දුරකථන_බිල්පත

r runner

Member
May 12, 2015
2,396
781
0
[FONT=&quot]දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක්[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දුරකතන බිල් ඉහළ යාම පිළිබඳව ලැබෙන මැසිවිලි මෙන්ම පැමිණිලිද බොහොමයකි.[/FONT][FONT=&quot]නමූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරීකෂා කර බැලීම් තුළින් තහවූරු වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොහෝ දෙනා පැමිණිලි කරන්නේ[/FONT][FONT=&quot]තම දුරකතනයෙන්ම ලබාගත් ඇමතුම් සඳහා බවයි.[/FONT]

[FONT=&quot]දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක් මම අද ඔබට පවසන්නම්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අගනූවරින් ඈත ඓතිහාසික වටිනාකමක් සහිත ප්‍රදේශයක සේවයෙහි යෙදුන විදුලි[/FONT][FONT=&quot]සංදේශ ඉංජිනේරුවකු වූ මගේ මිතුරෙක් පැවසූ මෙම සත්‍ය කතාව ඉතා වැදගත්ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එක්තරා දුරකතන හිමියෙක් ඔහූ හමූවීමට පැමිණ තමාගේ දුරකතන බිල ඉතා ඉහළ බව[/FONT][FONT=&quot]පැමිණිලි කළේය. විමර්ශනය කිරීමේදී හෙලිවූයේ එම සියලුම දුරකතන ඇමතුම් එම[/FONT][FONT=&quot]දුරකතනයෙන්ම ලබාගෙන ඇති බවයි. නමූත් දුරකතන හිමිකරු පැවසූවේ එවැනි බිලක්[/FONT][FONT=&quot]ලැබිමට තරම් දුරකතන ඇමතුම් ප්‍රමාණයක් තම නිවසින් ලබා නොගන්නා බවයි. දුරකතන[/FONT][FONT=&quot]හිමිකරු ඉතා දැඩිව තම මතය ප්‍රකාශ කළ හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ පිළිබඳව පරීකෂා කර බැලීමට[/FONT][FONT=&quot]ඉංජිනේරුවරයාම ඉදිරිපත් විය. අදාළ දුරකතනය පිහිටි නිවසෙහි සිට දුරකතන[/FONT][FONT=&quot]හූවමාරු මධ්‍යස්ථානය දක්වා වූ දුරකතන මාර්ගය ඔහූ හොඳින් පරීකෂා කර බලා[/FONT][FONT=&quot]තහවූරු කරගත්තේ එහි කිසිදු දෝෂයක් නොමැති බවයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දුරකතන හිමියාට කිසිවක් නොදැන්වූ ඉංජිනේරුවරයා දිනක් රාත්‍රියෙහි තම[/FONT][FONT=&quot]සේවකයකු සමග අදාළ නිවස ආසන්නයෙහි පිහිටි දුරකතන කනූවක් උපයෝගී කර ගනිමින්[/FONT][FONT=&quot]එම දුරකතනයෙන් ලබාගන්නා ඇමතුම් පරීකෂා කළේය. ඉංජිනේරුවරයා පවසන ආකාරයට එම[/FONT][FONT=&quot]ස්ථානය පරීකෂා කිරීමේදී ඇමතුම් අනිවාර්යයෙන් එම නිවසින්ම ලබාගන්නා බව ස්ථීර[/FONT][FONT=&quot]ලෙස සහතික කරගත හැක.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇමතුම් පරීකෂා කළ ඉංජිනේරුවරයාට වැටහී ගියේ දුරකතන හිමිකරුගේ තරුණ දියණිය[/FONT][FONT=&quot]සිය පෙම්වතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබාගන්නා බවයි. පෙම්වතාගේ දුරකතනයට[/FONT][FONT=&quot]ලැබෙන විනාඩි [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]කට වඩා වැඩි කාලයක් ගත වන ඇමතුම් සඳහා මිලක් නියම වන[/FONT][FONT=&quot]හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇය විනාඩි [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ක් ආසන්නයේදී ඇමතුම විසන්ධි කර නැවත ඇමතුමක් ලබාගනී.[/FONT][FONT=&quot]මෙලෙස ඔවූන් දෙදෙනා විනාඩි [/FONT][FONT=&quot]45 [/FONT][FONT=&quot]කට ආසන්න කාලයක් පෙම්බස් දොඩා ඇත. එනම් දිනකට[/FONT][FONT=&quot]ඇමතුම් [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]ක් පමණ ලබාගෙන ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මගේ මිත්‍රයා පසූදින දුරකතන හිමිකරුට තම කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා[/FONT][FONT=&quot]සිටියේය. තමා ලද අත්දැකීම් පිළිබඳව කිසිවක් නොපැවසූ ඔහූ පෙර දින[/FONT][FONT=&quot]රාත්‍රියෙහි දුරකතන හිමිකරු නිවසෙහි සිටියේ දැයි විමසීය. ඔහූ පැවසූවේ තමා[/FONT][FONT=&quot]සේවා මූර ක්‍රමය යටතේ රාජකාරියෙහි නිරත වන බැවින් එදින රාත්‍රියෙහි නිවසෙහි[/FONT][FONT=&quot]නොසිටි බවයි. නිවසෙහි සිටියේ කවූරුන්ද යන්න විමසා බැලීමේදී දුරකතන හිමිකරු[/FONT][FONT=&quot]පැවසූවේ තම බිරිඳ පමණක් නිවසෙහි සිටි බවයි. ඉංජිනේරුවරයා තුළ යම් සැකයක්[/FONT][FONT=&quot]පහළ විය. ඉතා සංයමයකින් යූතුව තැනට ඔබින නූවණ පාවිච්චි කළ මගේ මිත්‍රයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරකතන හිමිකරුට සැකයක් ඇති නොවන පරිදි ඔහූගේ පවූලෙහි විස්තර විමසා බැලීය.