'දුටු තැන අල්ලනු'
ජූලි 12 වන දින පේරාදෙණිය එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගභූමියේ රංගගතවූ 'දුටු තැන අල්ලනු' වේදිකා නාට්‍යට එල්ලවූ විරෝධය / ප්‍රහාරය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අප වෙත එවූ ලිපිය.
12 වැනිදා රෑ නාට්‍ය ක්‍ෂේත්‍රයට කෙරුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මැද මම ද නිහඬව හිඳගෙන බලා උන්නෙක් මි. ගල් යුගයේ ත්‍රස්ත ප්‍රහාර හඬ මධ්‍යයේ හිස හැකි තාක් ඉදිරියට යොමා ඒ හඬ අතරින් තවමත් ගලා එන නාට්‍ය දෙබසට කන්දීමේ, අවතැන් වූ ප්‍රේක්ෂකයාගේ චරිතය මමද රඟපාමින් සිටියෙමි. ප්‍රථම, දෙවන, හා තෙවන ප්‍රහාර වට වලින් පසු වේදිකාවට පැමිණ ඊට මැදිහත්ව ඒකපාර්ශවික එකඟතා ඇතිකිරීමට උත්සාහ ගත් ආරක්ෂක නිළධාරී නාටකයද බලා සිටියෙමි. අවසන ඒකපාර්ශවික එකඟතා ඇතිකිරීමට නම්දැරූ ඔවුහු එය මුදුන්පමුණුවා බුද්ධිමත් යයි කියන ත්‍රස්තවාදීන් හට නිතරගයෙන් ජය ලබාදෙන අයුරු පෙනෙන මානයේ දුටුතැන ඇල්ලීම තවත් ඉදිරියට එහිදී නොයන බව දැනුණු පසු පීඩිත පන්තියේ අප වෙනුවෙන් සටන් වදිතැයි කියන උන්ගෙන් අපිටම පහර වදිතැයි විපරමෙන් කිලෝමීටර දෙකක් පාගමනින් ගොස් ගලහා හන්දියෙන් පැමිණෙන පළමු බසයට නැග පලා ගියෙමි. සිද්ධිය ගැන ලේ රත්වී කියවීමට උවමනාව තිබුණත් අක්කර ගණනකට කොටුව මොරදෙන උපසංස්කෘතික අරගලයක් ගැන අප කියවා ගතේ ඉතිරිවී ඇති ලේ බිඳ ද නසා ගන්නේ ඇයි හා පසුදා උදෑසන සැබෑ පීඩිත පන්තියේ සැබෑ අරගලය හෙවත් රැකියාවට යාමට තිබූ හෙයින් මුහුණ කට සෝදා නිදාගතිමි. දින ගතවෙද්දී කිසිවෙකුත් කිසිවක් නොකියන බව පෙනුණු නිසා මමද නිහඬව සිටියෙමි. දින තුනක් ගිය තැන මේ ගැන මා සිතුවාට වඩා මට නොපෙනීම කතාව ඉදිරියට ගොස් ඇති බව දුටු තැන මමද මෙසේ ලියමි. ත්‍රස්ත ප්‍රහාරය මැද ප්‍රේක්ෂකාගාරයේ සිටි මගේ අත්දැකීම මේ ගැන හඬ නගා ඇති ඔබට ලියා එවීමට සිතුවෙමි.
