දුර්වලතාවය ලොකුම ශක්තිය කරගමු
දුර්වලතාවය ලොකුම ශක්තිය කරගමු
වයස අවුරුදු දහයක දරුවෙක් ජූඩෝ ඉගෙන ගැනීමට දක්ෂ ගුරුවරයෙකු වෙත ගියේය.හදිසි අනතුරක් වීම හේතුවෙන් මේ දරුවාගේ වම් අත කපා ඉවත් කොට තිබුණි.
මේ දරුවා තම ජපන් ජාතික ගුරුවරයා සමග සටන් පාඩම් ඇරඹුවේය. දරුවා ඉතා ඉක්මණින් හොඳින් සටන් පාඩම් ග්රහණය කර ගත්තේය. නමුත් මාස 3ක් පුරාවටම උගන්වා තිබුණේ එකම එක පහරක් පමණක් වීම මෙ දරුවාට ප්රශ්නයක් විය.
"සෙන්සේ (ගුරුතුමණි) ,මම තවත් ජූඩෝ පහරවල් ඉගෙන ගත යුතුයි නේද..??" දරුවා විමසීය.
"ඔබ දන්නේ එකම එක පහරක් බව ඇත්ත. නමුත් ඔබ දැනගෙන සිටිය යුතු එකම පහරත් එයම තමයි. එය ඔබට ප්රමාණවත්" යැයි ගුරුතුමා පැවසීය.
ගුරුතුමාගේ වචන විශ්වාස කළ දරුවා දිගටම තම පුහුණුවීම් කරගෙන ගියේය. මාස කීපයකට පසු ගුරුතුමා විසින් දරුවාව ජූඩෝ තරගාවලියකට ඉදිරිපත් කරවීය.
සියල්ලන්වම පුදුම කරමින් මේ දරුවා පළමු තරග 2ම පහසුවෙන් ජයගත්තේය. 3වන තරගය මදක් අපහසුවෙන් වුවත් ඉවසීමෙන් තරග කොට ඔහු ජය ලබා ගත්තේය. වම් අත අහිමි දරුවාගේ මේ දක්ෂකා පිළිබඳව පැමිණ සිටි සියල්ලන්ම පුදුමයෙනුත් පුදුමයට පත්විය. තමා දන්නා එකම පහරෙන් මේ තරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකිවීම ගැන දරුවාද පුදුම විය.
අවසාන තරගයට සුදුසුකම් ලැබූ මේ දරුවාගේ ප්රතිවාදියා අත්දැකීම් බහුල, ශක්තිමත් තරගකරුවෙක් විය. තරගය ආරම්භ වී මද වේලාවකට පසු දරුවාට ප්රතිවාදියාගෙන් පහර පිට පහර වැදුණි. දරුවාට තුවාල වෙයි යයි සිතූ තීරකයන් තරගය නැවැත්වීමට තෙරණය කළ නමුත් ගුරුතුමා එයට ඉඩ නොදුන්නේය.
නැවතත් තරගය ආරම්භ වී සුලු වේලාවකින් තම ප්රතිවාදියාගේ සුලු වැරදීමකින් වාසිය ගත් දරුවා තමාට සුපුරුදු පහර එල්ල කොට තරගය ජය ගත්තේය. දරුවාට තාරගාවලියේ ශූරයාට හිමි සම්මානය ලැබුණි.
"එක පහරක් පමණක් දැනගෙන මම තරගාවලිය දිනුවේ කොහොමද..??"
තරගය නිමවී නිවස බලා යන අතරතුර දරුවා තම ගුරුතුමාගෙන් විමසීය.
"ජයග්රහණයට හේතු 2ක් තියෙනවා. මුල්ම එක තමයි ඔයා ප්රගුණ කළේ ජූඩෝ වල තියෙන අමාරුම පහර. අනෙක තමඉ ප්රතිවාදියාට ඒ ප්රහාරය වළක්වන්න තිබෙන එකම ක්රමය ඔබේ වම් අතෙන් අල්ලගන්න එක" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
දරුවාගේ දුර්වලතාවයම අවසානයේදී ඔහුගේ ලොකුම ශක්තිය විය.
ආදර්ශය=>අප අතරිනුත් කීදෙනෙක් නම් අපගේ දුර්වලතාවයන් නිසා දෙවියන්ට දොස් පවරනවා ඇත්ද..??? අප කළ යුත්තේ එම දුර්වලතාවයන්ම අපගේ ශක්තිය කරගැනීමයි.
චැට් රූම් එකෙන් ගත්තෙ
රීපොස්ට් නම් සොරි