[/FONT][FONT=&quot]දුරකතන හිමිකරු පැවසූ ආකාරයට ඔහූට දරුවන් නොමැත. ඉතා තරුණ බිරිඳ් පමණක්[/FONT][FONT=&quot]නිවසේ සිටී. (දුරකතන හිමිකරුගේ වයස අවූරුදු [/FONT][FONT=&quot]50 [/FONT][FONT=&quot]කට ආසන්නය.) සියල්ල මනා ලෙස[/FONT][FONT=&quot]අවබෝධ කරගත් මගේ මිතුරා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරකතනය පිළිබඳව විමර්ෂණය කිරීමට අවශ්‍ය කරුණූ[/FONT][FONT=&quot]ලබාගැනීම පිණිස තමා ඔහූගේ පවූල පිළිබඳව විමසූ බව පවසා දුරකතන හිමිකරුට[/FONT][FONT=&quot]සමූදුන්නේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අපගේ ඉංජිනේරුවරයා මැදිවූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. දුරකතන හිමිකරුගේ තරුණ[/FONT][FONT=&quot]බිරිඳට (දුරකතන පෙම්වතෙකු) සිටිනා බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇය තම පෙම්වතාට අඟවන්නේ තමා[/FONT][FONT=&quot]දුරකතන හිමිකරුගේ දියණිය යන්න බවත් මගේ මිත්‍රයා මනා ලෙස අවබෝධ කරගෙන[/FONT][FONT=&quot]තිබූණි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දුරකතන අවූල විමර්ෂණය කිරීමට ගොස් පවූල් අවූල් කිරීමට නොසිතූ අප කතා[/FONT][FONT=&quot]නායකයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දීර්ඝ ලෙස කල්පනා කර තීරණයක් ගත්තේය. දුරකතන හිමියා නිවසෙහි නොමැති[/FONT][FONT=&quot]වේලාවන් සැකහැර දැනගත් ඔහූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරකතනයෙන් අදාළ බිරිඳ ඇමතීය. තමා කවූරුන්ද[/FONT][FONT=&quot]යන්න හඳුන්වා දුන් ඔහූ තමාගේ පරීකෂණයෙහි විස්තර ඇයට පවසා එහි සත්‍යතාවය[/FONT][FONT=&quot]විමසීය. අධික ලෙස බියට පත්වූ ඇය එය සත්‍යයක් ලෙස පිළිගත්තාය. පසූව ඇය[/FONT][FONT=&quot]හඬමින් ඉංජිනේරුවරයාගෙන් ඉල්ලා සිටියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ පිළිබඳව තම සැමියාට දැනගැනීමට ඉඩ[/FONT][FONT=&quot]නොතබන ලෙසයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මගේ මිත්‍රයා ඇයට තරයේ අවවාද කර අවසන් වශයෙන් පැවසූවේ "ඔයාලගේ පෞද්ගලික[/FONT][FONT=&quot]ජීවිතයේ ප්‍රශ්න මට අදාළ නෑ... නමූත් ටෙලිෆෝන් බිල නගින නිසා ප්‍රශ්න[/FONT][FONT=&quot]ඇතිවෙන්නෙ මට... ඒ නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටෙලිෆෝන් බිල නැගිල්ල නතර කරගන්න. එහෙම නොවූණොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයාගේ හස්බන්ඩ්ට මේ ගැන කියන්න මට සිද්ධ වෙනවා" යන්නයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඊළඟ මාසයේ සිට මෙම දුරකතන බිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටූණේය. දුරකතන හිමියාද[/FONT][FONT=&quot]ඉතා සතුටූ වී අපගේ මිත්‍රයාට මූව නොසෑහෙන ලෙස ස්තූති කර ඇත. නමූත් ඔහූ[/FONT][FONT=&quot]දුරකතන හිමියාට සත්‍ය සිද්ධිය පිළිබඳව කිසිවක් නොපැවසූයේ පවූල් අවූල් කිරීම[/FONT][FONT=&quot]ඔහූගේ චරිත ලකෂණයක් නොවූ හෙයින් විය යූතුය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දුරකතන බිල ඉහළයාමට මෙවැනි නිදසූන් තව බොහෝ ඇත. නමූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෑම දුරකතනයකම බිල[/FONT][FONT=&quot]ඉහළ යාමට හේතුව මෙවැනි කරුණක් යයි මම නොපවසමි. කෙසේ වෙතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙවැනි සිද්ධීන්[/FONT][FONT=&quot]සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථා අද සමාජය තුළ සූලබය. එබැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තම නිවසෙහි[/FONT][FONT=&quot]දුරකතනය පාවිච්චි කරන ආකාරය පිළිබඳව හා එය පාවිච්චි කරන්නේ කවූරුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුමක්[/FONT][FONT=&quot]සඳහාද යන්න පිළිබඳව විමසිලිමත්වීම මගින් දුරකතන බිල අඩූකර ගැනීමට හැකියාවක්[/FONT][FONT=&quot]ඇත. එමෙන්ම පවූල් ප්‍රශ්නද අවම කරගත හැක.[/FONT]



[FONT=&quot]****බම්ප්ස් රෙප්ස් ආ වෙල්කම්
[/FONT]
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඕක ඇත්තම කතාවක් නම් දුරකථන ඉංජිනේරුවාට විරුද්දව නඩු පවරන්න පුළුවන් අනුන්ගේ දුරකථන අමත්නුම් වලට රහසේ සවන් දීම නිසා.