මුලින්ම මා හිස නමා අචාර කල යුත්තේ ප්‍රහාර මැද නොකඩවා රංග කෞශල්‍යය දැක්වූ හා ඉන්පසු ද ඔවුනට එරෙහිව හඬ අවදිකරමින් තවදුරටත් නාට්‍යය රඟදැක්වීමට උත්සාහ ගත් ඔබ, ඔබේ සහෝදර කැල හා ඔබේ නායකත්වය කෞශල්‍යා ප්‍රනාන්දු ශිල්පිනියටයි. ප්‍රශ්නය ගැන කියනවා නම් මා මුලින්ම කිව යුත්තේ මා දන්නා තරමින් මෙය හතු පිපෙන්නාක් මෙන් එකවර එහිදී පැනනැගුනු ප්‍රශ්නයක් නොවන බවයි. නාට්‍යය ආරම්භයට පෙර මා විසින් නිරීක්ෂණය කල එක දෙයකි. එනම් වෙනත් කිසිදාක නොවූ පරිදි අක්කර ගණනක එම භූමියේ අරක්ගත් මහා ශිෂ්‍යයන් නමැති උදවියගේ ප්‍රභූවරුන් යැයි කිවහැකි මා විසින් දැක ඇති කොටසක් මින් පෙර නොවූ විරූ ලෙස ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයින් මැද අසුන් ගැනීමයි. සාමාන්‍යයෙන් මා දැක ඇති ආකාරයට නම් මින් පෙර සිදුව ඇත්තේ සංවිධායකයා ඔවුනට හිතවාදී නම් ඉදිරිපස අසුන් හා ආරම්භක කතා ද, විරුද්ධවාදී නම් නොපැමිණීම ය. සාමාන්‍යයෙන් විද්යාර්තයින්ගේ සංගමය යනු ඔවුන්ට විරුද්ධවාදී (යැයි ඔවුන් කියාගන්නා) පරිපාලන චරිත වලින් හෙබි ඒකකයක් නිසා මහා ශිෂ්‍යයින් එහි පැමිණීමක් නොවනු ඇතැයි මා සිතුවද මෙවර එම ප්‍රභූ කැල අප අතරම හිඳගැනීම ප්‍රශ්නසහගත දෙයක්ම විය. කඩාකප්පල් කාරී ක්‍රියාවක් වේදෝ සිතුනත් බුද්ධිමත් යැයි අප සිතනා ඔවුහු එවන් දෙයක් කිසිසේත්ම නොකරනු ඇතැයි සිතා නාට්‍යය බැලීමේ අදිටනට සිත යොමා සිටියෙමි. නමුත් ලාවට හටගත් සැකය තදටම ඔප්පු කරමින් නාට්‍යය මැදදී සිදිවුඋයේ අපට මෙතෙක් රටේ වැළැක්වූවා යැයි කිවූ ත්‍රස්තවාදයේ ප්‍රතිරන්ගනයක් අත්විදීමටයි.
මා දන්නා තව දෙයක් නම් මේ සිද්ධිය තවත් පෙර සිද්ධි දාමයක පුරුකක් බවයි. මීට සති දෙක තුනකට පෙර ලෙනින්ගේ රූපයක් විශ්ව විද්‍යාල ශාලාවක එල්ලීම වැළැක්වූවා යැයි කියමින් පාලන ඒකකය කෙරෙහි ඔවුන්ගේ ජානගත විරූධය නැවත පනගැන්වී තිබිණි. ඒ පිලිබඳ ඔවුන් ප්‍රසිද්ධ වශයෙන්ම පසුගිය 21 පවතී ගීතාංජලී සංගීත ප්‍රසංගයේ දී ප්‍රකාශ කරනු මා අසා සිටියෙමි. ඊට පසු පුරුක වන්නේ පසුගිය ජූලි 7 වැනි දින විශ්වවිද්‍යාලයේ පවතී ඩෙංගු මර්ධන ශ්‍රමදානයකට පාලන ඒකක නිලධාරීන්ට සහය දුන්නා කියා විශ්ව විද්‍යාල නවක වද විරෝධී ශිෂ්‍ය සංගමයට හා ඔවුන්ටම ශිල්ප උගන්වන මහාචාර්ය වරුන්ට හා වරියන් ට නවක වදයට අතිශයින් අනුග්‍රහය දක්වන මහා සිසුන් විසින් උදළු, සවල්, ගල්, මුල් වලින් හකු පනින තුරු, ඔලු පැලෙන තුරු පහරදී රෝහල්ගත කර එහිදී ද සිය හිතමිත්‍ර වෙද සිසුන් ලවා ඔවුනට ප්‍රතිකාර කිරීම පැහැර හැරීමට උත්සාහ කල මහා ත්‍රස්තවාදී ක්‍රියාවයි. දුටු තැන අල්ලනු 12 වෙනිදා පේරාදෙණියට ඇතුළු වන්නේ මෙකී භීෂණකාරී පසුබිම තුලයි.
