දුටුගැමුණු - දේවානම්පියතිස්‌ස දෙමළ රජවරු

athal eka

Member
Oct 29, 2018
418
32
0
දුටුගැමුණු - දේවානම්පියතිස්‌ස දෙමළ රජවරු

“දුටුගැමුණු - දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් - සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ" - විග්නේශ්වරන්

දුටුගැමුණු සහ දේවානම්පියතිස්‌ස රජවරුන් ද්‍රවිඩ රජවරුන් බවත්, වසර 200 කට පෙර මීගමුවේ සිට උතුරු - නැඟෙනහිර හරහා කතරගම දක්‌වා වාසය කළේ ද්‍රවිඩ ජාතිකයන් බවත් හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බව පවසන ඔහු සිංහලයන් මේ රටේ හිමිකරුවන් නොවන බව ද කියා සිටී.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවට දැක්‌වීම සඳහා 1919 න් පසු සිංහල බෞද්ධයන් මනස විකෘති කර ඇතැයි ද පවසන විග්නේෂ්වරන් වත්මන් දෙවිනුවර විෂ්ණු දේවාලය පවා ඉදිකරන ලද්දේ ද්‍රවිඩ කෝවිලක්‌ මත බවටද චෝදනා කරයි.

එසේම සිංහල භාෂාව ගැන මහාවංශයේ දක්‌වා නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.