දුක යනු........!!!

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක ලියන්න පටන් ගන්නේ කොහොමද කියලා ටිකක් වෙලා හිතන්න උනා නොලියම්දෝ කියලා හිතුනත් අන්තිමේ ලියන එක වඩාත් හොදයි කියා හැගුන හෙයින් බුද්දිමත් එලකිරියන්ට ලියමි.

    ඉදිරියට යන්න පෙර කාරණා 3ක් ඉල්ලීමට තිබේ (කලින් තිබ්බේ 2යි පසුවයි 3 එක දැම්මේ)

    1. කරුණාකර මඩ හා චරිත ගාතන වලට මෙය යොදා නොගන්න

    2. ඔහේ වෙන නුලක් උඩින්පල්ලෙන් කියවලා තමන්ගේ අදහස් දාන්නේ නැතුව ඔක්කොම කියවන්න (කාගෙවත් පැත්තකට ඇදිල්ලක් නෙවේ මන් කරන්නේ හැමෝටම හොදක් කරගන්නයි)

    3. මේක ලියලා තියෙන්නේ "reputation" ගන්න නෙවෙයි, නිකම්ම "bump" දාගෙන යන්නත් නෙවේ කරුණාකර මේකේ හරය තේරුම් ගන්න එක අනුව කරන්න පුළුවන් පොඩි දෙයක් හරි කරන්න
    [මම ලියලා තියෙන හින්දා වැඩිය බලන්නේ නැත්නම් මෛත්‍රී පිලේ මුල ඉදන් හිටිය එළකිරියේ scenior කෙනෙක් මේකේ දේවලුත් අරන් ඕන නම් මහින්දට තව වැඩිපුරත් බැනලා තව නුලක් දාලා මේකේ හරයෙන් කියවෙන දේ කරගන්න බලන්න]



    සැ යු :මේ නුල සදහා 95% යොදා ගත්තේ එලකිරියේම නුල් බවම සලකන්න (සියලු නුල් වලින් අදහස් ගෙන කතාවක් ගොතන නිසා මේ නුල් වල කතෘ අයිතිය ඇති අය විරුද්ද නොවේ යැයි උපකල්පනය කලෙමි.

    p.S. වෙන අයගේ නුල් වල තියෙන ඒවා අයින් කරලා ලින්ක් එක විතරක් දාන්න මේ නුල පොඩි කරගන්න කියල ඉල්ලීමක් තිබ්බ එක නිසා සමහර රුප අයින් කල බව කරුණාවෙන් සලකන්න. ඒවා මුල් ලිපි වල පවතී අවශ්‍ය වේ නම් කරුණාකර ලින්ක් එකට ගොස් ඒවා බලන්න )

    මම චන්දේ දැම්මේ මහින්දට උනාට(මගේ මතය මෙහෙම උන එක ගැන හේතු මතු දැක්වේ) විරුද්ද පාක්ෂිකයෝ පහත ඉදිරිපත් කර තිබෙන වැඩ පිළිවෙලේ සාදණිය කරුණු තියෙනවා පොදුවේ ලංකික ජනයට යහපතක් වෙන හැබැයි මේක දැනටමත් රතු වෙන්න අරන් 1වෙනි එක නම් එලටම කළා අනවශ්‍ය වියදම් කැපීම ඇති විශිෂ්ටයි ඒ එක්කම වැඩකරනකොට පිළිවෙලත් අවශ්‍යමයි එකත් මතක තියා ගන්න(මේ ගැනත් නුලක් ගියා කියවලා බලන්න මට හොයා ගන්න බැරිඋනා) මෙන්න පසුව හම්බුනා මන් ලියපු එක අන්තිමට වගේ ඇති

    (http://www.elakiri.com/forum/showthread.php?t=1654764&page=12)

    ම්හ්හ් මන් කියාගෙන ආවේ මේක රතු වෙන්න නොදී ගෙනියන්න මෛත්‍රී පිලේ යට වැඩි වගකීමක් තියෙනවා මහින්දගේ පිලේ හිටියත් මාත් හොද දේ සදහා පෙනී ඉන්නවා මන් දැක්කා සමහරු කියල තියෙනවා 75%ක් වත් උනොත් හොදයි කියලා එහෙම නම් මහින්දත් පොරොන්දු ගොඩක් ඉටු කරලා ඇති හැබැයි හොදම දේවල් මග ඇරියා විදායක ජනාදිපති දුරය එයින් එකක් මෛත්‍රීත් පොඩි පොඩි ඒවා කරලා හොදම ටික අතහැරියොත් ඒ ටික අර ඉතුරු 25% ට වැටුනොත් මොකද කරන්නේ ? මහින්දව එලවන්න විතරක්නම් ඔබ සමාජ ජාලා භාවිතා කරේ මේවා ගණන් නොගෙන ඉන්න

    (අපේ රටට කැබිනට් ඇමතිවරු 25ක් ඇති ඒක දිස්ත්‍රික්ක 25ට බෙදෙනවා නම් තවත් හොදයි {ඇමති තනතුරු හා විෂයන් පිළිබද ජාතික ප්‍රතිපත්තියක් guidlines සාදනු ලැබේ} නියෝජ්‍ය ඇමතිවරු 50ක් [ජනගහනය වැඩිම දිස්ත්‍රික්ක 10ට 3න ගානේ 30යි ඊළගට වැඩි දිස්ත්‍රික්ක 5ට 2ක ගානේ 10යි ඉතිරි දිස්ත්‍රික්ක 15ට එක ගානේ 15යි] - මේක මගේ අදහසක් හොදේ)

    http://100days.lk/

    p.s. ඉහත රූපය මං ගත්ත වෙලාවේ තිබ්බ එක දැන් නම් වෙනස් වෙලා (පින්තුරය ඉවත් කලා වැඩි විස්තර සදහා ලින්කුව වෙත යන්න)

    ඊළගට මේක

    (http://www.elakiri.com/forum/showthread.php?t=1655292)

    [/QUOTE]

    බලන්න මෙතැනදී එක මිනිහෙක් කියනවා මරල හරි ගන්න එපැයි කියලා එතකොට මහින්ද කියන්නේ එහෙම බෑ රටේ ප්‍රජාචන්ත්රවාදය තියෙන්න ඕනේ කියලා මෙන්න මේ වගේ එවුනුත් ඉන්නවා ඔය හැම දේශපාලකයා ගාවම මු නම් මෝඩයෙක් කියමුකෝ හැබැයි භයානක දේ තමා සමහර උගත්තු ඉන්නවා මේ වගේ අදහස් දරණ උන් වටකරගත්තොත් බඩුම තමා

    මේ නුලේ ගොඩක් අය මහින්දට බැනල තිබ්බා බල ලෝබියා කියලා

    * මන් අහන්නේ දේශපාලනයේ බල ලොබියෝ නොවන කෙනෙක් පෙන්නපන්කෝ බලන්න
    + රනිල් තමන්ගේ පක්ෂේ ඇතුලේ නායකකම රැකගන්න දුන්න ගේම දැක්කනේ
    + චන්ද්‍රිකාට පොදු අපේක්ෂක කම ගන්න පුළුවන් උනා නම් නොගෙන ඉදිවී කියන අය ඉන්නවද ?
    + මෛත්‍රීට අගමැතිකම දුන්න නම් මෙහෙම එයිද ?
    + වැඩිය ඕනේ නෑ දැන් සන්දානේ සෙට් එක පනින පැනිල්ල දැක්කම ඔයාලට හිතෙන්නේ ජනතාව කෙරේ හදපත්ලෙන් උපං පහන් සංවේගෙන් පනිනවා කියලද ? තිස්ස අත්තනායක,kp මෛත්‍රීට නොයයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කව්රු හරි ඉන්නවද ?
    + මේවා වෙන විදිය වැරදි කියල චම්පික එලියට යයිද ?
    + දේශපාලකයන්ගේ රක්ෂාව තමා දේශපාලනය කියන්නේ

    ඊළගට මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1655344

    bb.jpg


    *මේ අපේ ජනතාවාදී නායකයෝ. මහින්දට දැන්වත් තේරෙනවද දන්නේ නෑ මිනිස්සු bazilට අකමැත්තෙන් හිටියේ ඇයි කියලා

    *කෙනෙක් කියන්න පුළුවන් බොරු චෝදනා හොරකම් ඉදිරිපත් කරලා හිරේ දන්නා ඉඩ තිබුන නිසා ගියා කියලා හොදයි ඒක එහෙමයි කියමුකෝ නමුත් bazilට හයියක් තිබ්බේ නෑ හිරේ ගිහින් හරි ඒ චෝදනා බොරු කියල ඔප්පු කරන්න එහෙම නැත්නම් තමන් කරපු වැරැද්දට දඩුවමක් විදින්න

    *ෆොන්සේකාට ඒ හයිය තිබ්බා (මහින්දටත් ඒ හයිය තිබ්බා මහින්දත් හිරේ ගිහින් ආව කෙනෙක්නෙ)

    *bazil දැන් ඔප්පු කරලා ඉවරයි මිනිහ හොරෙක් කියලා, සමහරවිට අයෙත් මහින්ද දිනාගෙන අවොත් එයි මොනවා හරි ගොතාගෙන මිනිස්සු අන්දවන්න(මර්වින් බන කියපු හැටි දැක්කනේ)