අවසන් පුරුක (දැනට) ලෙස සිදුවන 12 වැනිදා සිදුවීම දෙස බලනවානම් එහි සිදුවන දේ මා දකින්නේ මෙලෙසිනි. ආදිවාසී හූ ප්‍රහාරය පෙර සැලසුම් එකක් බවට පෙනීමට තිබුණි. නමුත් ඔබ අප සියල්ලට ඇසුණු ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ පේරාදෙණියට සදාචාරයක් ඇති බවත් නාට්‍යයේ සිපගැනීම් හා සංකේතවාදී ලිංගිකමය අන්තර්ගතය හේතුවෙන් එය කෙලෙසෙන බවත් ය. රංග භූමියෙන් අඩි දෙකකට එහා ලිංගික ක්රියාවටම නම් කල ප්‍රදේශයක් නිල වශයෙන් පවත්වාගෙන යන භූමියක මෙයනම් විහිළුවකි. ලිංගික හෝ සංවේදී මනුෂ්‍ය සබඳතා දර්ශන තවමත් සාම්ප්‍රදායික සංස්කෘතියෙන් මිරිකී ඇති පිටස්තර ලෝකයට නම් දරාගත නොහැකියි කියා පිළිගත හැකි වුවත් මොවුනට එය දරාගත නොහැකි වීම විහිළුවකි. මා ඔවුන් විසින් දැක්වූ එම අර්ථකථනය දකින්නේ එහි සිටි විශ්වවිද්‍යාල නොවූ අප වැනි මහජනතාව ඉදිරියේ තමන් සාධාරණ යැයි පෙන්වීමට සමාජ විලිබිය නමැති සාම්ප්‍රදායික කරුණ උලුප්පවා දැක්වීමට කල උත්සාහයක් ලෙසයි. එමෙන්ම එය පිළිගත නොහැක්කේ මීට පෙර එම රංග භූමියේම රඟදැක්වූ නාට්‍ය තුන ගතහොත් ජූනි 6 වැනිදා රඟදැක්වූ ධර්මප්‍රිය ඩයස් ගේ සාදය මාරයි සල්ලි හමාරයි හි, ජූලි 4 හා 5 දිනයන්හි පිළිවෙලින් රංග ගතවන ලූෂන් බුලත්සින්හලයන්ගේ තාරාවෝ ඉගිලෙති හා චාමික හත්ලහවතගේ ගේ මකරට යන නාට්‍ය වලද අඩු වැඩි වශයෙන් සංකේත වාදී ලිංගිකමය දෙබස්, නිරූපන හා සිපගැනීම් ඇතිතරම් තිබූ නිසයි. නමුත් 12 වෙනිදා දැක්වූ එම අර්ථ ශූන්‍ය විරෝධයේදී ඔවුන් නොසිතු ලෙස ඔබ කණ්ඩායමෙන් එල්ලවූ ප්‍රතිවිරෝධය හා ප්‍රේක්ෂකාගාරයෙන් තවමත් නැගිට නොයන මිනිසුන් හා මා නොදන්නා සමහර විට ඔබ දන්නා "Continue the play, we want to see it!" යැයි නොබියව ප්‍රතිවිරෝධය ඉදිරිපත් කල ප්‍රේක්ෂක ඔහු හමුවේ ඔවුන්ගේ එම තර්කය බිඳවැටෙන්නේ ඉන්පසු ඔවුන් විසින් මහා හැඳින කිවූ "අපිට මේ නාට්ටියත් එක්ක ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක සංවිධානය කරපු උන් එක්ක" යැයි නව හා සත්‍ය තර්කය ගෙන එමිනි. මෙහිදී බොහෝදෙනා විසින් දක්වා ඇති චීවරධාරියා ගේ පූජනීය වේදිකාව නැමති නාටකය මා හට මගහැරුනේ සමහරවිට එය උස් හඬින් රංගගත නොවීම හෝ වෙන්නේ කුමක්දැයි හතරවට විපරම් කිරීම නිසා හෝ වීමට පුළුවන. කෙසේවෙතත් එම මහා ශිෂ්‍ය තර්ක මැද නැවතත් "ඔතන security එකෙන් පොල් ගානවද? ඕකුන් ටික මෙතනින් දැන් යවපල්ලා" නමැති උස් හඬත් සමගම ඒක පාර්ශවික එකඟතා ඇතිකිරීම තවත් වේගවත් වන බව පෙනීමට තිබිණි. එකඟතා සාර්ථකවී වේදිකාව මත වාදය කතාබහකට හරවාගෙන ඇතිබව පෙනුණු පසු නාට්‍යය තවදුරටත් ඉදිරියට නොයන බව තේරුම්ගත් මා එතනින් පිටව යන්නේ ය.
සිද්ධිය වන්නේ එසේය. කෙසේ වුවද ශ්‍රීලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයට මහා ශ්‍රේෂ්ඨ මිනිසුන් දායාද කල භූමියක, නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පාඨමාලා පැවැත්වෙන, එම නමගිය ශ්‍රේෂ්ඨ උරුමය ඉදිරියට ගෙන යා යුතු වූවන් විසින්ම කලාවට ගල් මුල් වැදීම ඉතාම පිළිකුල් සහගත දෙයක් මය. සාමාන්‍ය ජනයා ගෙන් නාට්‍යට අකමැතිව වදින ගල් පහරක් ඉවසිය හැකිමුත් විචාරකයන් ලෙස නාට්‍යයට ප්‍රතිචාර දැක්විය යුතු, එම යුතුකම එම භූමියෙන්ම ඉගෙනගන්නා ඔවුන් විසින් මෙලෙස ප්‍රතිචාර දැක්වීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලාදකිමි. "කලාව යනු සියලු ප්‍රශ්න වලට විසඳුමකි" යැයි විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය විසින් සංවිධානය කල සාදය මාරයි සල්ලි හමාරයි හි ආරම්භක කතාවක් කරමින් අප ඉදිරියේදීම කිවූ මහා ශිෂ්‍යයින් විසින් ඉන් මසකට පසු එකී කලාවම ගල්ගසා එළවීම පිළිකුල් සහගත ය. මා දන්නා තරමින් මේ වනවිටත් ඔවුන්ගෙන් ඒ පිලිබඳ සමාව ගැනීමක් හෝ වෙනත් මොනයම්හෝ ප්‍රතිචාරයක් ලැබී නැත. කෙසේ වෙතත් මා නම් යෝජනා කරන්නේ මෙවන් අධම ක්‍රියා අධෛර්යමත් කිරීම අප කල යුතුමය. මා නාට්‍ය කරුවෙකු නොවුනත් නාට්‍ය කරුවෙකු සිය නිර්මාණය හොඳින් ඉදිරිපත්කිරීමට වන වෙහෙසීම මා හොඳින් දන්නෙමි. මා දකින අයුරින් එය දෙවැනි වන්නේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් වන වෙහෙසීමට පමණි. එලෙස මහත් ලෙස කැප කරමින් ඉදිරිපත් කරන නාට්‍ය වලට ඒවත් පහත් ප්‍රතිචාර කිසිසේත් නොලැබිය යුතුය, පහත් ප්‍රතිචාර මැද කැප කිරීම් එලි දැක්වීමට නම් එම භූමියට නැවත දුටු තැන අල්ලනු පමණක් නොව වෙනත් කිසිදු නාට්‍යයක් නොයා යුතුය. මා දුටු තැන අල්ලනු මින් පෙර බලා නැත. බැලීමට පැමිණි ප්‍රථම අවස්ථාවද එලෙස කඩාකප්පල් විය. නැවත එය රන්ගාගත් වන තැනකට පැමිණ නැරඹීමට බලාපොරොත්තුවෙමි. නැවතත් මගේ ප්‍රණාමය ඔබ කණ්ඩායමට පුදකරන්නේ නිර්භීත රංගනයට පමණක් නොව අධම ප්‍රතිචාර වලට විරුද්ධව නැගී සිටීමට ඔබ සැමට ඇති ශක්තිමත් කොඳු නාරටි වලටය.
(ප්‍රසිද්ධ කරන්නේ නම් නිර්ණාමිකව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමි. මන්ද යත් තවදුරටත් හිවලුන් තවමත් වසන එම භූමියට යාමට ඒමට සිදුවන නිසාය.)
Namal Jayasinghe
https://www.facebook.com/namal.jayasinghe.96/posts/10153855987737861