දුමින්දගෙන් හිරුනිකාට එරෙහිව පැමිණිල්ල&#
එම පැමිණිල්ලට අදාළ වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රකාශ ඇතුලත් පුවත්පත් වාර්තා , සංයුක්ත තැටි ද ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්න ලෙසට නීතිපතිවරයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවයි.
දුමින්දගෙන් හිරුනිකාට එරෙහිව පැමිණිල්ලක්
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරිපිට පොල් ගසමින් දෙවියන්ගෙන් වරෙන්තු ඉල්ලමින් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් යටතේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කලේ සැකකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසිනි.