අද අනිද්දා පත්‍රයේ මෙසේ සදහන් වේ.
"2024 ජනාධිපතිවරනය සදහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 201 වන පිටුවේ සදහන් වන්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ චෝදනාවන්ට ලක් වූවන්ට රැකවරන ලබා දෙන්නන් ද අදාල වැරැද්දට සම්බන්ධ අයවලුන් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙලිය රබුක්වැල්ල මහතාට දූෂණ පිලිබදව චෝදනා එල්ල වූ විට 2024 පෙබ. 3 වනදා ඔහු එවකට දරමින් සිටි පරිසරඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. ඊට පෙර 2023 ඔක්.මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු සෞඛ්‍ය ඇමති ධුරයෙන් පරිසරඇමති ධුරයට මාරුකරන ලදී."
මේ අනුව ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා ක්‍රියාකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා කෙහෙලිය රබුක්වැල්ල මහතාට වඩා අන්ත ලෙසය.
එසේ නොමති නම් ජනාධිපතිවරයා ට කුමාරජයකොඩි මහතා නඩුවෙන් නිදහස් වන බවට ඒකාන්ත විශ්වාසය ක් තිබිය යුතුය. මෙරට සමහර නඩු නිසියාකාරව නොපවරා පසුව ඉල්ලා අස්කරගෙන හෝ ඉවත දමා හෝ ඇත.
Last edited:
