දුමින්දට අැප...🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,040
    46,492
    113
    දැඩි ඇප කොන්දේසි මත දුමින්දට ඇප

    රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    ඒ අනුව සැකකරු රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

    එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

    එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනිඅවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනිඅවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වා සිටියේය.

    ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Licence nathi Gini awiyak langa thaba gaththama apa denawada?
    ලොයර්ස්ලා තර්ක කරන්නේ ඒක ඌ ගාව තිබුන එකක් නෙමෙයි නිසා කියලා, (වෙන ගෑනියෙක් ගාව තිබිලනේ මාට්ටු උනේ) ඒ පොයින්ට් එකෙන් ගේමක් ගහලා නඩුවෙන් මාරු වෙන්න වගේ ට්‍රයි එක
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,902
    113
    ulan bator
    ලොයර්ස්ලා තර්ක කරන්නේ ඒක ඌ ගාව තිබුන එකක් නෙමෙයි නිසා කියලා, (වෙන ගෑනියෙක් ගාව තිබිලනේ මාට්ටු උනේ) ඒ පොයින්ට් එකෙන් ගේමක් ගහලා නඩුවෙන් මාරු වෙන්න වගේ ට්‍රයි එක
    tika dawasakin eka sellm baduwak unoth puduma wenna epa!
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඵකෙක් අැතුලට යනකොට දෙන්නෙක් ඵළියට ඵනවා..🤣🤣
    ඇප ≠ නිදොස්කොට නිදහස්

    හැබැයි වැඩේ ඇදෙන්න ඇදෙන්න බොරු සාක්ශි එහෙම ප්ලාන්ට් කරල ගැලවෙන්න චාන්ස් හදල දෙනව
     
    • Like
    Reactions: samruka

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    අඩෝ මේ මොන විහිලුද හුට්ටො මේ.

    ආන්ඩුව අල්ලල කූඩුවකට දානව, තදට වහනව ඉස්සර දොර, කූඩුවෙ පස්සෙ දොර ඇරල උන් එලියට යනව 🤣

    ඇප ≠ නිදොස්කොට නිදහස්

    හැබැයි වැඩේ ඇදෙන්න ඇදෙන්න බොරු සාක්ශි එහෙම ප්ලාන්ට් කරල ගැලවෙන්න චාන්ස් හදල දෙනව

    වැඩක් නෑ බන්, ඇප හම්බුනා කියන්නෙ ඉතින් ආතල් එකේ එලියෙනෙ. ඌ හොරා කාල හම්බ කරපුව බැලුවම ඔය ඇප මුදල් ඌට පඩයක් ගියා වගේ ඇති.
    ------ Post added on Jul 14, 2025 at 11:30 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ මේ මොන විහිලුද හුට්ටො මේ.

    ආන්ඩුව අල්ලල කූඩුවකට දානව, තදට වහනව ඉස්සර දොර, කූඩුවෙ පස්සෙ දොර ඇරල උන් එලියට යනව 🤣



    වැඩක් නෑ බන්, ඇප හම්බුනා කියන්නෙ ඉතින් ආතල් එකේ එලියෙනෙ. ඌ හොරා කාල හම්බ කරපුව බැලුවම ඔය ඇප මුදල් ඌට පඩයක් ගියා වගේ ඇති.
    ------ Post added on Jul 14, 2025 at 11:30 AM
    legal system eke awul, owa hadana eka ithin gov eke responsibilities. ko ithin unta ewa hadanawata wada business karanna asawane :D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඵකෙක් අැතුලට යනකොට දෙන්නෙක් ඵළියට ඵනවා..🤣🤣
    කලෙත් එක්ක ඔක්කොම එළියේ,.... ඔහොම ගියොත්, 😂