දුම්කොල සමාගම් හා කාන්තා විමුක්තිය
දුම්කොල සමාගම් හා කාන්තා විමුක්තිය
ඇමරිකනු කාන්තාවන්ගෙන් 1/5 කට ආසන්න ප්‍රමාණයක් දුම් පානය කරන්නේ ඇයි? මේකට උත්තරය හොයන්න අවුරුදු 80 කට කලින් නිව් යොර්ක් නුවර 5 වන පටුමගට යන්න වෙනවා. මේ සිදුවීම ඇමරිකානු ඉතිහාසයේ සාර්ථකම ප්‍රචාරක ව්‍යාපාරය කියලා හඳුන්වන්න පුළුවන්.
20 වැනි සියවස ආරම්භයේදී ප්‍රසිද්දියේ දුම් පානය කිරීම අශීලාචාර ගැහැණුන්ගේ හැසිරීමක් ලෙස පිලිගෙන තිබුණා. දුම්පානය පිරිමින්ට පමණක් සීමා වූ දෙයක් ලෙස පිළිගැනුනා. 1919 නිව් යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාවක පිරිමියෙක් කාන්තා දුම් පානය ගැන අදහස් දක්වමින් මෙසේ පවසනවා.
"මම හරිම අකමැතියි කාන්තාවන් දුම් පානය කරනවා දකින්න. සදාචාරය ගැන ප්‍රශ්නය පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්, මම හිතන්නේ කාන්තාවන් දුම්පානය කරන්න හරියට දන්නෙවත් නෑ. එක දුම් බොන කාන්තාවක් පිට කරන දුම් ප්‍රමාණය, මේසයක් වටවී සිටින දුම්බොන පිරිමින්වත් පිට කරන්නේ නෑ. කාන්තාවන් දන්නෙ නෑ සිගරට් දුමට කරන්නෙ මොකද්ද කියලා. ඒ වගේම කන්තාවන් සිගරට් එක හරියට අල්ලන්නවත් දන්නෙ නෑ. ඒ ගොල්ලෙ මුළු වැඩේම අනා ගන්නවා."
නමුත් දුම්කොල සමාගම් වලට මේ තත්වය වෙනස් කරන්න ඕන වුනා. ඔවුන්ට අවබෝධ වුනා කාන්තාවන් මනුෂ්‍ය ජනගහනයෙන් හරි අඩක් බව.
ඒ නිසා නූතන ප්‍රචාරණ කලාවේ පියා ලෙස සැලකෙන එඩ්වඩ් බර්නෙයිස් අමෙරිකන් දුම්කොල සමාගම් විසින් මේ සදහා යොදා ගත්තා.
කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාගැනිමේ ව්‍යාපාරය මේ දිනවල ප්‍රචලිතව පවතින බව අවබෝධ කර ගත් ඔහු සමානාත්මතාවය පිළිඹද අදහස් තම ප්‍රචාරන ව්‍යාප්‍රතිය සඳහා යොදා ගත්තා.ඔහු වැදගත් කන්තාවන් ගණනාවට , 1929 පාස්කු දින 5 වැනි පටුමගේ පැවැත්වෙන පෙලපාලියේදී තම විරෝධතාවය දැක්වීම පිනිස සිගරට් දල්වන ලෙස උපදෙස් ලබා දුන්නා. ඔවුන් අතර ඔහුගේ ලිපිකාරිණියද වුනා.
එලෙස සිගාරට් දල්වාගෙන ගිය එක කාන්තාවක් මේ සඳහා තමන්ට අදහස ලැබුනේ ඔහු අපහසුතාවයට පත්වෙන නිසා එක් දිනක් තමන් දල්වා ගෙන ගිය සිගරට් එක නිවන ලෙස පිරිමියෙකු තමන්ගෙන් ඉල්ලා සිටීමේ සිද්ධියක් නිසා බව පවසා සිටියා.
එඩ්වඩ් බර්නෙයිස් සිය චරිතාපදානයේ දක්වා ඇති පරිදි මේ බොරු මාධ්‍යය විසින් විශ්වාස කලා.
තරුණ කාන්තාවන් 10 දෙනෙක් පමණ තමන්ගේ නිදහසේ ගිනි සිළු (සිගරට්) දල්වා ගෙන පස්වැනි පටුමගේ ගමන් කරා. මේ පුවතට පුවත් පත් ඉතා කැමති වුනා. හොඳින් ඇඳ පැළද ගත් කාන්තාවන් සිය සිගරට් දල්වා ගෙනගමන් කල ආකාරය පිළිබද පුවත් පසුදා ඇමරිකාව පුරා පුවත් පත් වල පල වුනා.
ටයිම්ස් පුවත් පත් මේ පුවත කාන්තාවන් සිය සිගරට් දුම් පිට කිරීම නිදහසේ සංකේතයක් ලෙස වාර්තා කර තිබුනා.
මේ සිද්දියෙන් අවුරුද්දකට පමණ පසු කාන්තාවන් ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම සමාජය පිලිගත් දෙයක් හැටියට සැලකුණා.
සිගරට් නිදහසේ ගිනි සිළු බවට පත් වුනා.
දුම්කොල සමාගම් සිය ප්‍රචාරණය විශේෂයෙන්ම කාන්තාවන් ඉලක්ක කරගෙන දියත් කරා. වඩාත් සාර්ථක ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස සැලකුණේ දුම්පානය කිරීමෙන් කාන්තාවන්ට සිය සිරුරේ කෙට්ටු බව රැක ගත් හැකි බවට සඳහන් කල ව්‍යාපෘතියයි.
දුම්කොල සමාගම 1998 දි නිකුත් කල ලියවිලි වලට අනුව, ඔවුන් කාන්තාවන්ගේ දුම්පානය කිරීමේ පුරුදු ගැන අධ්‍යයනය කිරීම සඳහා 'හෙට දිනයේ කාන්තාව' , 'ශක්තිමත් ගැහැණිය' වැනි නම් යොදාගෙන තිබූ බව හෙළි වුනා.
කාන්තාවන් වෙනුවෙන්ම සිගරට් ප්‍රචාරණය කිරීම Virginia Slims සිගරට් වර්ගය 1968 දී හදුන්වා දීමත් සමග දිගටම කරගෙන ගියා. ඉම සිගරට් වර්ගයේ තේමාව වූයේ “You’ve come a long way, baby” යන්නයි. මෙය ස්ත්‍රීවාදි ව්‍යාපරය සම්බන්දයෙන් කරන ලද ප්‍රකාශයකි.
Original artlicle nytimes
https://cityroom.blogs.nytimes.com/2008/10/10/big-tobaccos-spin-on-womens-liberation/
For those who believe in the freedom of choice. The brute facts are that some are genetically prone to alcohol addiction. So if we remove the stigma attached to the women and alcohol , we WILL see a rise in alcohol addicted women.. There is very little choice involved in it. So if you are suggesting we expose a largely unexposed demographic to alcohol you should own up to the consequences. You can't tip toe your way around them by saying stuff like women are intelligent enough to chose what is best for them.
Some social conventions are actually beneficial to all of us.. We should not break the boundaries for the sake of breaking them...So I suggest rather than removing the stigma around women and alcohol, we should try to make drinking altogether more socially unacceptable....

Last edited: