දූෂිත මාලිමා JVP ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Emergency coal purchase approved to avert power crisis

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    තවත් වැඩක් යටින් ගෙනියන්න හදන්නේ :lol: 🤌

    The Cabinet has given the go-ahead for the emergency purchase of coal for the Lakvijaya power plant in a bid to avert a possible energy crisis in the months ahead, a senior government source said.

    The decision was taken after coal stocks purchased from South Africa failed a quality test, sparking fears of a power crisis if adequate supplies cannot be secured before the monsoons begin in May, when unloading becomes difficult.

    “The Cabinet has given the approval for the emergency purchase if the need arises; otherwise, there is the possibility of an energy crisis,” the official said.

    In addition to the emergency purchases, the government will also float a term tender to ensure the long-term continuity in coal purchases.

    Quality tests on the samples from the ship carrying 60,000 MT of South African coal purchase failed, putting authorities in this quandary. While there are 23 shipments in all, nine are still on the way. After the coal stock in the first ship failed the quality test, the others are also being subject to tests.

    The government has already imposed a USD 2 million penalty on the first shipload while a quality test on a second ship is underway.

    The coal tender is itself under scrutiny with allegations of corruption. It is alleged that the tender conditions had been altered to accommodate an Indian company, which imported the South African coal.

    There are allegations that the timeline for the tender had been shortened and that while a tender is normally valid for 42 days, this period had been reduced to just 21 days. The opposition is demanding that the related documents be tabled in parliament.


    By Damith Wickremasekera

    - https://www.sundaytimes.lk/260201/n...se-approved-to-avert-power-crisis-630469.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113

    ගල් අගුරු බාල බව කැබිනෙට්ටුව පිලිගනී.. හදිසි මිලදී ගැනීමට අනුමැතිය..


    ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඇති විය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


    රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ප්‍රමිතිය බාල වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    මැයි මාසයේදී මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මුහුද රළු වීම නිසා ගල්අඟුරු ගොඩබෑම දුෂ්කර වේ. එබැවින් ඊට පෙර ප්‍රමාණවත් තොග සපයා ගැනීමට නොහැකි වුවහොත් දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බලධාරීන් බිය පළ කරයි.

    දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් පළමු නෞකාවේ ගල්අඟුරු සාම්පල පරීක්ෂාවෙන් පසු ඒවායේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇත. මේ හේතුවෙන් රජය දැනටමත් එම නෞකාවට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් නියම කර තිබේ.

    අදාළ සැපයුම්කරු යටතේ නෞකා 23ක් මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් නෞකා 9ක් මේ වන විටත් ගමන් ආරම්භ කර ඇත. පළමු නෞකාවේ ගල්අඟුරු අසමත් වීම නිසා සෙසු නෞකාවල ගල්අඟුරු ද දැඩි ප්‍රමිති පරීක්ෂාවකට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    මේ අතර, අදාළ ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී. දකුණු අප්‍රිකානු ගල්අඟුරු ආනයනය කළ ඉන්දියානු සමාගමකට වාසි සැලසෙන පරිදි ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කර ඇති බවට වාර්තා වේ. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් දින 42ක් වන ටෙන්ඩර් කාලසීමාව දින 21ක් දක්වා කෙටි කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත.

    විපක්ෂය අවධාරණය කරන්නේ මෙම ගනුදෙනුවට අදාළ සියලු ලේඛන වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

    හදිසි මිලදී ගැනීම්වලට අමතරව, ගල්අඟුරු සැපයුමේ දිගුකාලීන අඛණ්ඩතාව සහතික කිරීම සඳහා නව කාලීන ටෙන්ඩරයක් කැඳවීමට ද රජය තීරණය කර ඇත.

    - https://www.lankacnews.com/2026/02/blog-post_314.html
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,214
    113
    35
    Spain
    ගල් අඟුරු නැවු 5ම බාලයි, යසයි දැන් හදීසි මිලදීගැනීම් කියල හෙන්චය්යෙක්ගේ සමාගමකින් ගන්න බැරියැ.

    @Rick Sanchezz වගේ උන්ට නම් මේවා පේන්නේ උන්ගේ පරම පවිත්‍ර සර්ව සාධාරණ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ වගේ.කොටින්ම කිව්වොත් ප්‍රසම්පාදනයක් නැතිව ගල් රෝල් ගන්න හදපු තක්කඩි වැඩෙත් හෝදපු උන් නෙ.
     
    • Haha
    • Like
    Reactions: KDH and monson

    Similar threads