මෑතක දී සොයාගනු ලැබූ පෞරාණික වානර ෆොසිල මගින් දෙපයින් ඇවිදීම ඇරඹුණේ කෙසේ ද කෙදිනක ද යන්න පිළිබඳඅනුමාන කළ හැකි යැයි පැවසේ.
සිරුර කෙළින් තබා ගෙන ඇවිදීමට හැකි වීම සුවිශේෂ මානව ලක්ෂණයක් ලෙස සැලකේ.
ගස් වල එල්ලී සිටීමට පහසු වන අත් වානරයන් සතු වූ අතර මානවයන් හා සමාන පාද ද සතු විය.
එම නිසා, වසර මිලියන 12කට පමණ පෙර වානරයන් ගස් අතු උඩ සහ පොළොව මත ඇවිදීම කරන්නට ඇති බවට මත පළ වේ. එමගින් ද්වීපාද ඇවිදීමේ කාල නියමය වසර ගණනාවකින් පසු පසට යන බව ගවේෂකයන්ගේ අදහස වේ.
පැරණි ෆොසිල සාධක අනූව 'දෙපයින් ඇවිදීම' මීට වසර මිලියන හයකට පමණ පෙර ඇරඹුණු බවට සැලකිණි.
2015ත් 2018ත් අතර කාලයේදී බවේරියා නම් පෙදෙසේ මැටි වළක තිබී පිරිමියෙකුගේ, කාන්තාවන් දෙදෙනෙකුගේ සහයෞවනයෙකුගේ ෆොසිල හතරක් සොයා ගන්නා ලදි.
"දකුණු ජර්මනියෙන් හමුවූ මෙම ෆොසිල පෞරාණික මානව විද්‍යාවේ විශේෂ සලකුණක්. මොකද එමගින් වානර සහ මානවපරිණාමය ගැන අපගේ පෙර වටහා ගැනීම් පිළිබඳව මූලික ප්‍රශ්න නැගෙන නිසා." යැයි මේ පිළිබඳ ව ජර්මනියේ ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැඩ්ලෙන් බෝමේ පැවසීය.
ඇය පැවසුවේ මානවයන් සහ වානරයන් අතර 'අස්ථානගත සම්බන්ධතාව' විදහා දැක්වීමට මේ වානරයා හොඳම ආකෘතියයනුවෙනි.
දෙපයින් ඇවිදීම ආරම්භ වූයේ කෙසේ ද?
අප ආදී මානවයා දෙපයින් ඇවිදීම ඇරඹුවේ කෙසේ ද කවදා ද යන්න පිළිබඳව චාල්ස් ඩාවින් යුගයේ සිට දැඩි විවාදයක් පවතී.
එය වානරයාගෙන් ගස් මත ජීවත් වූ ඔරන්-ඔටන් ගෙන් හෝ ගෝරිල්ලා මෙන් වැඩි කාලයක් භූමිය මත දිවි ගෙවූ ඇඟිලි පුරුක්මගින් ඇවිද ගිය මුතුන්මිත්තන්ගෙන් මානවයාට දායාද වූ ප්‍රධාන ලක්ෂණයක් ද?
නේචර් (Nature) සඟරාවේ පළ වූ නවතම ගවේෂණය පෙන්වා දෙන්නේ අප සිරුරේ සෘජු ස්වභාවය ඇති වන්නට ඇත්තේමානවයාට සහ වානරයාට පොදු වූ එක් පොදු මුතුන්මිත්තෙක් ගෙන් බවය. ඔවුන් ජීවත් වන්නට ඇතැයි සැලකෙන්නේ මීට පෙර සිතූආකාරයට අප්‍රිකාවේ නොව, යුරෝපයේ ය.
මීට වසර මිලියන 11.62කට පෙර ජීවත් වුවා යැයි සැලකෙන 'Danuvius guggenmosi' ගේ ෆොසිල මගින් හඳුනා ගෙනඇත්තේ එම සත්ත්වයා දෙපා භාවිතයෙන් සෘජුව ඇවිදීමට සහ වානරයෙකු ලෙස ඉහළ නැගීමට අත් පා සියල්ල භාවිත කළ බවය.
ගවේෂකයන් පවසන්නේ නව සොයාගැනීම් අනුව ගස් මත දෙපයින් ඇවිදීම වසර මිලියන 12 ට වැඩි කාලයකට පෙර සිදුව ඇතිබවක් අධ්‍යයනයෙන් පෙනී යන බවකි.
සෘජුව ඇවිදීමට හැකිවීම මානව පරිණාමයේ සුවිශේෂ සලකුණකි. එමගින් යමක් ඇල්ලීමට හැකිවීම, සොයා බැලීමට හැකිවීම, සහ විවිධ උපාංග ගෙනයාම සහ භාවිත කිරීමට අවස්ථාව සැලසිනි.
16 නොවැම්බර් 2019
bbc.com