    *bazil ගේ වැරදි වලට මහින්දට බැන්නට මන් මොකුත් කියන්නේ නෑ ඒ විවේචනය සාදාරනයි හැබැයි එහෙම විවේචනය කරන අය තවක්කාල් ගනුදෙනුව කරපු චන්ද්‍රිකා, සතොස හොරා කෑව රවී, ගෙදරත් lift හයි කරපු මංගලලා ගැනත් කථා කරන්න(තව බොහෝ හොරු ඇති) මේවා නවතන විදියේ ක්‍රමවේදයක් (දැනට මෛත්‍රී කරන්න ඉන්නේ) ක්‍රියාවට නගමු[මහින්දට චන්දෙ දුන්නත් මාත් සපෝර්ට් එහෙම එකකට]

    ඊළගට මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1655341



    චන්ද්‍රිකා ගැන මගේ හොද ආකල්පයක් නැතත් (මැය විජයව බැන්දේ ප්‍රසිද්දිය උදෙසයි මේ පැලැන්තියේ අය හිතන් ඉන්නේ රටක් සාමාන්‍ය ග්‍රාමීය මිනිස්සුන්ගෙන් පාලනය වෙන එක මෙයාලට මදිකමක් විදියට unp එකේ සජිත්ට තියෙන කැපිල්ලටත් එක හේතුවක් ඒක) SB කතා කරන විදිය අන්තිම කැතයි (SB ත් හිටපු හොරෙක්-චන්ද්‍රිකා,රනිල්,මහින්ද ආණ්ඩු 3ම)

    කතාව ඕක නෙවේ මේ video එකේ ඉන්න/නෝයින හැම දේශපාලකයෙක්ගෙම දිවවල් 2ක් තියෙනවද කොහෙද එක්කෝ මේ දිවවල් වලට ජිම්නාස්ටික් පුහුණුවක් දීල තියෙනවද කොහෙද නැත්නම් මේ කිව්ව දේවල් ඊට ටික වෙලාවකට පස්සේ වෙනස් විදියට කියන්නේ කොහොමද ?

    රාජිත මහින්ද ගැන කියපුවා චන්ද්‍රිකා ගැන කියපුවා රනිල් ගැන කියපුවා හැටියට හෙට මෛත්‍රී ගැන කිව්වොත් අපි විශ්වාස කරන්න ඕනේ මොකද්ද ?
    පාඨලී මුස්ලිම් අන්තවාදය ගැන කියපු video එක මගේ ලැපේ save කරන් ඉන්නේ එකේ කියවෙන ඒවා අනුව හකීම් එක්ක ලගින් ඉදගන්නේ කොහොමද කියලා හිතෙනවා ඒක හෙන දිග video එකක් මෙන්න ලින්ක් එක
    https://www.youtube.com/watch?v=Ua9Wt8_ZMoI



    මේ ටිකත් බලන්නකෝ (නුලේ තියෙන්නේ පිටු දෙකයි දෙකම හොදට බලන්න)

    http://www.elakiri.com/forum/showthread.php?t=1653698

    ඊළගට මේවා ***

    පහත වැරදි මහින්ද කරා ඒක නිසා ඔහුට ප්‍රතිවිපාක විදින්න උනා හැබැයි මේ දේවල්ම මෛත්‍රී කරොත් ? මම දන්නවා උදේ එළිවෙනකොට වෙනසක් කරන්න බැරි බව මතකද මහින්දත් මුලදී හොදට හිටියා පොඩි පොඩි වැරදි කරත් මිනිස්සු ඒවා ලොකුවට ගණන් ගත්තේ නෑ ඒ කාලේ මිනිස්සු ඒවා සදාරණිය කලේ අපෝ මිට කලින් ආණ්ඩුව කලේ මේ වගේ වැරදිද කියමින්. අන්තිමට පොඩි දේවල් ලොකු උනේ කාටත් හොරෙන්.

    මම මේ පොඩි දෙයක් අල්ලාගෙන දොඩවනවා කියලා හිතන්න එපා ලංකාවේ පුරවැසියෝ ඔක්කොටම මේ වෙලාවේ හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒක මම පැහැදිලි කරන්නම්

    මෛත්‍රී හා මහින්ද අතර ලොකු චන්ද පරතරයක් නැති කම මේක නිසා දින 100කින් ඊලග මහ මැතිවරණ චන්දෙදී දැනට ඉන්න ආණ්ඩුවට බලය ගන්න නම් එක්කෝ මහින්දව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න ඕන (මේක දැනට ආරම්භ කර අවසන්) හැබැයි මේකෙන් ජනයාට වෙන සෙතක් නෑ හොරුන්ට දඩුවම් ලැබුන කියන චිත්ත ප්‍රීතිය ඇරෙන්න. අනික නම් මේ සාදණිය වැඩපිළිවෙල හරියටම පොරොන්දු උන පරිදිම ඉටු කිරීම මෙන්න මේක නම් ජනතාව පැත්තෙන් හොදයි හැබැයි මෛත්‍රී පාක්ෂිකයෝ ජනාධිපතිවරණයට වැඩ කළාටත් වඩා වැඩියෙන් මේක සදහා වැඩ කරන්න වෙයි ජනමාද්‍ය හා අන්තර්ජාලයට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

    *** අද දිනමිණ http://www.elakiri.com/forum/showthread.php?t=1655348

    මන් ITN, ජාතික ප්‍රව්ර්ති බැලුවා මහින්දගේ මෙලෝ දෙයක් යන්නේ නෑ හැබැයි සිරස,හිරු,දෙරණ,ස්වර්ණවාහිනී වල ඒවා දෙනවා

    මගෙන් අහන්න එපා උබ ඒ කලේ ඕවා දැක්කේ නැද්ද කියලා.දැක්කා කිව්වා කියලා මහින්ද වෙනස් කරන්නේ නෑ මොකද මහින්ද දැනන් හිටියා විපක්ෂය දුර්වල නිසා මේවා නොකර හරි චන්දෙකට ගිහින් දිනන්න පුළුවන් බව මෙතැනදී තත්වේ වෙනස් ඒ ගැන මම කලින් පැහැදිලි කරා ආය ශ්‍රීලංකා ආණ්ඩුවක් එන්නේ නෑ කියලා කව්රුහරි හිතනවානම් ඒක හරියට ශ්‍රීලංකා කාරයෝ පහුගිය කාලේ unp එක ගැන හිතන් හිටිය වගේමයි එක එක ආණ්ඩු වලදී වෙනස් නොවෙන්න මේවා හදාගන්න බලමු මහමැතිවරණය දින 100කින් නිසා හොද දේවල් පුළුවන් ත‍රම් දැම්මොත් මුන් දෙගොල්ලටම සහයෝගය දෙන්න වෙනවා.

    මගේ ඉල්ලීමක්: පුලුවන්නම් මේ ජනතා පරමදිපත්‍ය බල්ලට වැටෙන මේ මන්ත්‍රී මාරුව නවතන්න කටයුතු යොදන්න (මේක ගැන වැඩියෙන්ම මේ දවස්වල දුක් වෙන්නේ මහින්ද වෙන්න ඕන කරපු ඒවා ඔක්කොම මතක් වෙනවා වෙන්න ඇති දයාසිරි එහෙම මොකට ගත්තද කියලා හිතෙනවා ඇති)

    ඊළගට මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1655369

    එන පැත්තට හෝයියා කියන මේ වගේ ගොබ්බයො නිසා තම මේ රටට මෙච්චර කෙළවුණේ

    (නුල කෙටි කිරීම සදහා මෙතැන් තිබු රූපය ඉවත් කරන ලදී රුපය බැලීම සදහා ඉහත ලින්කුව වෙත යන්න)

    ඊළගට මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1655327

    http://www.elakiri.com/forum/showthread.php?t=1655365

    ඉහත නුල් දෙකම විශ්වාස කිරීමට සාක්ෂි මදිය සමාජ ජාල ගොබෙල්ස් න්‍යායට යටත් වී තිබීම පසුගිය කාලයේ සුලභව දුටුවෙමි (2පැත්තෙන්ම) නමුත් මෙසේ කලාමයි සිතමු

    1. දහම් club යන්නේ මහජන මුදල් වලින් නොවේ නම් ඔහු ජනපති පියාගේ බලය බාවිතා නොකරයි නම් එහෙනම් මොන කෙන්ගෙඩියකට මහජනයා කුලප්පු වී දගලනවද ? (මහින්දගේ දරුවනුත් මෙසේ නම් ඔව්න්ටද මෙය අදාල වේ) එය ඔව්න්ගේ පුද්ගලික ජීවිතයයි, ඔන්න පියවරුන්ට නම් මේක අදාලයි පුතාලට club යන්න දෙනවද ? නැද්ද ? යන තීරණය මත.

