දුම් බීලා දවසට 25 -30ක් මැරෙනවා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දුම් බීලා දවසට 25 -30ක් මැරෙනවා

දුම් බීලා දවසට 25 -30ක් මැරෙනවා

දුම්පානය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් මියයන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.

ලෝක ජනගහණයට අනුව පිළිකා රෝගීන්ගේ තත්ත්වය ප්‍රතිශතයක් ලෙස බැලු විට වැඩිම පිළිකා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.

පිළිකා රෝගය සම්බන්ධයෙන් සළකා බැලීමේ දී රට තුළ මධ්‍යසාර, දුම්වැටි සහ දුම්කොළ ආදිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ පැවති පිළිකාව වළක්වා ගැනීම සහ පාලනය කිරීම පිළිබඳ ඉස්ලාමීය ආගමික නායකයින් දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය ප්‍රකාශ කර තිබේ.


අද‍දෙරන ‍වෙබ් අඩවිය​
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් දැන් සති ගානකින් බිවුවේ නැහැ.........
    පව් බන් මැරෙන මිනිස්සු
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    chain-smoking-kid.gif