දුම් රියට පැන්නා කියපු සිසුවාගේ මරණය ඝාතන
කොටි රැඳවියන්ව නිදහස් කරන මෙන් ඉල්ලා රාජේෂ්වරන් සෙන්තුරන් නැමැති පාසල් සිසුවෙක් පසුගිය දා දුම් රියට පැන සියදිවි නසාගත් බවට වාර්තා විය. එනමුත් එය සියදිවි නසාගැනීමක් නොව ඝාතනය කර දුම් රිය මාර්ගයට ඇද දැමීමක් බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නම සඳහන් කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකු හරහා සිංහල ගොසිප් වෙත මෙම තොරතුරු අනාවරණය විය.
රාජේෂ්වරන් සෙන්තුරන් සිසුවාගේ මෘත දේහයේ මූලික පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට ඔහුගේ හිසේ පිටුපසට වන්නට එනම් මස්තිෂ්කය සහ අනු මස්තිෂ්කය අතර මොට ආයුධයකින් පහර දීමේ තැලීමක් හමු වී ඇත.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය කියන්නටත් පෙර උතුරේ දේශපාලකයෝ සිසුවා මිය ගියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න යැයි ලිපියක් ලියා යැයි ජනමාධ්‍ය වලට ලිපියක් ඉදිරිපත් කරමින් කීවේය. ඒ වන විටත් පොලිසියට එවැනි ලිපියක් හමුවී නොතිබිණ.
අදාල ලිපියේ අත් අකුරු සහ සිසුවාගේ පෙළ පොත් වල තිබූ අත් අකුරු බැලූ බැල්මට සමාන වුවද අකුරු වල පැහැදිළි වෙනස්කම් පවතින බව පොලිස් කණ්ඩායම වෙත පැහැදිළි විය. එසේම එම ලිපිය මාධ්‍ය වෙත පෙන්වීම සඳහාම ලියන ලද්දක් බව පෙනී යයි. 18 හැවිරිදි සිසුවෙක් ස්ව කැමැත්තෙන් ලියන ලිපියක එවැනි පළපුරුදු බවක් පෙනෙන්නේ නැත.
යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ මහවිරු දිනය සැමරීමේ කුඩා උත්සවයක් සඳහා ඊට පෙර දා සිසුන් රාත්‍රියේ සූදානම් වෙද්දී ඊට අදාල සිසුවා කටයුතු සහභාගී වී නැත.
රාජෙෂ්වරන් සෙන්තුරන්ගේ පියා යුධ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග සම්බන්ධතා පැවැත්වූ අයෙක් වන අතර කොටින්ගේ ඔත්තු හමුදාවට දීම මත කොටි සංවිධානයෙන් ඔහුට මරණ වරෙන්තු නිකුත් කර තිබුණි. එවැන්නෙකුගේ පුතෙක් කොටි නිදහස් කරන්න කියමින් කෝච්චියට පැනීම අතිශය අස්වාභාවික බව පසක් වුණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසියෙන් ඉල්ලා තිබුණත් එය සිදුකෙරී නොමැත. පොල්සි ආරංචිමාර්ග වාර්තා කරන්නේ විග්නේෂ්වරන්ගේ ඉල්ලීම මත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ යුතු පරීක්ෂණය වළකා ඇති බවයි.
මූලික පරීක්ෂණ සිදුවීමටත් පෙරාතුව අදාල සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක් බව රජයේ මාධ්‍ය වලින් පුන පුනා වාර්තා කිරීමක්ද දක්නට ලැබුණි.
සිසුවාගේ මරණය සමග යුරෝපා කොටි ඩයස්පෝරාව නැවතත් අවදි වී සිටින අතර එම මරණය විකුණමින් යුරෝපීය ස්වෙච්ඡා සංවිධාන වලින් විශාල වශයෙන් මුදල් එකතු කරයි.
https://web.facebook.com/sinhalagossip
අනෙ මන්දා ඈත්තද කියලා