දුම්රිය මැදිරියක වැසිකිළියක තිබී බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි 😢😢😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,462
    8,616
    113




    මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) හමුවී තිබේ.

    මියගොස් ඇති බිළිඳියගේ වයස දින තුනක් පමණ වන බව වාර්තා වේ.

    පුත්තලමේ සිට අද උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබේ.

    එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී ඔවුන් දැක ඇත්තේ කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරුය.

    මියගිය බිළිඳිය පිළිබඳ මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

    මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ ඇය දින තුනක් පමණ වයසැති බිළිඳියක් බවය.

    සිරුරේ පෙකණි වැලේ කොටසක් ද ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබුණි.

    පොලිසිය සැක කරන්නේ මෙය රෝහලකදී සිදුවූ දරු උපතක් ද නොවන බවය.

    දරුවා බහා තිබූ මල්ල විනිවිද පෙනෙන එකක් වූ අතර එය තීරු බදු රහිත හෙවත් DUTY FREE වෙළෙඳසැලකින් ලබාගත් බෑගයක් බවට හඳුනාගෙන තිබේ.

    එහි තිබූ QR කේතයක් ස්කෑන්කර බැලීමේදී එය ඩුබායි රාජ්‍යයට අයත් DUTY FREE බෑගයක් බව තහවුරු කරගත් බව පොලිසිය පැවසුවේය.

    දරුවාගේ මෘත දේහය සහ දුම්රිය මැදිරිය පරීක්ෂාව සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට අද පස්වරුවේ පැමිණියේය.

    අනතුරුව මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රැගෙන යනු ලැබුවේය.