    2. ඉහත කරුණ බිදිලා නම් අන්න දැන්ම නතර කරගන්න එක හොදයි[ජනාධිපතියි ආණ්ඩුවයි 2කම ලැබුනට පස්සේ මේවා නතර වෙන්නේ අවු 6කින් තමා ඊලග එකත් දින්නොත් තවත් කල් යයි]

    http://www.elakiri.lk/forum/showthread.php?t=1655055

    මේකත් ගොබෙල්ස් කතාවක්ම තමා මේ බොලේ මොකක් හරි මගුලක් තියෙන්න ඇති හැබැයි මේ පසුගිය සිද්දි ඔක්කොම ඈදල මේ පට්ටන්දරේ ලියලා තියෙන ලේඛකයා නම් හැබෑ දක්ෂයෙකි

    http://www.elakiri.com/forum/showthread.php?t=1655318

    මේවා ඔප්පු කරොත් සාක්ෂි ඇතිව වටිනවා හැබැයි මඩ සදහා නම් (මන් කලින් කියලා ඇති මහින්ද අප්‍රිය කරවීමෙන් වෙන වාසිය) මේ ව්‍යායාමයෙන් අවැඩ සිදුවන්නේ මහජනයටය(එකත් තේරුම් කලා ඉහත)[රටක බලවත් විපක්ෂයක් තියෙන තරමට ආණ්ඩුවෙන් මහජන හිත සුව සැලසේ]

    ඊළගට මේවා

    මේවා ගැන නම් කතා කිරීම පලකුත් නෑ වගේ නමුත් අපි විශ්වාසය තියන්නේ කව්රුන් ගැනද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1655360

    http://www.elakiri.com/forum/showthread.php?t=1655356

    සජින් වාසුත් ආවා, මර්වින් ආවා මහින්දනන්දයි බැසිලුයි අවොත් පුදුම නොවන්න

    ඊළගට මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1655330

    ඊයේ දිවුරුම් දුන් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සාමාන්‍ය පුද්ගලයෙතු සේ තනිවම නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම වල නිරතව සිටියදී සාමාන්‍ය ජනතාව සමඟ ඡායාරූපවලට පෙනී සිටියි

    1531907_404485423060008_208515347060758896_n.jpg



    1904210_404485416393342_8866310667594120440_n.jpg


    නව ජනාදිපතිතුමා මේ අත්විදින්නේ හිටපු ජනාධිපතිතුමා යටතේ උන හොද කාර්යන්ගේ ප්‍රතිපලයි මොනවා උනත් මිනිස්සුන්ට පාරේ බැහැල යන්න පුළුවන්. අද ආරක්ෂකයින් නැතුව ජනාදිපති කෙනෙක්ට පාරේ යන්න පුළුවන් තත්වයක් රටේ තියෙනවා කරුමෙකට මේකට මුලික උන සියල්ලන්ටම අදටත් ඒ නිදහස අවමයි. [පොඩි කාලේ මම ඉස්කෝලේ යනකොට ගේට්ටු වල ගහලා තිබ්බ ඔලු දැක්කා පාරේ බාගෙට පිච්චුන මිනී ඕනේ තරම් එහෙම යුගයි අපි පහු කරන් ආවේ ඒවා කරපු අය අද හරි දේශපාලනේට ඇවිත් තියෙනවා ඒ ගැන සතුටුයි]

    ඊළගට මේක +++~~~ අපි ඉන්නේ මේ වගේ ලස්සන රටක ~~~+++

    http://www.elakiri.com/forum/showthread.php?t=1654995

    මේකේ එක video එකක් මම මේ නුලට ගන්නවා මගේ ඊලග විග්‍රහය කරන්න මෙහි ඔබ දකින්නේ යුද්දයෙන් පස්සේ ලංකාවයි අපිට දැන් මේ තිබෙන නිදහසයි මේ video එකේ දකින සංවර්දනෙයි ඊලග ලියමනේ මුල් චේදයයි තමා මහින්දට මන් චන්දෙ දෙන්න පෙලබවුයේ. අනිත් සියලු දේ මම දෙවෙනිකොට සැලකුයෙමි. මා දරු මතය වැරදි වෙන්න ඇති, බහුතර මතය වෙත ගරු කරමි එකම ඉල්ලීම මේ සිංහල අපගේ රටයි ! අපි ඉපදෙන මැරෙන රටයි ! මේක තවත් දියුණු කරලා අපේ දරුවන්ට දෙන්න එක අපිට කරන්න පුළුවන්



    පහල බලන්න



     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැරදුණේ කොතැනද? (දිවයින පත්තරයෙනි)

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් ලෙහෙසියෙන්, පහසුවෙන් අමතක කර දැමිය හැකි නායකයකු නොවේ. ඔහු මෙරට ජනයා අතර සදානුස්‌මරණ නායකයෙකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරදවා එම ත්‍රස්‌ත නායකයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළ නායකයා ඔහුය. එනම්, පරසතුරන්ට මේ රට යටත් වූ සෑම අවස්‌ථාවකදීම ඊට එරෙහිව නැඟී සිටිමින් එම සතුරු බලය පරදවාලූ දුටුගැමුණු මහා පරාක්‍රමබාහු, විජයබාහු වැනි නරදෙටුවන් අනුව යමින් මහින්ද රාජපක්‍ෂයන්ගේ නාමය ද එම ඉතිහාසය පොතේ වැදගත් පරිච්ඡේදයක්‌ සනිටුහන් කරනු නියතය.

    එහෙත් මහින්ද රාජපක්‍ෂ යන නාමය දැන් "හිටපු ජනාධිපති" ලේඛනයට ඇතුළත්ව තිබේ. ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයට තරග කරද්දී ඔහුගේ ප්‍රතිවාදීවූ ඔහුගේම පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය වැඩි ඡන්දයෙන් ජය ගත්තේය. තවත් වසර දෙකක්‌ බලයේ ඉන්නට තිබියදී තමා විසින් කැඳවූ මෙම ජනාධිපතිවරණයෙන් අනපේක්‍ෂිත පරාජයක්‌ ලැබූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මේ අනුව ජනාධිපති අසුන මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඉකුත්දා අරලියගහ මැඳුරෙන් නික්‌ම ගියේය. මෙම නික්‌ම යැම සංවේදී මිනිසුන්ගේ දැසට කඳුළු බිඳු නැංවූ සිදුවීමක්‌ විය. මන්ද හේ රටට සාමය උදාකර දුන් නායකයාය. නෙත් කෙවෙනි තුළ කඳුළු සඟවාගත් මිනිසුන් කීවේ "මහින්ද මහත්තයා හොඳයි. වටේ හිටපු උන් ඒ මනුස්‌සයා කෑවා" යනුවෙනි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පරිදි තමන්ට හිමි උපරිම අවස්‌ථා දෙකම ජනාධිපති ධුරය සඳහා භාවිත කළ අයෙකි. ඡේ. ආර්. ජයවර්ධන (වසර 11) චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග (වසර 11) යන දෙදෙනාම ජනාධිපති ධුරයේ උපරිම කාලයක්‌ හිඳ විශ්‍රාම ගියවුන්ය. ඒ අනුව බලන කල ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වීම පිළිබඳව දුක්‌වන්නට දෙයක්‌ නැත. ඔහුට පාඩු වූයේ දෙවැනි ධුර කාලයේ වසර දෙකක්‌ පමණි. එහෙත්, එම වසර දෙකක කාලය තීරණාත්මක කාලසීමාවක්‌ ලෙස දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. යම් හෙයකින් ඔහු බුද්ධිමත්ව මෙම වසර දෙක රට පාලනය කළේ නම්, තුන්වැනි වරද තමන්ගේ ජනප්‍රියත්වය උරගා බලා මෛත්‍රී පාලනයක්‌ නොව 'සුබ අනාගතයකටම' රට ගෙන යා හැකිව තිබිණි. එහෙත් එහිදී කළ යුතුව තිබූ පරිත්‍යාග ද බොහෝ විය. අවම තරමින් මෙවර ප්‍රතිවාදියා වූ පක්‍ෂ මහලේකම් හා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනයන් 'අගමැති' පුටුවේ වාඩි කරන්නට හේ සමත්ව සිටියේ නම් නියත වශයෙන්ම හේ මෙවර ජනාධිපතිවරණයෙන් ද ජය ගන්නවා නියතය.

    එහෙත් ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමට හෝ 'දුර බලනු' වෙනුවට ඔහු දුටුවේම 'ළඟ' පමණි. තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට 'ජ්‍යෙෂ්ඨ අමාත්‍ය' ලේබලය සහිත නාමමාත්‍රික අස්‌වැසුම් ලබාදුන් අතර ජනතා පරමාධිපත්‍යය නොසලකා විපක්‍ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම මගින් සැබෑම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පුටුවල ඔවුන් හිඳුවීය. මේ අවනඩුව පක්‍ෂය තුළ කැරැල්ලක්‌ නිර්මාණය කරනු නොදුටු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලය භාවිත කර තමන් පොරොන්දු වූ විධායක ජනාධිපති ධුරය' අත්හැරීමට තීන්දුවක්‌ ගන්නවා වෙනුවට තමන්ගේ තෙවැනි, සිව්වැනි කාලයක්‌ අපේක්‍ෂාවෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළේය. ඒ සඳහා උදව් උපකාර කළ මැති ඇමැතීන්ට රිසි සේ රටේ සම්පත් සූරා කන්නට ඉඩ දුන්නේය. විපක්‍ෂය කියන පරිදි හොර, මැර, දූෂණ, මත් කුඩු, එතනෝල් යුගයකට රට මුදාහළේය. රටේ දේශපාලන සංස්‌කෘතිය බිඳවැටෙන්නට පටන් ගත්තේය. මැර ඇමැතියන් පමණක්‌ නොව උන්ගේ දරුවෝ ද මැර ක්‍රියා කරන කල්හි හේ භාවිතා කළ විධායක බලයක්‌ හෝ සාමාන්‍ය නීතියක්‌ ද නොවීය. මැර දේශපාලකයන් ඡන්ද ව්‍යාපාරවලට කඩාවැදී වේදිකා ගිනිබත් කර අන්‍ය පාක්‍ෂිකයන් වෙඩි තබා මරා දමද්දී පොලිසියට ද අසරණව බලා සිටින්නට සිදුවිය. නීතිය ක්‍රියාත්මක කළ පොලිස්‌ නිලධාරීන්ට කබාය උනා තබා ගෙදර යැමට සිදුවූහ. අගවිනිසුරු පුටුවද සෙළවූ අතර, රණවිරුවකු වූ 2010 ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සිරගෙට යෑවීය. මෙවන් කටයුතු හේතුවෙන් ජනතා කළකිරීම් ඉහළ යද්දී මධ්‍යස්‌ථ මතධාරීහු (පාවෙන ඡන්ද) මහින්ද රාජපක්‍ෂයන් හැර යමින් සිටියහ.

    ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණය ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තෙවැනි වර තම ජනතා ජය උරගා බලන්නේ එවන් ජනතා කළකිරීම් මැදය. 2010 වසරේදී ජෙනරාල් ෙෆdන්සේකා සමඟ තරග වදිද්දී යූ. එන්. පී. යේ ඡන්ද දෙකට කඩා එක කොටසක්‌ තමන් ලබාගත් ආකාරයෙන් මෙවර ද රනිල් වික්‍රමසිංහ හෝ මාදුළුවාවේ සෝභිත හිමි වැනි අපේක්‍ෂකයකු සමඟ තරග කර පහසු ජයක්‌ ලබන්නට හිතූ ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.ප. යේම ඡන්ද දෙකට කඩා ප්‍රතිවාදී අපේක්‍ෂකයකුට දෙන්නට වේ යෑයි සිහිනයකින්වත් හිතුවේ නැත. 'මෛත්‍රී සමඟ' එකට ගමනක්‌ යන බුද්ධිමත් තීරණය වෙනුවට හේ තමාගේ ප්‍රතිවාදියා ලෙස මෛත්‍රී තෝරා ගැනීම දෛවෝපගත සිදුවීමක්‌ බවට පත්කර ගත්තේය. අවසානයේ ඔහුට ජනාධිපතිවරණයේ ජය ලබාදී හිටපු ජනාධිපතිවරුන්ගේ ලේඛනයට එකතුවන්නට මේ 'ශූර' දේශපාලනඥයාට සිදුවිය.

    මෛත්‍රීට අගමැතිකම නොදීම මහින්ද රාජපක්‍ෂ සිදුකරගත් එකම වරද නොවේ. පෙර දැක්‌වූ පරිදි තම ඇමැති මණ්‌ඩලයේ සාමාජිකයන් දරුණු අපරාධ සිදුකරද්දී සැහැල්ලු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම ද ඔවුන්ගේ වංචා, දූෂණ, අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියානොකිරීම ද හැරුණු විට 'පවුල්වාදය' ප්‍රතිවිරුද්ධ පිළට කතා ගොඩනගන්නට වේදිකාවක්‌ නිර්මාණය කර දුන්නේය. ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් පමණක්‌ නොව ජනතාව අතර ද පැතිර ගිය කතාව වූයේ 2022 දක්‌වා ඔහු ජනාධිපතිවරයා බවට පත්ව සිටීම යනු ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂට බලයට එන්නට පාර කැපීමක්‌ වන බවය. එවන් තත්ත්වයක්‌ අතර අනිත් අතින් ජීවන වියදමෙන් ජනතාව හොඳටෝම බැට කෑවේය. එය මෙම මැතිවරණයේ වැදගත් තීරකයක්‌ වූ බව නිසැකය. 2013-2014 මහ කන්නය නියඟයට ගොදුරුවීම නිසා රටේ දැවැන්ත සහල් හිඟයක්‌ පවතින බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දැන නොසිටීම පුදුමයකි. ඒ පිළිබඳව ජනාධිපති උපදේශකයන් ඔහුව දැනුවත් කළේ ද නැත. සහල් මිල අහස උසට නැඟ තිබුණු නමුත්, ඒ සඳහා පියවරක්‌ නොගත් රජය, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා බවට පත් වී විපක්‍ෂයට ගිය පසු මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදර සමාගමේ සහල් අර්බුදය වශයෙන් එය ජනතාව ඉදිරියට ගෙන ගියේය. නමුත් පොල් හා එළවළු මිලද අතිශය ඉහළ ගිය අතර 2014-2015 මහා ගංවතුර ආපදාවද මහින්ද රාජපක්‍ෂට හරහට සිටියේය. මෙවන් දුර්දාන්ත තත්ත්වයන් නොදකින ජ්‍යෙdතිෂකරුවන්ගේ අනාවැකි හා සුබ මුහර්තයන් ගැන පමණක්‌ සලකා රටේ වැදගත් කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීම කෙතරම් නිශ්ඵල දැයි දැන් මහින්ද රාජපක්‍ෂ හොඳට තේරුම් ගෙන තිබෙන්නට පුළුවන. එහෙත් දැන් අශ්වයා පැන ගොසිනි.

    ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද එසේමය. රජය හා දේශපාලකයන් විසින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට යෙදවුවද මෛත්‍රීපාල සිරිසේනගේ "සංවේදී" ප්‍රචාරක වැඩපිළිවෙළ ඒ සියල්ල යටපත් කළේය. යෝධ කටවුට්‌වලට වැය කරන අති විශාල මුදල් සම්භාරය දෙස බලමින් ජීවන වියදමෙන් බැට කෑ ජනතාව හූල්ලමින් කම්මුලේ අත තබා ගත්තා මිස එයින් බහුතර ජනතා විශ්වාසයක්‌ ගොඩනැඟීම මිත්‍යාවක්‌ බව මෙවර ජනාධිපතිවරණය ඉතා හොඳින් ප්‍රත්‍යක්‍ෂ කළේය. කොළඹ නගරය ඇතුළු සෑම නගරයක්‌, ගමක්‌, 'ලයිට්‌ කණුවක්‌' පාසා ඇලවුණු හිටපු ජනාධිපතිවරයාගේ යෝධ කටවුට්‌ තොරණ, බැනර් සංස්‌කෘතිය මුදල් කා දමන ප්‍රචාරක ව්‍යාපාරයක්‌ වූ අතර ඒ සඳහා 'ජනතා මනාපයට' වඩා ලැබුණේ 'අමනාපයකි'. හිටපු ජනාධිපතිවරයා විසින් ළදරුවන් වඩාගැනීම ළඟන්නාසුළු කටයුත්තක්‌ වුවත් එම දරුවන්ගේ මවුවරුන් පියවරුන්ගේ පපු තුළ ඇවිළෙන ජීවන වියදම, විරැකියාව, ආර්ථික අගහිඟකම් නමැති ගින්දරට ඔහුගෙන් ලැබුණු පිළිසරණක්‌ නොවීය.

    මේ සියල්ලත් සමඟින් සලකා බැලූ කල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාවටම තිබුණේ බුද්ධිමතුන් ප්‍රතික්‍ෂේප කරන 'කුණු රසයට' මුල් තැන දුන් ව්‍යාපාරයක්‌ වශයෙනි. 2010 සිට 2015 දක්‌වා කාලයේදී 'මඩ දේශපාලන සංස්‌කෘතියක්‌' දක්‌වා ඔහුගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය පරිවර්තනය වී තිබූ අතර ප්‍රචාරක ව්‍යාපාරය භාරගෙන සිටි වේදිකා කථිකයෝ ද එය මනාවට ඉටු කළෝය. හුදෙක්‌ කටමැත දොඩවන 'වාචාලයන්' පිරිසක්‌ ප්‍රචාරණයට යොදවා ගැනීම සියතින් ගෙල සිඳ ගැනීමක්‌ විය. මහත්මා දේශපාලකයන් වේදිකාවෙන් හා ප්‍රවෘත්ති සාකච්ඡාවලින් සඟවා දැමූ අතර එහාට මෙහාට දේශපාලන කරණම් ගහමින් ඉතා කෙටි කලක්‌ තුළ ජනතා අප්‍රසාදයට ලක්‌ වූ විපක්‍ෂයෙන් පැමිණි පිරිස මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් එළවා දමන තැනට හරි අපූරුවට ප්‍රචාරක කටයුතු මෙහෙය වූහ. එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක්‌ දැයි නොදනී. ඉතා පැහැදිලිවම මෙම ප්‍රචාරක පිරිස්‌ හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රමාණය විනාශ කර දැමූහ. මෙහි වාසිය ගත් මෛත්‍රී කණ්‌ඩායම අපූරු නිර්මාණශීලී පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් කලාවකට මුල පිරුවේය. ජීවන වියදම, දූෂණ, අක්‍රමිකතා පිළිබඳව සැකසුණු නිර්මාණශීලී දැන්වීම් ජනතා හදවත් තුළට කාවැදුණේය. ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රචාරක අංශය එය හරි අපූරුවට ඉටුකර තිබිණි.

