි තැන්වල ඉදිවුණු ලක්ෂ 30 - 40 වැය කර තැනූ මහින්ද රාජපක්ෂගේ අඩි 100 ක් පමණ උස යෝධ කටවුට් එකකට වඩා මෙවන් පුංචි පාඨයක් දසදහස් ගුණයකින් මෛත්‍රීට ඡන්ද හැදීම සඳහා ප්‍රතිඵලදායක විය. එවන් සංවේදී දැ තරුණ නිල් බළකාය ඇතුළු ආණ්ඩුවේ ප්‍රචාරකයෝ කල්පනා නොකළහ. ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන් එම රූපවාහිනී මාධ්‍ය දෙක සහ පුවත්පත් සමූහය පක්ෂග්රාහී ආකාරයට මෛත්‍රීපාල සිරිසේනයන්ගේ චරිතය ඝාතනයට යොදා ගත්හ. ජයග්රහණයෙන් පසු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේම දෙමළ ජාතික සන්ධානය උපක්රමශීලීව පාලනයට හවුල්කර ගන්නවා වෙනුවට දිගින් දිගටම ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ලේබලය අලවන්නට වේදිකා හා රූපවාහිනී කථිකයෝ ක්‍රියා කළහ. ඇතැම් විට මුස්ලිම්වරුන්ගේ ඡන්ද මෛත්‍රී පිළට ලැබුණේ 'බොදුබල සේනාව' වැනි අන්තගාමී බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂට "ප්‍රසිද්ධියේ" සහාය දැක්වූ නිසා විය යුතුය. මේ සියල්ලක් මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු විය. එහෙත් ඔහු වටා සිටි පිරිස් හා උපදේශකයන් මේ තත්ත්වය හඳුනා ගත්තේ වත් ඔහුට තේරුම් කර දුන්නේවත් නැත. සියල්ලක්ම බලය හා ධනය මගින් කළ හැකි බව තීරණය කිරීම මහින්ද රාජපක්ෂට වැරදුණු තැනය. උපායශීලී බව හා නිර්මාණශීලී බව ඔහු නොසැලකුව ද එය මෛත්‍රී කණ්ඩායම අපුරුවට ග්‍රහණය කර ගත්තේය. දැන් සියල්ල සිදුවී අවසානය. නමුත් මෙවන් කටයුතු දේශපාලනයේ යෙදෙන කාට කාටත් හොඳ පාඩම්ය. මේ මැතිවරණය ඒ පාඩම් සියල්ලම කියා දුන් එකකි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අමතක කළ යුතු පුද්ගලයකු නොවේ. ඔහු රට බේරා ගත් රටට සාමය ගෙනා නායකයාය. දුටුගැමුණු පරපුරේ වීරයෙකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ බව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට සපත කළේය. එසේ හෙයින් ඔහුගේ ක්‍රියාකාරිත්වය ද ප්‍රයෝජනයට ගනිමින් හා මැතිවරණයේදී ජනතාව කියා දුන් පාඩම් ද සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව ක්‍රියාකිරීම රටේ අනාගතයට වැඩදායකය. නැතහොත් සිදුවන්නේ මහින්දට වැරදුණේ කොතැන ද නොව රටට වැරදුණේ කොතැන ද යන්න අපට ප්‍රශ්න කිරීමටය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom