දෙපැත්ත කැපෙන අවියක් වැනි උතුරේ ඉඩම් යළි &#350

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දෙපැත්ත කැපෙන අවියක් වැනි උතුරේ ඉඩම් යළි &#350

    දෙපැත්ත කැපෙන අවියක් වැනි උතුරේ ඉඩම් යළි පවරාදීම

    kali.jpg

    සතිය ආරම්භයත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ඇතුළු විශේෂ අමුත්තෝ රැසක් 22දා යාපනය ප්‍රදේශයට පැමිණියෝය.ජනපතිවරයා ඇතුළු පිරිසගේ යාපනය සංචාරයේ ප්‍රධාන අරමුණු වූයේ අධිආරක්ෂක කලාපයට අයත්ව තිබි පසුව නිදහස් කරනු ලැබූ ඉඩම් අක්කර 425ක ප්‍රමාණයක් නැවත එම ඉඩම් හිමිකරුවන්ට භාරදීමය. ඒ අනුව ඉඩම් භාරදීම යාපනයේදී සිදුකෙරිණි. තවත් ඉඩම් අක්කර 525ක ප්‍රමාණයක් ඉදිරි කාලයේදී එහි හිමිකරුවන් වෙත භාරදීමට නියමිතව ඇත.
    නමුත් පවතින තත්ත්වය අනුව යාපනය, කන්කසන්තුරේ, පලාලි අධිආරක්ෂක කලාපවල ඉඩම් නිදහස් කිරීම අක්කර 1000න් නතරවන බවට කිසි අයෙකුට සහතිකයක් දිය නොහැකිය.හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා පවරාගෙන ඇති ඉඩම් අන්තිම අඟල දක්වා නිදහස් කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් කටයුතු කරන ආකාරයක් දක්නට ඇත. ත්‍රිකුණාමලය සාම්පූර්හි පිහිටා ඇති නාවික හමුදා පුහුණු කඳවුර මුළුමනින්ම ඉවත්කර එය පිහිටි ඉඩමද එහි පැරණි හිමිකරුවන්ටම භාරදීම සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන්ය.
    සාම්පූර්හි ඉඩම් පවරා ගැනීම සිදුවූයේ නැගෙනහිර ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුමෙන් පසුවය. රටේ වැඩිවන බලශක්ති ඉල්ලුමට විසඳුමක් ලෙස සාම්පූර් ප්‍රදේශයේ තාප විදුලි බලාගාරයක් ඉදිකිරීමට තීරණය කෙරිණ. බලාගාරය ඉදිකිරීම හා විදුලිය සැපයීම පිළිබඳව කටයුත්ත භාරකෙරුණේ ඉන්දියාවටයි. මෙහිදී ඉන්දියානු සමාගම සමග අත්සන් කළ ගිවිසුම හා පාරිසරික ගැටලු පිළිබඳව ප්‍රශ්න ඇත. නමුත් ඒවා වෙනම කතා කළ යුත්තකි.
    කෙසේ නමුත් තාප බලාගාරය ඉදිකිරීම සඳහා වෙන්කෙරුණ භූමිය අක්කර 818කි. මෙම අක්කර 818 තුළ රජයට අයත් ඉඩම් මෙන්ම පෞද්ගලික හිමිකරුවන්ට අයත් ඉඩම්ද විය. පසුව තාප විදුලි බලාගාරය සඳහා පවරාගත් ප්‍රදේශයෙන් අක්කර 238ක් නාවික හමුදාව වෙත පවරා දෙනු ලැබිය. මෙම භූමියේ නාවික හමුදා පුහුණු කඳවුරක් ස්ථාපිත කරනු ලැබූ අතර එය ‘විදුර’ ලෙස ‘අධිකාරී’ තත්ත්වයට පත්කෙරුණි.නාවික කඳවුර මෙම ස්ථානයේ පිහිටුවීමට හේතුවක්ද තිබිණ. එනම් කඳවුරු භූමියට යාබදව යෝජිත තාප විදුලිබලාගාරය හා ආයෝජන කලාපය පිහිටි නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුවීම හා අවට ප්‍රදේශය ජනාකීර්ණ වීම නිසා කඩාකප්පල්කාරී සිදුවීමක් ඇති වුවහොත් ඉක්මනින් ළඟාවීමට ඇති හැකියාවයි. මේ වන විට නාවික හමුදා කඳවුරෙහි පුහුණු කඳවුරකට ඇවැසි සියලු ඉදිකිරීම කර අවසන්ය. තාර දමන ලද සරඹ පිටිය, දේශන ශාලා, නිලධාරී නිවස්න, භට නිවාස ආදී ඉදිකිරීම සඳහා නාවික හමුදාව විසින් වැයකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි ගණනාවකි.
