දුම්රිය ගමන් රැසක් නවතී - මගීන්ට දැනුම්දීමක්..⛔⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දුම්රිය ගමන් රැසක් නවතී - මගීන්ට දැනුම්දීමක්

    උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

    මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

    එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කළේය.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන් කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණි.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අස් කරල දාන්න තිියෙන්නේ සක්කිලි බල්ලොන්ව..රට අවුලවල බලේ ගන්න බලන් ඉන්න සක්කිලි
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Me huttige puthalage names pitin public karala aye gov jobs karanna bari karanna one.
    Mona huttak da yako me kari JVP pakku