දුටුව දෙනුවන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුටුව දෙනුවන්...

    දුටුව දෙනුවන් අතර සිත බැදි...
    ඒ දෙනෙත තව නෑ...........
    කන්කලුයි සවනත පුරා මට......
    ඒ හඩත් මෙහි නෑ.........
    වරෙක හමුවී වරෙක වෙන්වී ...
    හද පෙලා ගිය ඈ...........
    සුසුම් කදුලින් දරා ඉන්නම්...
    සෙනෙහෙ වෙනසක් නෑ.......


    ඔය දෙතොලෙන් ගිලිහෙනා
    එක් චපල වදනක්....
    නිල් දෙනෙතින් නික්මෙනා...
    එක් රුදුරු බැල්මක්.......
    නිහඩ කරවයි සසල සිතුවිලි...
    යලිත් නොයෙනා සේ..............
    පාලුවේ ඉම සොයා යන්නට
    සිතත් ලතැවිල්ලේ...........

    දුටුව දෙනුවන් .........

    වැහි බිදු බිදු වෑහෙනා..
    අදුරු ගුවන් තලේ.............
    හෙන හඩමින් පිබිදෙනා....
    චන්ඩ මාරුතයේ..........
    යලිත් සිහිවෙයි එදා ඔබෙ හඩ...
    කිමද මේ අරුමේ......
    සොදුරියේ අත වනන තුරු මා..
    තවම සිතුවිල්ලේ....


    දුටුව දෙනුවන් .........
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සන සිංදුවක ලක්ෂණ පෙනෙනවා... පෙනෙනවා වගෙයි......!

    ලස්සනයි මල්ලි...!