    තත්ත්වය මෙසේ තිබියදී පසුගියදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ නැවත පදිංචි කිරීම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කළේ ‘විදුර’ නාවික හමුදා කඳවුර ඉවත්කර එම භූමිය පැරණි හිමිකරුවන් වෙත භාර දෙන බවකි. දැනගන්නට ලැබෙන පරිදි එළඹෙන අප්‍රේල් 20දා වන විට නාවික පුහුණු කඳවුර ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව තවත් නොබෝ දිනකින් ඉදිරිපත් කෙරෙනු ඇත.
    මෙම ඉඩම් පැරණි හිමිකරුවන් වෙත ලබාදීම ඉඩම් හිමිකාර ජනතාවගේ පාර්ශ්වයෙන් ගතහොත් සතුටුදායක ප්‍රවෘත්තියකි. තමන් උපන් බිමේ හිමිකාරත්වය ලබාගැනීම ඕනෑම අයෙකුගේ අහිංසක ප්‍රාර්ථනාවයි. නමුත් රටකට වඩා වැදගත් වන්නේ සුළු පිරිසක් සතුටු කිරීමද එසේත් නැතහොත් රටේ සංවර්ධනය හා ආරක්ෂාව සහතික කිරීමද යන කාරණාව පිළිබඳව සිතිය යුතුය.
    ආරක්ෂාව හා රටේ සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කරගැනීම අද ඊයේ සිදුවූවක් නොවීය. මහවැලි යෝජනා ක්‍රමය සඳහා උඩරට පාරම්පරික සිංහල ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් රජයට පවරා ගැනීමට එවකට එ.ජා.ප. රජය කටයුතු කළේය. එදා එ.ජා.ප රජය කළ දේ වැරදි යැයි අද කිසිවෙකු කියන්නේ නැත. කටුනායක ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහාද ජනතාවගේ ඉඩම් පවරා ගත්තේය. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටේ ආරක්ෂාව සඳහා උතුරු නැගෙනහිර ඉඩම් පවරා ගැනීම වැරදි යයි ඇතැම්හු කියති.
    ආරක්ෂාව සඳහා වැදගත් නැත කියමින් නිදහස් කරන ඉඩම් එකල පවරා ගැනීමට තීරණය කළ නිලධාරීන් විශාල වැරැද්දක් කර ඇත, යනුවෙන් කෙනෙකුට මෙහිදී තර්ක කළ හැකිය.
    නමුත් මෙහි ගැටලු සහගත සිද්ධි ගණනාවක් ඇත. රජය විසින් ඉඩම් හිමිකරුවන් හට ඉඩම් පවරා දෙන්නේ නම් මුලින්ම කළයුත්තේ මේ වන විට කම්බි වැටකට පමණක් සීමාවී ඇති ඉන්දීය තාප බලාගාරය සඳහා වෙන්කර ඇති ඉඩමේ හිමිකරුවන්ට ඉඩම් ලබාදීමට පියවර ගැනීමයි. ඒ සඳහා එම භූමිය නැවත පවරාගත යුතුය. නමුත් ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ නාවික හමුදා කඳවුර ඉවත්කර එම භූමිය අත්පත් කරගැනීමටයි.
    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 27, 28 හා 29 යන දිනවල උතුරේ සංචාරයක නිරත විය. 27 හා 28 දෙදින අග්‍රාමාත්‍යවරයා ගත කළේ යාපනයේය. එහිදී ඔහු උත්සව අවස්ථා කීපයකටම සහභාගිවූ අතර රජයේ නිලධාරීන්ද හමුවිය. අගමැතිවරයා 29 දින මුලතිව් ප්‍රදේශයේ සංචාරය කළේය. අගමැතිවරයාගේ උතුරු සංචාරයට දෙමළ ජාතික සන්ධානය එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. සංචාරය පිළිබඳව අගමැති කාර්යාලය ප්‍රකාශ කළේ උතුරේ ජනතාවගේ ගැටලු හා සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම සංචාරයේ අරමුණ බවයි.
    නමුත් දෙමළ සන්ධානයේ අදහස වූයේ එය එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගත් සංචාරයක් බවයි. දෙමළ සන්ධාන උතුරු පළාත් මහ ඇමැති විග්නේෂවරන් මහතා අගමැතිවරයා හමුවීම වර්ජනය කළේය.
    විග්නේෂ්්වරන් මහතා අනුගමනය කරමින් ශ්‍රීදරන් මහතා ඇතුළු තවත් දෙමළ මන්ත්‍රීවරු කීපදෙනකුම අගමැතිවරයා හමුවීම මගහැර සිටියහ. නමුත් දෙමළ සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනකු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවති සාකච්ඡාවට එක්වූහ. මෙහිදී මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් කෙරෙන කටයුතු සඳහා තමන් රජය සමග එක්වන බවකි. මෙම සාකච්ඡාවට ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුද සහභාගි වූහ.
