දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී
දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී
ප්රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.
කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.
දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී
ප්රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ. කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.