    එසේම, 'මෛත්‍රී පාලනයක්‌' 'රටකට ඕනෑ මෛත්‍රී යුගයක්‌' වැනි සංවේදී ජනමනස අවදි කරන තේමා පාඨ සහ තේමා සංගීත ජනතාවගේ හිත්වලට කාවැදුණු කුඩා, සියුම් එහෙත් නිර්මාණශීලී ප්‍රචාරයන් වූ අතර විශේෂයෙන්ම ෆේස්‌බුක්‌' හා අන්තර්ජාලය ඔසේ තරුණ හිත් තුළට ඇතුළු කරන්නට මෛත්‍රී ප්‍රචාරකයෝ සමත් වූහ. අත්තනගල්ලේ, මහර වැනි තැන්වල ඉදිවුණු ලක්‍ෂ 30 - 40 වැය කර තැනූ මහින්ද රාජපක්‍ෂගේ අඩි 100 ක්‌ පමණ උස යෝධ කටවුට්‌ එකකට වඩා මෙවන් පුංචි පාඨයක්‌ දසදහස්‌ ගුණයකින් මෛත්‍රීට ඡන්ද හැදීම සඳහා ප්‍රතිඵලදායක විය. එවන් සංවේදී දැ තරුණ නිල් බළකාය ඇතුළු ආණ්‌ඩුවේ ප්‍රචාරකයෝ කල්පනා නොකළහ. ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන් එම රූපවාහිනී මාධ්‍ය දෙක සහ පුවත්පත් සමූහය පක්‍ෂග්‍රාහී ආකාරයට මෛත්‍රීපාල සිරිසේනයන්ගේ චරිතය ඝාතනයට යොදා ගත්හ. ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේම දෙමළ ජාතික සන්ධානය උපක්‍රමශීලීව පාලනයට හවුල්කර ගන්නවා වෙනුවට දිගින් දිගටම ඔවුන්ට එල්. ටී. ටී. ඊ. ලේබලය අලවන්නට වේදිකා හා රූපවාහිනී කථිකයෝ ක්‍රියා කළහ. ඇතැම් විට මුස්‌ලිම්වරුන්ගේ ඡන්ද මෛත්‍රී පිළට ලැබුණේ 'බොදුබල සේනාව' වැනි අන්තගාමී බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්‍ෂට "ප්‍රසිද්ධියේ" සහාය දැක්‌වූ නිසා විය යුතුය. මේ සියල්ලක්‌ මහින්ද රාජපක්‍ෂගේ පරාජයට හේතු විය. එහෙත් ඔහු වටා සිටි පිරිස්‌ හා උපදේශකයන් මේ තත්ත්වය හඳුනා ගත්තේ වත් ඔහුට තේරුම් කර දුන්නේවත් නැත. සියල්ලක්‌ම බලය හා ධනය මගින් කළ හැකි බව තීරණය කිරීම මහින්ද රාජපක්‍ෂට වැරදුණු තැනය. උපායශීලී බව හා නිර්මාණශීලී බව ඔහු නොසැලකුව ද එය මෛත්‍රී කණ්‌ඩායම අපුරුවට ග්‍රහණය කර ගත්තේය. දැන් සියල්ල සිදුවී අවසානය. නමුත් මෙවන් කටයුතු දේශපාලනයේ යෙදෙන කාට කාටත් හොඳ පාඩම්ය. මේ මැතිවරණය ඒ පාඩම් සියල්ලම කියා දුන් එකකි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා අමතක කළ යුතු පුද්ගලයකු නොවේ.

    ඔහු රට බේරා ගත් රටට සාමය ගෙනා නායකයාය. දුටුගැමුණු පරපුරේ වීරයෙකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ බව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා රටට සපත කළේය. එසේ හෙයින් ඔහුගේ ක්‍රියාකාරිත්වය ද ප්‍රයෝජනයට ගනිමින් හා මැතිවරණයේදී ජනතාව කියා දුන් පාඩම් ද සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව ක්‍රියාකිරීම රටේ අනාගතයට වැඩදායකය. නැතහොත් සිදුවන්නේ මහින්දට වැරදුණේ කොතැන ද නොව රටට වැරදුණේ කොතැන ද යන්න අපට ප්‍රශ්න කිරීමටය.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉහත video 3නේම තියෙන ලස්සන ප්‍රවුඩත්වය ඇති රටක් මෙන්න මේ පහල නුලේ තියෙන රට වගේ කරගන්න සුද්දන්ගෙන් නිදහස් වෙලා අවු 67කිනුත් බැරි වීම යනු නියම දුකය

    http://www.elakiri.com/forum/showthread.php?t=1655173

    මේ නුලේ රූප නැතුව අපිට අදාල කාරණා ටික විතරක් මන් මෙතන දාන්නම් නැත්නම් මේක දිග වැඩියි වාගේ. එහෙම කරන්න කියලා සමාජිකයේක්ගේ ඉල්ලීමකුත් තිබ්බා රූප බලන්න ඕන අය නුලට ගිහින් බලන්න

    යහපාලනෙත් උදාවෙන්න යන එකේ සංවර්ධනය වූ රටක් වන ජපානයේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා:yes:. ඒ හින්දා මම වගේම ජපානයේ ඉන්න විදේශිකයෙකුගේ ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්ථනය කළා. [මම නෙවෙයි මේ ලිපිය ලිව්වේ හොදේ]

    1. යතුර දොරේ ලොක් එකේ අමතක වෙලා දාලා ගියාද? කිසි ප්‍රශ්නයක් නෑ ගෙදර බඩුයි යතුරයි ආයේ එද්දිත් ඒ විදියටම තියෙයි.ඒ ගැන බයනොවී ඉන්න පුරුදු වෙනවා. ජපානයේ ජනතාව වෙන කෙනෙක්ගේ දෙයක් ගැන තැකීමක් නැහැ.

    2. පොලිස් මහත්වරු හරිම මිත්‍රශීලියි. ටැක්සියක යන්න සල්ලි නයට දෙයි අවශ්‍යනම්.

    3. හොර සල්ලි කියන්නේ මොනවාද? ජපානයේ ඒ පිලිබඳ අදහසක් නැහැ..

    4. බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකලයවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ.

    5. තිබහ හැදුනම බොන්න ටැප් තියෙනවා. ගොඩක් එහෙම තියෙන ටැප් වල වතුර එන්නේ උඩ අතට.

    6. කවදාවත් ඉතුරු සල්ලි ගනින්න හිතන්නේ නෑ. කවදාවත් වැරදිලත් නෑ.

    7. ඕනේ කෙනෙකුට හිසනමා ආචාර කරනවා. මෙහෙදී අපිට කට්ටිය ඔලුව නමනවා කියන්නේ සාමාන්‍ය දෙයක්.(අපිට ආයුබෝවන් කියන්න පුළුවන්)

    8. මෙහෙදී කොලිටි එක ගැන හිතල බය වෙන්න දෙයක් නෑ. ලැප්ටොප් එකක් ගත්තත් ආයේ බලන්න දෙයක් නෑ.

    9. පාර පනිද්දී වට පිට බලන්න ඕනේ නෑ.කොළ මිනිහා වැටුනම විශ්වාසෙන් යන්නයි තියෙන්නේ. ත්‍රීවිල් කාරයෝ හප්පන්නේ නෑ(ත්‍රීවිල් ඇත්තෙම නෑ)

    10. ගෙදර ඉවත දමන කුණු වෙන වෙනම පිළිවෙලකට වෙන් කරනවා. ඒ ඒ කුණු ඉවතලන්න වෙනම දිනදර්ශනයක් ලැබෙනවා. රෝස, කහ,සුදු ආදී වෙනම කුණු ඉවතලන බෑග් මිලදී ගන්නවා.

    11. එළවලු වලට කැමැත්තක් ඇතිවෙනවා.

    12. සොෆ්ට්වෙයා හොර කොපි තහනම් කියන එක වැටහෙනවා.

    13. කුඩ තියන්න හැම ගොඩනැගිල්ලකම ඉස්සරහ රාක්කයක් තියෙනවා. කවුරුත් හොරකම් කරන්නේ නෑ.

    14. හොද එළවලු තෝරන්න මහන්සි වෙන්නේ නෑ.ඔක්කොම හොඳයි.(පලතුරුත් එහෙම උනොත් හොදයි)

    15. කේවල් කරලා බඩු ගන්න පුරුද්ද නැතිවෙනවා. මෙහෙ හැම දේකම මිල ස්ථිරයි.

    16. ගෙදර දොර හැර අනික් ආයතන,කඩ වල දොරවල් අරින්නේ කොහොමද කියල දන්නේ නෑ. මොකද ඒ හැම දොරක්ම ඉබේ ඇරෙනවා.

    17. “සුමිමසෙන්”(“සමාවෙන්න” කියන අරුතට ගොඩක් සමානයි=”Excuse me”) කියන වචනය නිතරම කියවෙන්න පටන් ගන්නවා.

    18. රණ්ඩු සරුවල් වලට පැටලෙන්නේ කොහොමද කියල අමතක වෙලා යනවා.ජපානය එතරම් සාමකාමියි.

    19. හැම පොදු වැසිකිළියකම ටොයිලට් පේපර් තියෙනවා.

    20. එලියට ගමනක් යද්දී ආබාධිත, කුඩා ළමයි ඉන්නවනම් ගෝ කාට් ගෙනියන්න පසුබට වෙන්න ඕනේ නෑ. පොදු ගමන්, ආයතන වල එලෙවේටර් තියෙනවා.

    21. කාලගුණ අනාවැකි විශ්වාස කරන්න පුරුදු වෙනවා. කුඩයක් ගෙනියන්නේ ඇපල් ෆෝන් එකේ වෙදර් ඇප්එක බලල.

    22. ආහාර කුඩා ප්‍රමාණයක් මිලට ගන්න දෙපාරක් හිතන්නේ නෑ.(මන් හිතන්නේ මෙතන කතා කරන්නේ පිරිමැස්ම ගැන)

    23. සී ෆුඩ් වල මිල අනෙක් මස් වලට වඩා අඩුයි කියල හිතන්න පටන් ගැනෙනවා.(අපිටත් රට වටේම මුහුද නිසා මේක කරන්න පුළුවන්)

    24. තැන තැන කුණු දාන එක සහ කෙල ගහන එක ජරා පුරුද්දක් කියල හිතෙන්න පටන් ගන්නවා

    25. උච්චාරණ විධි වෙනස්කම නිසා කිසිවිටෙකත් පහත් කොට සලකනවා කියල හැගීමක් දැනෙන්නේ නෑ. ජපන් ජාතිකයන් ඉංග්රීටසි කතාකරන්නේ(කලාතුරකින්) ඉතාමත් වෙනස් විධියකට. ඒ නිසා වෙනස් ජාතීන් ජපන් කතාකරද්දී ඔවුන් උච්චාරණය පිලිබඳ තකන්නේ නැහැ.