    මේ අතර පසුගියදා යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළේය. මීට මාස කීපයකට පෙර යුරෝපා සංගම් අධිකරණය විසින් එල්.ටී.ටී.ඊයට පක්ෂපාතී තීන්දුවත් දෙමින් එල්.ටී.ටී.ඊය තහනම් සංවිධානයක් නොවන බව ප්‍රකාශ කළේය. එම තීන්දුවක් සමග එල්.ටී.ටී.ඊයට යුරෝපා රටවල බාධාවකින් තොරව මුදල් එක්රැස් කිරීම, සංවිධාන කටයුතු සඳහා අවස්ථාව එළඹිණ.
    නමුත් මධ්‍යස්ථ විචාරකයන් කියනුයේ දෙමළ ඩයස්‍පෝරාවේ කටයුතුවලට යුරෝපා සංගම් තහනම් බාධාවක් නොවන බවයි. තහන ම තිබුණ සමයේද ඔවුහු විවිධ නම්වලින් මුදල් එක්රැස් කිරීම කළ අතර ඊළාම් ධජය ප්‍රදර්ශනය කරමින් විරෝධතා, සම්මන්ත්‍රණ පැවැත්වූහ.
    මේ අතර ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට තවදුරටත් නවාතැන්දීමට එංගලන්ත රජය පසුගියදා කටයුතු කළේය. කන්නන් කැලිමුත්තු (36) නමැති මෙම එල්.ටී.ටී.ඊ සාමාජිකයා යුද සමයේදී කොටි ‍පොලීසියට අනුයුක්තව රාජකාරි කර ඇත. මොහු බ්‍රිතාන්‍ය රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලුම් කළද එය ප්‍රතික්ෂේප වූයේ මොහු ත්‍රස්තවාදියෙකු බවත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවෙන් මිදීම සඳහා පැමිණ ඇති බවත් ඔප්පු වීම නිසාය. නමුත් ලංකාවට පිටුවහල් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී අවසන් මෙහොතේ ඔහු පිටුවහල් කිරීම එංගලන්තය කල්දැමීය.
    මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රජය විසින් තහනම් කරනු ලැබ ඇති රාජ්‍ය නොවන විදෙස් සංවිධාන 16ක් හා රටට ඇතුළු වීම තහනම් කර ඇති ඩයස්‍පෝරාවට සම්බන්ධ පුද්ගලයන් 424කගේ තහනම් ඉවත් කරන බවයි. තහනම ඉවත් කරන සංවිධාන හා පුද්ගලයන් කවුරුන්ද යන්න මතෛක් ප්‍රකාශ කර නැත.
    පසුගිය රජය විසින් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරනු ලැබුවේ 2009/2010 වසරවලදීය. තහනමට ලක්වූ බොහෝ සංවිධාන යුද සමයේදී එල්.ටී.ටී.ඊයට ආධාර උපකාර කළ බවට සාධක ලැබිමත් සමග රජය එම සංවිධාන තහනම් කළේය. අදාළ රාජ්‍ය නොවන සංවිධාන විසින් මූල්‍යාධාර හා දේපළ එල්.ටී.ටී.ඊයට පරිත්‍යාග කරන ලද බව හමුවූ සාධකවලින් සනාථ වූ අතර අත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඒ ගැන තොරතුරු ලබාදී තිබුණි.
    තහනමට ලක්වූ පුද්ගලයන්ගෙන් බහුතරය රාජ්‍ය විරෝධී කටයුතු සඳහා සහය දැක්වූවෝ වෙති. එමෙන්ම එල්.ටී.ටී.ඊට සහය දුන් එන්.ජී.ඕ. හා පුද්ගලයෝ රැසක් කිසිදු බාධාවකින් තොරව එන්.ජී.ඕ. ආයතන පවත්වාගෙන යමින් සිටිති. යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන සේවකයන් හා වාහන කීපයක්ම අවි ආයුධ ප්‍රවාහනය කරමින් තිබියදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. නමුත් එම කිසිදු ආයතනයකට රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වූයේ නැත. එවකට රජයේ තහනමට ලක්වූ බොහෝ සංවිධාන අප්‍රකට එන්.ජී.ඕ. ආයතන විය. කෙසේ නමුත් විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ වැඩි තොරතුරක් නොමැති බැවින් දැනට හරි වැරැද්දක් කීමට නොහැකිය.


    ලක්බිම
     

    Similar threads