දෙමල ප්‍රශ්නය නිර්මාණය වුනේ කොහොමද?

මේක තේරෙන අය අත උස්සන්න

  • මට තේරුනේ නැහැ

    Votes: 11 30.6%
  • තේරෙනවා - අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ?

    Votes: 25 69.4%

  • Total voters
    36

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    Root Cause එක තියෙන්නෙ ද්‍රවිඩ ජාතිකවාදය, වෙනම රටක් ඕනකම සහ ඒක නැතිකම. Ethno-Facism ඇතුලෙමයි ප්‍රශ්නෙට මුළ. එතනින් එහා හැම ප්‍රශ්නයක්ම අර Ethno-Facism එක්ක එන අනීතික දේවල් Justify කරන්න ගන්න Scapegoat. දැනට දේශපාලන වේදිකාවල කියන පුස්තකාල ප්‍රශ්න, Sinhala only act ප්‍රශ්න Scapegoat විතරයි. ඕව නැතත් වෙන මොනවහරි ඉස්සරහට දාල ප්‍රශ්න ඇතිකරනව මොකද Ultimate Goal එක Ethno-Facism එක්ක යන එකක්. ඉතිහාසයෙත් සාක්ෂි විදියට තියනව දෙමල නොවන මිනිස්සු සමූලඝාතනය වගේ දේවල්. Ex. Sankili 1500s, Mannar Massgrave.
     
    • Like
    Reactions: Gunther

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    බ්‍රිතාන්‍ය රජය ඉන්දියානු සභා පනත ඉදිරිපත් කරනවා 1909 දී. මේ පනත ආගම පදනම් කරගෙන පාලන බලය හින්දු සහ මුස්ලිම් ජනතාව අතර සමසේ බෙදනවා - හින්දු 50% සහ මුස්ලිම් 50%.

    මෙතන බ්‍රිතාන්‍ය රජය කරන්නේ ඔවුන්ට යටත් රටවල් යම් ආකාරයකට බෙදා පාලනය කරන එක (divide-and-rule). මේක ඔවුන්ට වාසි දායකයි - මොකද, මෙතක් කල් යටත්-විජිත පාලනයට එරෙහි වෙලා අරගල කරපු අය දැන් දෙකට බෙදිලා මරා ගන්නවා. මේවා නිසා බ්‍රිතාන්‍ය රජයට රටවල් පාලනය කරන්න පහසු වෙනවා.

    ඉන්පසු 1931 දී මේ ක්‍රමයම ඉදිරිපත් කරනවා ලංකාව පාලනය කරන්න. මෙතන අවසාන වශයෙන් බෙදෙන්නේ සිංහල සහ දෙමල ජනතාව. මේකට ඉංග්‍රීසි බසින් කියන්නේ communal representation කියලා.

    එතකොට, සරල වශයෙන් කියනවානම් පාලන බලය පහළ පෙන්වන ආකාරයට බෙදෙනවා

    1 - ඉන්දියාව - හින්දු 50%, මුස්ලිම් 50%
    2 - ලංකාව - සිංහල 50%, දෙමල 50%

    නමුත් සුලුතරයකට රටෙන් බාගයක පාලන බලය දෙන එක බහුතරයට අවාසියි. බහුතරයට‍ රටේ ආර්ථිකය ගොඩ නගන්න වඩාත්ම හවුල් වුනත් ඔවුන්ට අයිති වෙන්නේ 50% වරප්‍රසාද පමණයි. මේ නිසා දෙගොල්ලෝ ගැටෙන්න පටන් ගන්නවා.

    The race rivalry began later, mainly with the machination of Governor Maitland in establishing "communal" representation. Arunachalam Ponnambalam (AP*) attempted to use this possibility of "communal representation" to carve out a seat for himself in Colombo - Sebastian Rasalingam

    බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන අවස්ථාවේ මේ ගොල්ලෝ ඉන්දියාවේ මුස්ලිම් සහ ලංකාවේ දෙමල දේශපාලකයින්ට දුන්න 50% බලය ආපසු ගන්නවා. නමුත් දේශපාලකයින් බලයට පුරුදු වෙලා මේවා අතහරින්න කැමති වෙන්නේ නැහැ.

    මේක නිසා ඉන්දියාව 50% හින්දු, 50% මුස්ලිම් රටවල් දෙකකට බෙදෙනවා. ලංකාවේ දෙමල නායකයා ඉල්ලනවා 50:50 අනුපාතයට සිංහල:දෙමල බලය බෙදන්න. නමුත් පසුව බලයට එන වාමාංශික දෙමල නායකයා ඉල්ලනවා 50% භුමි ප්‍රමානයක පාලන බලය.

    නමුත් මේ ගොල්ලෝ දන්නවා ලංකාවේ බහුතරයක් මේකට එකඟ වෙන්නේ නැහැ කියලා. එකයි මේ ගොල්ලෝ විවිදාකාර "ලීවර" (leverage) භාවිත කරන්න පටන් ගන්නේ 50% බලය උදුරලා ගන්න. 2009 අවසාන වෙන්නේ ආයුධ බලය ලීවරයක් ලෙස යොදා ගත්ත පියවරක් පමනයි.

    දැන් ජිනීවා වල තියෙන්නේ වෙන ආකාරයකින් දෙමල පාලකයෝ භාවිත කරන ලීවරයක්. මේ ගොල්ලෝ මානව අයිතිවාසිකම් සහ අනෙකුත් ලෝකේ නැති ප්‍රශ්න මවලා රටට අහිතකර සම්බාධක ගෙන දෙන පරිසරයක් ගොඩනගනවා. ඔය ප්‍රශ්න මැද ඒ ගොල්ලෝ ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නය ව්‍යවස්ථාවක් ගෙනල්ලා විසදන ආකාරය.

    Read -> Tamils Want Equal Rights

    මෙතන මේ ගොල්ලෝ "Equal Rights" කියන්නේ 50:50 සිංහල:දෙමල සමාන බලය. එත්කොට පළාත් සභා පටන් ගැන්ම පමනයි. මේක ඉව්ර වෙන්නේ මේ ගොල්ලන්ට 50% බලය ලැබුන දාට.

    මතෙක් කල් භාරතය නමින් හැදින්වූ ප්‍රදේශය අන්තිමට හින්දු-ඉන්දියාව සහ මුස්ලිම්-පකිස්තානය වෙලා දෙකට බෙදුනේ මෙතනින් ආරම්භ වුන ගැටලුව. මෙතනින් පෙන්වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර තියෙන සමානකම් පමනයි.

    බ්‍රිතාන්‍ය රජය මීට අමතර ප්‍රශ්නයක් අටවනවා ලංකාවට. මේවා නොදැන මේ ප්‍රශ්නය කිසිම ආකාරයකින් විසදිය නොහැක.
    නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,813
    113
    Nugegoda, Sri Lanka
    සුද්දා කෙසේ වෙතත් අපේ ගොං දේශපාලු වහේලා තමයි 56 ඉඳලා ඔය ප්‍රශ්න හැදුවේ. 50 ගනන් වල ඉඳලම ජාතිය ආගම අනුව වර්ග නොකර පාසල් හැදුවනම්, පාසල් වල භාෂා 3ම අනිවාර්ය කළා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.
    Sirawata, Englishma thibbanum ekak SInga wage.. wade ivarai.. Hela yakku puththu mathu una gman wade del unaa..