දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් න&#3536

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් න&#3536

    දෙමාපිය පිහිට අහිමි දරුවෙක් දඹුල්ල බස් නැවතුම්පලේ

    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


    දෙමාපියන්ට එපා වූ දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් 16 දින පස්වරුවේ වාර්තා විය.

    දින තුනක පමණ කාලයක් වයස අවුරුදු 12ත් 15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවෙකු දඹුල්ල බස් නැවතුම්පොලේ තනිව සිටින බවත් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික දුරකථනයට තොරතුරක් ලැබී තිබිණි.

    ඒ අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලිසිය වෙත රැගෙන එන්නට වූහ.

    දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්ෂා කරගෙන ආහාර පාන එදින ලබාදී පොලිසිය පැමිණෙන තුරු රැක බලාගෙන සිටීම තවත් විශේෂ කරුණකි.

    මෙම දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පාසල් නොයවා සිටි මෙම දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාස වලට සහ පන්සල් වලට දෙමව්පියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය. එමෙන්ම දරුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කළ විමසීම්වලදී කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවසින් පන්නා දමන බවය. අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටින පියා ගෙන් බේරීම සඳහා තමන් නිවසෙන් පිටව ගිය බව සඳහන් කළේය.

    මෙම පිරිමි දරුවා ඇඳ සිටි ඉරී ගිය ඇඳුම් කිහිපය ඉවත්කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික ධනයෙන් මෙම දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදීම විශේෂත්වයකි. දරුවාගේ එකම ඉල්ලීම බවට පත්වූයේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බව සඳහන් කළේය.
    මෙම දරුවන්ගේ දෙමව්පියන් පොලීසියට කැඳවා වුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
    image_80c5eb2d08.jpg

    image_484ad4b428.jpg
    image_b0480201c5.jpg
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    පොලිස් කාන්තාව නම් සුපිරියට ඇල්ලුවහැකි කොල්ලට..
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    WTF????

    ඉබ්බා මුට සුකලා... නැ මචන් එහෙම සිද්දියක් වෙලා නැ .. අනික මිනිහගේ සුකිත නෙමෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පොඩි නෑ හැබැයි පෙනුමෙන් නං :baffled:

    ඇඟ හැදිච්ච පොඩි එකෙක් වෙන්න ඇති බන්. ඇඟ පත තිබ්බට තනියෙන් ජීවත් වෙන්න තරම් මානසික මට්ටමක් නෑ. මත් රකුසා අපේ රටට දීලා තියෙන තෑගී තමයි මේ.