"දුම්බොන අලියා"; විද්‍යාඥයන්ටත් ප්‍රහේල&#3

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    "දුම්බොන අලියා"; විද්‍යාඥයන්ටත් ප්‍රහේල&#3

    0b7e77e390.jpg

    වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති.
    තත්පර හතළිස් අටක වීඩියෝ දර්ශනය රූ ගත කරනු ලැබ ඇත්තේ ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යාඥ විනෙයි කුමාර් විසිනි.
    2016 අප්‍රේල් මස කර්ණාටක ප්‍රාන්තයේ 'නගර්හෝල්' වනයේ සිදු කළ නිල සංචාරයක් අතරවාරයේ එම දර්ශනය රූගත කරනු ලැබ ඇත.
    "එහි ඇති වැදගත්කම හරිහැටි තේරුම් නොගත් බැවින්" අදාළ වීඩියෝ පටය ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නොකළ බව ඔහු බීබීසීයට අදහස් දක්වමින් සඳහන් කළේය.
    අලියා සිය මුවින් දුම් පිඹින්නේ ඇයිදැයි යන්න මෙතෙක් තමන්ට පැහැදිලි නොමැති බව විද්‍යාඥයෝ පවසති.
    "අපේ දැනුම අනුව, වන අලියකුගේ මේවගේ හැසිරීමක් ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් රූ ගත කෙරුණ පළමු අවස්ථාව මෙයයි. මේ සිදුවීම විද්‍යාඥයන්ට සහ ප්‍රවීණයන්ට ප්‍රහේලිකාවක්" යයි ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
    "අඟුරු ආහාරයට ගැනීම"
    ව්‍යාඝ්‍රයන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබුණ සඟවන ලද කැමරා නිරීක්ෂණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් උදෑසන වනයට ඇතුල් වූ බව විනෙයි කුමාර් පවසයි. එහිදී මීටර් පනහක් පමණ දුරින් සිටි ඇතින්නියක තමන්ට දැක ගැනීමට ලැබුණු බව කී ඔහු එම දර්ශනය රූ ගත කළ බව සඳහන් කළේය.
    මිනිස් අධීක්ෂණය යටතේ පාලනයකට අනුව ගිනි තබන ලද භූමි කොටසක ඉතිරිව තිබු "අඟුරු කොටස් අලියා විසින් ආහාරයට ගනු ලබන ආකාරයක් පෙනෙන්නට තිබුණු බව" ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
    "ඇතින්න පොළොවේ තිබුණ නිවුන අඟුරු අනුභව කරන ආකාරයක් තමයි එදා අපට පෙනුනේ. ඇය හොඬයෙන් අළු ඇදලා මුවට ලං කරලා පිම්බා" විනෙයි කුමාර් පවසයි.
    ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට
    'අලි නින්ද' ගැන මේ කරුණු දැන සිටියාද?
    අදාළ වීඩියෝ දර්ශනය පරීක්ෂාවට ලක් කළ අලිඇතුන් පිළිබඳ ජීව විද්‍යාඥයෙකු වන වරුන් ආර් ගෝස්වාමි සිය තේරුම් ගැනීම මෙසේ විස්තර කළේය.
    "ගිනි ගෙන දැවී ගිය පොලොව මතුපිට තිබු යමක් අහුලා ගෙන, එය බොහෝ විට දැවී අඟුරු වී ගිය කොටසක් ආහාරයට ගැනීමට උත්සාහ කළා වෙන්න පුළුවන්. එය ආහාරයට ගන්නා අවස්ථාවේ එහි තිබු අළු පිටතට පිම්බා විය හැකියි"
    අඟුරු තුළ අඩංගු ඖෂධීය ගුණය සලකමින් ලැව්ගිනි සහ අකුණු ගැසීමෙන් පසු ඉතිරිවන අඟුරු කොටස් ආහාරයට ගැනීමට වන සතුන් යොමු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    (BBC) mawbima
     
    • Like
    Reactions: Molock

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මෙය පරිසරය සිසිල් අවස්ථාවක (නුවරඑළිය වගේ)
    හුස්ම පිටකරන විටකදීත් වෙන්න පුළුවන් නේද

    අත් දැකීම් ඇති කියල හිතනවා:no::no::no::no:
     
    • Like
    Reactions: Molock

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,976
    1,236
    113
    නුවර
    "අඟුරු ආහාරයට ගැනීම"
    ව්‍යාඝ්‍රයන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබුණ සඟවන ලද කැමරා නිරීක්ෂණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් උදෑසන වනයට ඇතුල් වූ බව විනෙයි කුමාර් පවසයි. එහිදී මීටර් පනහක් පමණ දුරින් සිටි ඇතින්නියක තමන්ට දැක ගැනීමට ලැබුණු බව කී ඔහු එම දර්ශනය රූ ගත කළ බව සඳහන් කළේය.
    මිනිස් අධීක්ෂණය යටතේ පාලනයකට අනුව ගිනි තබන ලද භූමි කොටසක ඉතිරිව තිබු "අඟුරු කොටස් අලියා විසින් ආහාරයට ගනු ලබන ආකාරයක් පෙනෙන්නට තිබුණු බව" ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
    "ඇතින්න පොළොවේ තිබුණ නිවුන අඟුරු අනුභව කරන ආකාරයක් තමයි එදා අපට පෙනුනේ. ඇය හොඬයෙන් අළු ඇදලා මුවට ලං කරලා පිම්බා" විනෙයි කුමාර් පවසයි.

    such a misleading news, writers or jokers :no::no::no:

    that aliya eats kind of puffball mushrooms nothing more :yes:

    මෙය පරිසරය සිසිල් අවස්ථාවක (නුවරඑළිය වගේ)
    හුස්ම පිටකරන විටකදීත් වෙන්න පුළුවන් නේද

    අත් දැකීම් ඇති කියල හිතනවා:no::no::no::no:

    අගුරු සීන් එක තමා වෙන්නේ

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මත් වෙන්න පුලුවන් මොනා හරි තියෙන්න ඇති.
     
    Similar threads