දුවට අතවර කර පළාගොස් සිටින පියා Wanted

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හරන්තික නැමති සොරාගේ කතාව

    සොරකම් කරන්නාට මෙලොවදී විඳීමට සිදුවූ දඬුවමක් පිළිබඳව “හරන්තික”ගේ කථාව විමසීමේ දී අපට දැනගත හැකි වේ.

    පෙර දවස මහතලා විහාරය අසල වනය තුළ ඉදි කළ පන්සලක විදසුන් වඩමින් විසූ භික්ෂූන් වහන්සේ නමක් සිටිසේක. උන්වහන්සේ නමින් ‘අභය’ ස්ථවිරයන් වහන්සේ විය. එගම්වාසී එක් උපාසකයකු උන්වහන්සේට දානය සපයා දෙමින් සිවුරු පිරිකරද පූජා කරනු ලබයි. එහෙත් අභය තෙරුණ් වහන්සේ දිරාගිය ඉරුණු සිවුරු පිරිකර නිතර පෙරවූ සේක. උපාසක තෙම අභය තෙරණුවන් තමා දෙන සිවුරු පිරිකර පරිහරණය නොකරන්නේ ඇයි දැයි විමසා බැලුවේය. එහෙත් අභය තෙරුණ්ගෙන් පිළිතුරක් නොලැබිනි. පසුව මේ උපාසකතෙම තමා නිතර පූජා කරන සිවුරු පිරිකරවලට කුමක් සිදුවේ දැයි සොයා බැලීමට සිතුවේය.

    දිනක් රාත්‍රියේ පන්සල අසල සැඟවී සිටි උපාසක තුමාට දකින්නට ලැබුණේ හරන්තික නැමති සොරා පන්සලට පැමිණ සිවුරු ආදිය සොරකම් කරගෙන යන බවය. මෙය දුටු උපාසක තෙම සොරාට හොඳ දඬුවමක් දීමට සිතා සොරා අල්ලා තලා පෙලා පහර දී සොහොනට ඇදගෙන ගොස් එහි තිබූ මළ මිනියකට සොරව තබා වෙලා ගැට ගැසුවේය. සොරාට ලිහා ගත නොහැකි ලෙස තදින් ගැටගැසුවේය. සොරුට දැන් ගමන් කළ හැකි වනුයේ මිනිය පිට බැඳි නිසා ඉතා අපහසුවෙනි.

    උපාසකතෙම වහා ගම්මානයට දුවගොස් ගෙයින් ගෙට යමින් අද රාත්‍රියේ මළ මිනියක් පිට බැඳගත් යකෙකු ගමට එන බවත් ඒ නිසා කොතරම් හැඳුනුම්කම් ච්වත් දොරවල් නොහරින ලෙසත් නිවැසියන්ට කීවේය. මිනිසුන් උපාසකගේ කථාව හොඳින් අසන ලදී.

    මැදියම් රාත්‍රිය වනවිට හරන්තික හොරා තමාගේ නිවසට පැමිණ තමාට සිදුවූ විපත කියමින් දොරට තට්ටු කරමින් දොර අරින ලෙස කීවේය. එහෙත් උපාසක තෙම කියූ බස් ඇසූ බිරිඳ බිය වී දොර නොහැරියාය. තමාගේ ගෙදර දොර නොහරින බව දැනුන හරන්තික වෙනත් නිවෙස් වලට ගොස් තමාට සිදුවූ විපත හඬගා කියමින් දොරවල් වලට තට්ටු කලත් කිසිම ප්‍රයෝජනයක් නොවීය. නිවෙස් වල දොරවල් තව තවත් තදින් වසන ලදී. කලයුතු කිසිවක් නොමැතිවිට මේ සොරා මිනිය පිට බැඳි ලෙසම තමා පිරිකර සොරකම් කළ පංසලටම පැමිණියේය.

    පංසලට පැමිණ අභය තෙරුන්වහන්සේ අමතමින් තමාට වූ විපත හඬගා කියමින් තමාට පිහිට වන ලෙස අයැද සිටියේය. සොරා දුටු ස්වාමීන්වහන්සේ දුකටපත් වී සිටි හරන්තික සොරාගේ පිට බැඳි මිනිය ලිහා එය සොහොනට ගෙන ගොස් දමා වතුර ගෙනවිත් හරන්තික නහවා පිරිසුදු කර පහර වැදී තුවාල සිදුවූ තැන් බෙහෙත් තෙල් ගල්වා ඔහුට පිහිට වූ සේක. ඉහත සඳහන් කථාවෙන් පැහැදිලි වනුයේ අදත්තාදානය කරන පුද්ගලයාට සමාජය විසින් දෙනු ලැබූ දඬුවමකි.

    අදත්තාදානයෙන් වැළකීම දසකුසල් වලින් එකකි. දස කුසල් කරන්නාට මෙලොව වශයෙන් සමාජය තුළින් යසස, කීර්තිය, ප්‍රශංසා, ආදිය ලැබේ. පරලොව වශයෙන් සුගතියෙහි ඉපදේ. ධනවත්ව ඉපදේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    father-wanted


    නව හැවිරිදි (අවුරුදු 09යි මාස 02ක් ) සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කර පලාගොස් සැඟව සිටින පියෙක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කර තිබේ.

    මාවතගම පොලිසිය එසේ සොයන්නේ ඉහත ඡායාරූපයේ සිටින මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති 29 හැවිරිදි අයෙකි.

    ඔහු සසම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මාවතගම පොලිසියේ 037-2299222 යන අංකයට හෝ 071-8591258 යන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංකයට හෝ 071- 859402 යන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    23081964-down.webp





    %E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%2002.jpeg




    %E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%2001.jpeg
    ගෞරවයෙන් බුදුසරණයි.
     
    • Like
    Reactions: SLK_sri