දුම්‍රියේ තනි වූ දරුවා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ ලිංගික අධ්‍යාපනය, ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන කෙරෙන දැනුවත් කිරීම් කුණුහරුපයක් නොවුණු දවසට,

    තනි මාපියෙකු (single parent) දරුවකු හදාගැනීම දෙස වපරැහින් නොබලන සමාජයක් බිහිවුණු දවසට,

    විවාහයකින් පිටස්තරව බිහිවන දරුවෙකු අවජාතකයෙකු යැයි ලේබල් නොගසන රටක් බිහිවුණු දවසට,

    ගිහියන් ගේ පවුල් ජිවිතයට, ලිංගික අධ්‍යාපනයට ඇති අයිතියට පැවිද්දන්/ පූජකයන් ඇඟිලි නොගහන රටක් බිහි වූ දවසට,

    කොන්ඩම් එකක්, සනීපාරක්ෂක තුවායක් මිලට ගැනීම ලැජ්ජාවක් හෝ දෙවරක් හිතන්නට දෙයක් නොවන රටක් බිහිවුණ දවසට,

    සංස්කෘතික මුල්වලින් පෝෂණය ලබනවා වෙනුවට එය සිරගෙයක් කරගෙන ස්වකැමැත්තෙන් ම සිර වී සිටින ගතානුගතික හණමිටිකාරයන් පොළොවෙන් වඳ වී ගිය දවසට,

    ජාති, ආගම්, කුලමල, පාට, ශරීර ස්වභාවය, දෙමව්පියන් ගේ විවාහක අවිවාහක බව ගැන නොසිතා මේ පොළොවේ උපදින ඕනෑම දරුවෙකු "ආදරයේ දරුවෙකු" ලෙස වැළඳන්නා මිනිසුන් සිටින රටක් බිහිවුණ දවසට,

    කෝච්චියේ තනි වූ මේ බිළිඳු දරුවා සතුටින් සිනාසෙනු ඇත.

    #lka #SriLanka #childrenoflove
     
    • Dislike
    Reactions: SLK_sri