දුම්රියෙන් වැටී චීන ජාතික තරුණියක් මරුට

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දුම්රියෙන් වැටී චීන ජාතික තරුණියක් මරුට

    ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ ගමන් කළ චීන ජාතික තරුණියක ඉන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාදම්පේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම තරුණිය පාපුවරුවෙන් වැටී අනතුර සිදුවූ බව අම්බලංගොඩ පොලීසිය ප්‍රකාශ කළා.

    මෙසේ ජීවිතක්‍ෂයට පත්වුණේ ඩෙන් යෂී නමැති 25 හැවිරිදි චීන ජාතික තරුණියක්. තම යෙහෙළියත් සමග දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි අවස්ථාවේ ඇය අනතුරට ලක්ව ඇති බව අම්බලංගොඩ පොලීසිය සඳහන් කළා. පාපුවරුවේ ගමන් කළ මෙම චීන ජාතික කාන්තාව මාදම්පේ දුම්රිය ස්ථානයේ වේදිකාවේ ගැටී යළි දුම්රිය මාර්ගයට වැටී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


    selfie ekak ganna gihin kiyala thamayi aranchi