    26. කඩේක බඩු මිලදී නොගත්තට, අතපත ගාල විතරක් ආවට මුකුත් කියන්නෙවත් අපිට අපහසුවක් දැනෙන්නවත් කිසිවිටකත් ඉඩ නොතබයි.

    27. පිරිසිදු නගරයක් මිනිස් අවශ්යතතාවයක් කියල දැනෙන්න ගන්නවා.(ගොට මේක කරන්න පටන් අරන් තිබ්බේ හකීම්ට මේක දෙන්නේ නැතුව වෙන කාටහරි දුන්න නම් හොදයි කියලා මට හිතේ)

    28. හැම කොනකම, හැම පොදු තැනකම විකුණුම් මැෂින් අනිවාර්යයෙන් තියෙනවා කියන විශ්වාසය ඇතිවෙනවා.

    24. ලාභ බඩුවේ හිලක් කියන සංකල්පය බොරු කියල හිතෙනවා.(ජපානයේ ආදායමේ හැටියට ජපන් ජාතිකයන්ට යෙන් 100 යනු අඩු මුදලකි.) යෙන් 100 කඩ මෙහෙ බහුලව තිබෙනවා.

    25. හැම කඩයකටම මිනිස්සු එනවා කියන හැගීම ඇතිවෙනවා

    26. ඇක්සිඩන්ට් කියන්නේ කලාතුරකින් වෙන දෙයක් කියන හැගීම ඇතිවෙනවා

    27. අතපසුවීම් කියන්නේ කලාතුරකින් වෙන දේවල් කියල හිතෙන්න ගන්නවා.(මන් කියවල තියෙනවා ජපන් වල මුළු වසරේම දුම්රිය ප්‍රමාදය මිනිත්තු 4යි කියලා එකටත් සමාව ඉල්ලලලා)

    28. පොදු ප්ර්වාහන සේවා නියමිත වෙලාවට අනුව ඇති නිසා අපේ වැඩකටයුතු වලට ගමන් බිමන් යායුතු වෙලාව නිශ්චිතව තීරණය කරන්න පුරුදු වෙනවා.

    29. සෑම කෑමක්ම පිරිසිදු ගුනාත්මකයි කියල හිතෙන්න ගන්නවා

    30. හිත හොඳ වයසක සීයල ආච්චිලා සමග සුහද කතාබහ සුපුරුදු දෙයක් වෙනවා

    31. ඇඩ් වල තියෙන දේ ඇත්තටම තියෙනවා කියල හිතන්න පුරුදු වෙනවා

    32. කවුරුත් පේන්න නැතිවුනත් ෆෝන් ඒකෙන් කතා කරද්දීත් ඔලුව වනන්න,නමන්න පුරුදු වෙනවා. සාමාන්යැයෙන් මිනිස්සු “හයි හයි ” කියා කියා ඔලුව නමනවා

    33. කෝච්චියේ සෙනගට බහින්න එළියේ ඉන්න අයට ඉඩදෙන්න දොර දෙපැත්තෙන් හිටගන්න පුරුදු වෙනවා

    34. එලෙවේටර් වල අනික් අය වෙනුවෙන් දොර අරින්න වහන්න බට්න් ඔබන්න ඉදිරිපත් වෙන්න පුරුදු වෙනවා.

    35. කවදාවත් හෝන් ගහන්නේ නැතිව බයිසිකලේ බෙල් එක ගහන්නේ නැතිව වාහන පදවන්න පුරුදු වෙනවා.

    36. බෑග් එකේ සිප් එක ඇරිලා තිබ්බට බය වෙන්න දෙයක් නෑ. සිප් එක ඇරලා බෑග් එක තැනක අමතක වුනත් ආයෙත් එද්දී ඒ තිබ්බ විදියටම බෑග් ඒකයි බඩුයි තියෙනව.

    37. දුවන පඩිපෙලේදී වම් පැත්තෙන් පමණක් හිටගෙන ඉන්න පුරුදු වෙනවා. පසු කර යන්නන්ට සෑම විටම දකුණු පැත්ත හිමි කර දෙන්න පුරුදු වෙනවා.

    38. ටොපි කොළ වගේ කුණු හැම වෙලේම බෑග් එකේ දාගන්න පුරුදු වෙනවා. ගෙදර ඇවිත් නියමිත(පොලිතීන්, බෝතල්,දිරාපත්වන,වීදුරු) කුණු බැහැර කරන මලු වලට දාන්න පුරුදු වෙනවා.

    39. සිගරට් පප්පල පොර්ටබල් අළු බඳුනක් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ.

    40. පාර පනින්න කොළ වටෙනකම්ම ඉන්නවා. වාහන පැත්ත පලාතක නැති උනත් ඒ දේ එහෙමමයි.

    41. පෝලිම් දාන්න ජපන්නු හරි රුසියෝ. ඕනේ දෙකට කිසි කථාවක් නැතිව ලස්සන පෝලිමක් හදාගෙන ඉන්නවා.

    42. පොදු සේවා සපයන්නන්ගෙන් හිස නමා ආචාර ලැබීම අනිවාර්යයෙන් ලැබෙනවා.

    43. පොදු පාක් වල මද වෙලාවක් රැදී සිට යලි ගමන් කරන්නට පුරුදු වෙනවා

    44. පාරේ පස්, දුහුවිලි නැති නිසා සපත්තු පොලිෂ් කරන පුරුද්ද ටික ටික අඩුවෙනවා(මේක නම් ලංකාවේ ප්‍රයෝගික වෙයිද දන්නේ නෑ)

    45. නියමිත ස්ථාන වල සිගරට් බොන්න පුරුදු වේ (පාරේ සිගරට් නොබී සිගරට් බීමට වෙන් කර ඇති ස්මොකින් ඒරියා භාවිතය)

    46. එළවලු බාගෙට හෝදන්න පුරුදු වේ. බොහෝ විට නොසෝදාම භාවිතයට ගනියි. ඉතාමත් පිරිසිදු තත්ත්වය යටතේ මේවා විකිණීමට ඇති නිසා.

    47. කෝච්චියේ යන්න, බිල් ගෙවන්න, වැඩට යන්න..මේ සියල්ල කලට වෙලාවට කරන්න පුරුදු වෙනවා.

    48.බස් වල කොන්දොස්තරලා නැති හින්දා ඩ්‍රයිවර් ගාව තියෙන මැෂින් ඒකෙන් අපිම සල්ලි දාලා ඇතුළු වෙනවා, කෝච්චි ටිකට් මැෂින් වලින් ටිකට් අපිම ගන්නවා

    49.වැඩ කරලා ඉවර උනාම සගයන්ට හිස නමා “ඔත්සුකරේ සම දෙශ්තා”(මහන්සි වෙලා වැඩකලා) කියන්න පුරුදු වෙනවා.

    50.වැඩට විනාඩි කිහිපයක් හෝ කලින් යනවා. යන එන වෙලාව ටයිම් මැෂින් එකේ කාඩ් එක මගින් තමන්ම සලකුණු කරනවා.


    මේ ලිපිය සිංහලට පරිවර්තනය කලේ ඇත්තටම මේ දේවල් මගේ නේත්තරා දෙකෙන්ම දකින නිසා. මේකේ ඉංග්‍රීසි මුල් ලිපිය . මෙම ඉංග්‍රීසි මුල් ලිපිය මට පෙන්වූ cj4ever අපේ අයියා බන්ඩියටත් ස්තුතියි:yes:.

    හොදයි කියල හිතෙනවනම් අනිත් අයට බලන්න කියන්න
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1655381



    දැන් අලුත් ආණ්ඩුවක් පත් ව් ඇත ..අලුත් ආණ්ඩුවට දර දිය ඇද්ද එක පාර්ශවයක් මෙරට තරුණ ප්‍රජාවයි ...ඔඋන් තම සංග්‍රාමය දියත් කලේ බුකිය හරහාය ...එය ආණ්ඩු විරෝදී කුණාටුවක් මෙන් හමා ගියේය ...දැන් මේ තරුණ ප්‍රජාවට awashiya ඉක්මන් වෙනසක් බව කිරියේ පලවන සමහර commment කිය වීමෙන් සිතා ගත හැක ...මේ පිරිසට රුපවාහිනියේ වෙනස..ITN වෙනස අරුමයක්ය ..මැතිවරණය ඉවර උන තුරුම මහින්දට කඩේ ගිය රාජිය maddiya MY 3 දිනු විගස ඔහු වෙනුවෙන් කඩේ යාම මේ පිරිසට අලුත් අත් දැකීමකි ...ඔඋන් දැන් දින සියය track කිරීමටද පටන් ගෙන ඇත ...උන්ට නොදෙවැනි ලෙසම රන්ජන්ද කියන්නේ හොරකම් කරපු උන් ඉක්මනට හිරේ දැමිය yhuthui කියාය ..ඔහු film එකේ වීරයාට රග දක්වන්න හදයි...මා හට නම් මේවා අරුමයක් නොවන්නේ පසු ගිය aurudu 20 සිටම මේවා හොදට අසා දැක පුරුදු නිසාය..1994දී චන්ද්‍රිකා මැතිනිය බලයට එන්නේ ඊට කලින් සිටි ආණ්ඩුවේ හොරකම මැරකම් කල අය ගාලු මුවදොර පිටියේ ප්‍රසිද්දියේ එල්ලන බව කියමිනි..නමුත් එහෙම එල්ලපු කෙනෙක් ගැන නම් අසන්නටවත් නැත ....නමුත් ඇය දස වසරක ජනපති ධුර කාලයෙන් සමු ගන්නේ chura රැජිනක් ලෙසය.....2001 දී නැවතත් අලුත් ආණ්ඩුව බලයට එයි ..ඒ රනිල් මහත්මයය..
    ..සමහරුන්ට අනුව දකුණු ආසියාවේ සුපිරිම මොලයක්ය ...ඒ සුපිරි මොලයෙන් කොටින් සමග ගිවිසුමක් ගැසිය ....බුද්දි අංශ සම්ජිකයින්ද ඝාතනයට ලක් විය ..ඇමතිවරු පමණක් නොව පුතුන්ද හොර මර කම් කළහ...එදවස් වල වංචාවට හොරකම් වලට විරුද්දව කතා කල කෙනකි මහින්දානන්ද අලුත්ගමගේ ....පසුව පැමිණියේ මහින්දගේ ආණ්ඩුවකි ...හැම දාම වගේ මහින්දගේ ආණ්ඩුවේ වෙනසකට තිබුනේ 30 වසරක් හිගන්නාගේ තුවාලය මෙන් තිබුන යුද්දය අවසන් කිරීම පමණි ..සංවර්ධනයේ නාමයෙන් හොරා කෑවේය ..මැර වැඩ වලින්ද අඩුවක් නැත ...කලකිරුණු ජනය MY 3 පාලනයක් ගෙනාවේය ...හොරකම් කරපු උන් හිරේ යවනකම් අපි බල සිටිමු..නමුත් මෙතුවක් දැක ඇති ආණ්ඩු අනුව මෙයද පරණම achuwe එකක් වනු ඇතයි කීමට තවමත් ඉක්මන් වැඩිය ..නමුත් එලෙස උනාද පුදුම විය යුතු නැත ..දැනටමත් අදිකරණයට ගල් ගැසූ රිෂාඩ් සිටින්නේ ඔඋන් සමගය ..හෙට අනිද්දා වන විට මොකා ඒවිදැයි කිව නොහැක ..ඒ ලංකාවේ දේශපාලනයේ හැටිය ....ඊළගට පවත්වන මැතිවරණයෙන් එක දෙයක් නම් පැහැදිලිය ...ඒ ආණ්ඩුවක් පිහිටවන විට පාර්ලිමේන්තුවේ වැඩි බලය හදා ගැනීමට TNA සහ හකීම්ට කේවල කිරීමේ හැකියාව ලැබෙන්නේය ...

    athtama MY 3කියපුව කරන්නට පුළුවන් හොදය ..නමුත් එසේ නොවන බව නම් පැහැදිලිය ...දැන් ඉතින් කිරියේ ඉන්න උන් මාව මරාගෙන කන්න හදවි මම මහින්ද වාදියෙක් කියල.....නමුත් තිත්ත උනත් ඇත්ත eyai ..ඒ මේ දේශපාලනයේ හැටිය ..මොන ආණ්ඩුව පෙරලුනත් පොදු ජනතාව අවසානයේදී ගොනාට ඇඳිලා ය ..


    මේ පාරවත් මේක වෙන්න දෙන්න එපා දේශපාලකයෝ කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා උන්ට වඩා අපියි මේ පාර කපටි වෙන්න ඕන
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්දෙන් පස්සෙ එලකිරියෙ දැක්ක හොදම ලිපිය දිවයින ලිපියත් හොදයි මෙක අපි හැමොගෙම රට
    මෙ රට දියුනු වෙනවානම් අපි හැමොම කැමති අපි මහින්දට චන්දෙ දුන්නා කියලා අපි බල්ලො වෙන්නෙ නැහැ මෙ රටට අනර්තයක් කරන්නෙ නැහැ අපෙ ජිවිටෙන් බාගයක් ගෙවිලා තිබුනාත් අපෙ දරුවො මෙ රටෙ ඉන්න ඔන අපි වින්ද ද්වල් (යුද මරා ගැනිලි අල්ලස් හොරකම නිතියෙ අඩු පාඩු )
    එවා අපෙ දරුවන්ට නොවෙන්න ඔන දැන් සිරිසෙන මහත්තයා රටෙ ජනදිපති එ කියන්නෙ චන්දෙ දුන්න හා නොදුන්න සැමගෙ ජනපති නැත්නම් නායකයා :)

    dhiwayina kallak
    නමුත් බහුතර බලයක්‌ සොයා, මෙතෙක්‌ කල් මේ ජරාජීර්ණ දේශපාලනයේ ඇට්‌ටකුණාවූ ඔළුගෙඩි ගණනක්‌ මත යෑපීමටම මෛත්‍රීපාල ජනපතිතුමාට සිදුව තිබෙන බව අප සියලූ දෙනා අකමැත්තෙන් හෝ පිළිගත යුත්තේය. ඒ ඔළුගෙඩි තුළ වන මොළගෙඩි ශෝධනයකට ලක්‌කිරීමෙන් තොරව මේ ගමන ඇරඹීම යනු මෙතෙක්‌ කලක්‌ ගලා ගිය මේ දේශපාලන ප්‍රවාහය මතට ප්‍රජාතන්ත්‍රවාදය, සෞභාග්‍යය, ජාතික සංහිඳියාව, සාධාරණත්වය නැමැති අතු කපාදැමීමක්‌ම පමණි. එබැවින් පළමුව අටඅනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි වැළඳුණු මෙරට දේශපාලකයාගේ සිත් මොළ පිරිසිදු වී එමගින් ජනතාව ඉල්ලු යහ පාලනය බිහිකරන්නට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා.


    pasu: දැන් කියන්න එපා චන්දෙන් පස්සෙ පාට වෙනස් කරපු කටුස්සෙක් කියලා කොහොමත් මහ මැතිවරණයකදි හොරු නැති ජෙවිපි සමජිකයන් වැඩි පිරිසක් ප්‍රාර්ල්ලිමෙන්තු යවන්න ඔන කියන තැන මම චන්දෙට කලින් ඉදලාම හිටියෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,066
    24,617
    113
    tracing Geo-location.. ... ...
    godak watina lipiyak.. 6+

    aththa.. my3 president una kiyala lankawe problems iwra na. dan thamai hodama tika thiyenne.. mama nam kisima pakshekata na.. mahinda elawanna my3 ta dunna wagema my3 natagena awoth ekatath wiruddai mama.. pudgalikawa mama JVP unge mathayata garu karanawa.. e nisa ilaga maha mathiwarane godak durata JVP ekata chande dei mama.. lankawe minissu hatiyata dan api danaganna oni labuna awasthawen prayojanayak aran me jara system eka wenas karanna.. me system eka wenas karannath e system ekenma yanna oni. ekai my3 ta tikak amaru... habai ranil metere nisa hoda plans athi.. purawasiyo widiyata api alert eke inna oni me aya plan eken pita yanawada kiyala.. ape rata goda ganna wenne apitamai.. bohoma wadagath lipiyak machan.. katawath gotta allala apita wena sethak na.. mahindata dunnath uba dunna reasons sadaranai ube paththen.. anthimata api okkotama oni lassana, nidahas ratakne.. ekathu wela wada karamu..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    godak watina lipiyak.. 6+

    aththa.. my3 president una kiyala lankawe problems iwra na. dan thamai hodama tika thiyenne.. mama nam kisima pakshekata na.. mahinda elawanna my3 ta dunna wagema my3 natagena awoth ekatath wiruddai mama.. pudgalikawa mama JVP unge mathayata garu karanawa.. e nisa ilaga maha mathiwarane godak durata JVP ekata chande dei mama.. lankawe minissu hatiyata dan api danaganna oni labuna awasthawen prayojanayak aran me jara system eka wenas karanna.. me system eka wenas karannath e system ekenma yanna oni. ekai my3 ta tikak amaru... habai ranil metere nisa hoda plans athi.. purawasiyo widiyata api alert eke inna oni me aya plan eken pita yanawada kiyala.. ape rata goda ganna wenne apitamai.. bohoma wadagath lipiyak machan.. katawath gotta allala apita wena sethak na.. mahindata dunnath uba dunna reasons sadaranai ube paththen.. anthimata api okkotama oni lassana, nidahas ratakne.. ekathu wela wada karamu..

    :)
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    godak watina lipiyak.. mamath oya mathayema tamai inne brother.....meke inna aya eka pattak allagena dangaluwata oka tamai sathya....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොඩක් හොද ත්‍රෙඩ් එකක් හොද උත්සහයක් සමහර කරුණු පිළිගන්න බැරි උනත්

    තැනක කියලා තියනවා කවුරු දින්නත් මිනිස්සු පරාදයි කියලා.

    එසම්බන්දයෙන් යමක් කියනවනම්. තාම මයිත්රිට වැඩක් කරන්න කාලය හම්බෙලා නැහැ. අනික දින 100 ප්‍රතිපත්තිය කිරියාත්මක කරන්න අවශ්‍යම දෙයක් තමයි පාරලිමෙනතුවේ 2/3 බලය. මයිත්රිට එම නිසා එන එන සියලු දෙනා ගන්න වෙලා තියනවා. ඒ අය මහමතිවරනෙකින් පාර්ලිමේන්තු යවන නොයවන එක ඔබගේ කාර්යයක්.

    මන් දැක්ක තව දෙයක් තමයි රවී චන්දිකා හොරකම් කළා කියලා මහින්දගේ හොර වැඩ සිඋම් විදියට සදරනිකරණය කරලා තිඋයනවා. රවී චන්ද්‍රිකා වරදනම් ඊ ඔයාට කියන්න බැරි මහින්දත් වැරදි කියලා.


