Dawasata 1 Sigar ekak hari gahanwa bn. Nawaththaganna baruwa inne.දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමේ හැකියාව වෙනත් පුද්ගලයින්ට සාපේක්ෂව 14 ගුණයකින් වැඩි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ දුම් පානය කරන පුද්ගලයින් අසල රැඳීසිටින සෙසු පුද්ගලයින්ට ද එම ප්‍රතිඵල අත්විය හැකි බවය.
එවැනි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ විට අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය සාමාධි රාජපක්ෂ මහතා පැවසීය.
ඔවුන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වුවද නිසි ආරක්ෂාවක් නොලැබෙන බව අද (21) පැවැති මාධ්‍ය හමුවකදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
