දුම්රිය වර්ජනයක්.. මගීන් හා සේවකයන් ගැටෙති.. හමුදාව කැදවති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල යුද හමුදාව හා පොලිස් නිලධාරීන් කැඳවා තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අද දිනයේ සිදු කරන දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් සලකා බලා මෙසේ අතිරේක ආරක්ෂාව ද යෙදවූ බවයි.

    එම දුම්රිය ස්ථාන ද ඇතුළු රට පුරා බොහෝ දුම්රිය ස්ථාන වල මගී ජනතාව විසින් දුම්රිය කාර්යමණ්ඩල සමග ගැටීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිව තිබේ. එම තත්ත්වයන් මත බොහෝ දුම්රිය ස්ථාන වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමටද කටයුතු කර ඇත.

    මේ අතර අද දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත්තේ දුම්රිය ක්‍රියාකරුවන් විසින් වර්ජනයක් දියත් කිරීම හේතුවෙනි.

    තවත් දුම්රිය රැසක් ප්‍රමාද විය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    n4s1pu.jpg