    සමස්තයක් විදියට ගත්තම ප්මේ යන ක්‍රමය ඉතා නරාකයි කියලා පෙනේවා. මේ පරදන පක්ෂ 2ම මිනිසුන්ට වෙන් සෙතක් නැහැ කියලා පේනවා. ඒ නිසා හොද විකල්පයක් තෝරාගන්න.

    ත්‍රෙඩ් එක ලොකු වැඩි. අනිත් අයගේ ලිපි දානකොට ලින්ක් එක විතරක් දැම්මනම් හොදයි. නැත්තම් අච්ච්රුවක් වගෙයි

    සමස්ත අදහස නම් තියෙන්නේ මහින්ද දිගටම හිටියනම් හොදයි වගේ අදහසක් මතු කරන්න හදනවා වගේ. එක හරිද වැරදිද කියලා ඔයාම තීරණය කරන්න. පුලුවන්නම් ලින්ක් ටික විතරක් දන්න. අනිත් හ්රෙඩ් වල. සමස්ත අදහස සාරාංශ කරලා කියන්න. ඉස්සරගටත් මේ වගේ හොදට ලියන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    godak watina lipiyak.. mamath oya mathayema tamai inne brother.....meke inna aya eka pattak allagena dangaluwata oka tamai sathya....

    මද්යස්ත වීම හැමවෙලාවෙම නිවැරදි වෙන්නේ නැහැ මචං. සමහර වෙලාවට එක තමයි තියන්න නරුම ම වැඩේ. අනික කවුරු ආවත් මිනිස්සු පරාදයි නම් මොකටද දෙශාලානේ කතා කරන්නේ. නිවැරදි කියලා හිතන ස්ථාවරයක් තියෙන්නේ ඕනි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    maxboysl;ගොඩක් හොද ත්‍රෙඩ් එකක් හොද උත්සහයක් සමහර කරුණු පිළිගන්න බැරි උනත්

    bravehearts:අගය කිරීමට ස්තුත්යි, මේක විවුර්ථ ලිපියක් තව කෙනෙක්ගේ වෙන අදහසක් තියෙන්න පුළුවන් ඒවා මෙතන දාන්න

    maxboysl;තැනක කියලා තියනවා කවුරු දින්නත් මිනිස්සු පරාදයි කියලා.

    bravehearts:තවම ලංකාවේ නම් එහෙම තමා (මහින්ද යුද්දේ ඉවරකරා සැහෙන සන්වර්දනෙකුත් කරා ඒත් හොරකන් කරා ඉතිං එතනත් මිනිස්සු පරාදයි මෛත්‍රී ගැන කියන්න තාම කල් වැඩියි)

    maxboysl;එසම්බන්දයෙන් යමක් කියනවනම්. තාම මයිත්රිට වැඩක් කරන්න කාලය හම්බෙලා නැහැ. අනික දින 100 ප්‍රතිපත්තිය කිරියාත්මක කරන්න අවශ්‍යම දෙයක් තමයි පාරලිමෙනතුවේ 2/3 බලය. මයිත්රිට එම නිසා එන එන සියලු දෙනා ගන්න වෙලා තියනවා. ඒ අය මහමතිවරනෙකින් පාර්ලිමේන්තු යවන නොයවන එක ඔබගේ කාර්යයක්.

    bravehearts:ඔබ හරි මෛත්‍රීට තව කාලය දෙන්න ඕන හැබැයි ඒක කල් මැරීමක් නොවීමට වග බලා ගන්න ඕන හොදට නුල කියෙව්වොත් ඔයාට තේරේවි මෙතන මිනිස්සුන්ට(ලංකාවේ සියලුම දෙනාට) වෙනදා හම්බෙන්නේ නැති අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ අවස්ථාව තියෙන්නේ දවස් 100ක් විතරයි ඒකෙ උපරිම දේ ගන්න බලමු.2/3 කථාව චන්දෙ දවස්වල නිතර කතා කරපු පොඩ්ඩක් ඉන්න මේක කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1655630
    අපිට මේ හොරු අයින් කරලා 2/3 හදාගන්න බැරිද ? සන්දානයේ හොද අයගෙන් විතරක්


    maxboysl;මන් දැක්ක තව දෙයක් තමයි රවී චන්දිකා හොරකම් කළා කියලා මහින්දගේ හොර වැඩ සිඋම් විදියට සදරනිකරණය කරලා තිඋයනවා. රවී චන්ද්‍රිකා වරදනම් ඊ ඔයාට කියන්න බැරි මහින්දත් වැරදි කියලා.

    bravehearts:දැන් මන් කියල තියේද මහින්ද හරිමයි කියලා, ඔන්න දැනුත් කියන්නම්කො මහින්ද වැරදියි මොනවටද ?
    1. තමන් හොරකම් කල නිසා, සමහර තැන්වලදී නීතියට පිටින් වැඩ කල නිසා
    2. තමන්ගේ පව්ලේ අයගේ වැරදි වැලක්වුයේ නැති නිසා
    3. තමන්ගේ ආණ්ඩුවේ සාමාජිකයන්ගේ වැරදි වලක්වුයේ නැති නිසා
    කලින් හිටපු නායකයෝ ඔක්කොගේමත් මේවා අඩු වැඩි වශයෙන් තිබ්බා කියන එකයි මන් කියලා තියෙන්නේ


    maxboysl;සමස්තයක් විදියට ගත්තම ප්මේ යන ක්‍රමය ඉතා නරාකයි කියලා පෙනේවා. මේ පරදන පක්ෂ 2ම මිනිසුන්ට වෙන් සෙතක් නැහැ කියලා පේනවා. ඒ නිසා හොද විකල්පයක් තෝරාගන්න.

    bravehearts:මේ කතාව ඇත්ත JVP එකට හොද ගමනක් යන්න පුළුවන් හැබැයි මහින්ද විතරක් විවේචනයෙන් ඒක ලැබෙන්නේ නෑ [ජනදිපතිවරණේ මම මහින්දට දුන්නේ හැබැයි මහා මතිවරනේදී මම දෙන්න හිතන් හිටියේ JVP එකට දැනටත් ඒකේ වෙනසක් නෑ ඉදිරියටත් එහෙම වෙනසක් නොවෙයි]

    maxboysl;ත්‍රෙඩ් එක ලොකු වැඩි. අනිත් අයගේ ලිපි දානකොට ලින්ක් එක විතරක් දැම්මනම් හොදයි. නැත්තම් අච්ච්රුවක් වගෙයි

    bravehearts:ම්හ්හ් ඒක මන් එහෙම දැම්මේ අනිත් නුල load නොකර මේකෙම කරුණු කියවන් යන්න පුළුවන් නිසයි proof ඕන නිසා link එක දැම්මා. ගැලපෙන වෙනසක් කරන්නම්

    maxboysl;සමස්ත අදහස නම් තියෙන්නේ මහින්ද දිගටම හිටියනම් හොදයි වගේ අදහසක් මතු කරන්න හදනවා වගේ. එක හරිද වැරදිද කියලා ඔයාම තීරණය කරන්න. පුලුවන්නම් ලින්ක් ටික විතරක් දන්න. අනිත් හ්රෙඩ් වල. සමස්ත අදහස සාරාංශ කරලා කියන්න. ඉස්සරගටත් මේ වගේ හොදට ලියන්න

    bravehearts:ආයෙමත් ස්තුත්යි අගය කරාට. මන් දරපු මතය නම් මහින්ද දිගටම හිටිය නම් හොදයි කියන එක තම මොකෝ මන් මහින්දට vote කරා කියලා ලියලා තිබ්බනේ.එහෙම කරේ ඇයි කියලත් දාලා තිබ්බා ඒක මගේ මතය බහුතර මතයට ගරු කරනවා කියලත් ලියලා තිබ්බා. අපි අපි බොරු ලිය ගත්තොත් හැමදාම බොරු කියන දේශපාලකයෝ ගානට අපි වැටෙනවනේ. ඒ අයව විවේචනය සදහා මේ නුල දැම්මේ පොදුවේ මහජනයාට හොදක් කරගන්න.

    අවසාන වශයෙන්

    * මහින්ද දැන් ගිහින් ඒත් හොද සවිමත් විපක්ෂයක් හැදෙන එක වලක්වන්න එපා එකේ පාඩුව ජනතාවටමයි

    * මෛත්‍රී දැන් ඇවිල්ලනේ ගෙන්න මේ සමාජ ජාල උදව් කරගත්තා වගේ දවස් 100 යනකන්වත් මේවගෙන් බලපෑමක් කරන්න නොනවත්වා කරන්න එකේ වාසිය ජනතාවටයි

    ජනාධිපති කෙනෙක් පත් උනහම පාර්ලිමේන්තුව විසුරවලා තමන්ගේ ආණ්ඩුවක් අවු 6කට ගෙන එකයි කරන්නේ මේක විශේෂ අවස්ථාවක්. මේකේ ප්‍රයෝජනේ ගන්න බලමු.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ මෙම නුල සදහා මම දාන අන්තිම "බුම්ප්" එකයි මෛත්‍රීට චන්දෙ දාපු අය සමස්තයක් වශයෙන් එළකිරියේ වැඩියෙන් ඇති මහින්ද අපේ රටේ එක ප්‍රශ්නයක් විසදුවා කියමුකෝ {මහින්ද කිසි දෙයක් කරේ නෑ කියන අයටත් ඒ අදහස දරන්න අයිතිය තියෙනවා} තව යහපත් බොහෝ දේ කරගන්න අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ලිපියේ හරය ගැන පොඩ්ඩක් හරි අවබෝධ වෙනවනම් ඒ වෙනුවෙන් යමක් කරන්න