දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

    මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 720 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321 ක, හෂීස් කිලෝ 30 මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

    මෙම වසරේ අප්‍රේල් මස ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 340 ක් ප්‍රමාණක් සහිතව සැකකරුවන් පස් දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය ද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් තිබූ ඒවා බවට හෙළි වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    සැකකරුවන් සතුව තිබූ සැටලයිට් දුරකථනයක් ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මේ බව හෙළි කර ගත් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    2019 වසරේ දී බහුදින යාත්‍රාවකින් රටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ දෙසියක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එම මත් කුඩු තොගයද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් සිට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වූ බව ද හෙතෙම කියා සිටියේය.

    2019 වසරේ දීම හෙරොයින් කිලෝ 200 ක්, අයිස් කිලෝ 5ක්, හෂිස් කිලෝ 30 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    2021 වසරේ මේ දක්වා කාලය තුළ මොහු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 21 රටට ගෙන්වා ඇති බවද ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.

    දෙමටගොඩ රුවන් නැමැත්තා ඊයේ (29 ) දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී නීති විරෝධී දේපල හෝ වත්කම් පොලිස් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එම ජාවාරම් වලින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන සුඛෝප භෝගී වාහන හයක් ද පොලිසිය භාරයට ගෙන තිබිණි.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදිය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,361
    113
    34
    Kalutara
    ඇමතියෙක් ඉන්නවලු මූව ඇතුලට යවන්න ඕන. ඒකලු අහු කරලා තියෙන්නෙ. නැතුව මේ මුකුත්ම නොදන්න බබාලද පොලිසිය මෙච්චර දවස් ඕක නොදැන ඉන්න. ආරක්ශා කරපු එකාම කියන්න ඇති දැන් මුගෙන් වැඩ ගත්ත ඇති මූව අල්ලලා ඇතුලට දාන්න කියල.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මරු career growth එකක් ඌට තියෙන්නෙ. 2017 පටන් අරන් 2019 වෙනකොට කෝටි 700 ක බිස්නස් කරලා. ඊට කලින් මයිනාණ්ඩුවෙ හාල්පොතෙන් ජීවත් වෙලා තියෙන්නෙ. 🤭
    මයිනාණ්ඩුවෙ purna arakshawa yatathe goda giya sinhalu
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මරු career growth එකක් ඌට තියෙන්නෙ. 2017 පටන් අරන් 2019 වෙනකොට කෝටි 700 ක බිස්නස් කරලා. ඊට කලින් මයිනාණ්ඩුවෙ හාල්පොතෙන් ජීවත් වෙලා තියෙන්නෙ. 🤭

    Sri Lankan entrepreneurs and venture capitalists thamai ithin.
     
    • Love
    Reactions: shenat

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දෙමටගොඩ චමින්ද ගෙ අයියා. චමින්ද කියන්නෙ දුමින්ද සිල්වා ගෙ ගෝලයා. මල්ලි ඇතුලට ගියාට පස්සේ අයියා ප්‍රේමනාත් c දොලවත්ත එක්ක සෙට් උණාලු. සුවර් දුමියා තමයි මූව ඇතුලට යවන්න සෙට් කරන්න ඇත්තේ
     
    • Like
    Reactions: vito

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මුගේ ෆ්බී එක ලමයින්ගෙ ෆ්බී එහෙම බලහල්ල හිතාගන්න පුලුවන් මුන් ජීවත් උන විදිහ.
     
    • Like
    Reactions: cuteoz

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොටෝ එකක් දාපන් කැනිස්ටර් එකක.
    discarded-nitrous-oxide-canisters-discarded-in-street-london-uk-W87YTX.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මුගේ ෆ්බී එක ලමයින්ගෙ ෆ්බී එහෙම බලහල්ල හිතාගන්න පුලුවන් මුන් ජීවත් උන විදිහ.
    kauda lamai