දෙරන සජීවි ප‍්‍රවෘත්ති මැදිරියේ ලක්මාලි හම ගහයි...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මෙරට ඇති වූ කාලගුණ ආපදාව ගැන නොවැම්බර 12 වැනිදා පූර්ව අනතුරු ඇගවීමක් කලේ යයි අසත්‍ය පැවසූ බවට දෙරණ 'බිග්ෆෝකස්' වැඩසටහන පාදක කරගනිමින් ජාතික ජනබල වේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කරන ලද චෝදනාවට දෙරණ නාලිකාව සිය ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී ප‍්‍රතිචාර දැක්වීය.

    නොවැම්බර් 12 වැනි දින විකාශය වූ "බිග්ෆෝකස්" වැඩසටහනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායයාම් පරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යා ආචාර්ය ඉමායා ආර්යත්න යන අය සහභාගී වී සිටියහ.

    එහිදී, අන්තර් මෝසම් කාලගුණයේ බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව නාලිකාව වාර්තා කලේය.

    එම සාකච්ඡාව අතරතුරදී, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 'ඉදිරි කාලසීමාව තුළ පවතින පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වීමට හැකි බවත්, කෙසේ වෙතත්, මෙම කාල සීමාවේ පවතින කැලඹිලි ස්වභාවයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් සමඟ එය ඕනෑම වේලාවක වෙනස් විය හැකි බව සඳහන් කළේය.

    වර්ෂාපතනය ඉහළ යෑමක් අනිවාර්යයෙන්ම සිදුවන බවට ප්‍රකාශ කර ඇති අතර, 14 වැනි දිනෙන් පසු වර්ෂාපතනයේ රටාව වෙනස් වන බවද පවසා ඇති බවත් වාර්තා කලේය.

    කැලඹෙන ස්වභාවය අනුව, ඉදිරි දින කිහිපය තුළදී මෙය අඩු පීඩන කලාප හෝ පීඩනාවපාත මට්ටම දක්වා යා හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්දැකීම් අනුව පෙනී යන බව ප්‍රකාශ විය.

    ඔහු 'සුලිකුණාටු' යන වචනය දැන් භාවිතා නොකරන නමුත්, ලංකාවේ කාලගුණික තත්ත්වය දැනට වඩා වැඩිවීමක් ඇති බව සඳහන් කළේය.

    වර්ෂාව එක දිගට පැවතියහොත් ගංවතුරක් වැනි තත්ත්වයක් ඇති වීමට මෙන්ම, නාය යෑම් පැත්තටද යෑමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීය.

    මෙම වර්ෂාපතනය බොහෝ විට නැගෙනහිර, උතුරු-මැද, සහ මධ්‍යම වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය හැකි බවට පැහැදිලි කරන ලදී.

    දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ කාලගුණ තත්ත්වයෙන් පසු කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ සමාජයේ කතාබහක් නිර්මාණය විය.

    ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් නිවේදනයක් කර තිබූ නමුත්, රජය ක්‍රියාත්මක නොවූ බවට චෝදනා ඒල්ල වූ බවත්ය. ඇය තවදුරටත් සඳහන් කළේ එම කාරණය සමාජගත කළේ දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාව විසින් බවයි.

    මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් දෙරණ නාලිකාව ප්‍රකාශ කර සිටියේ, ලක්මාලි මන්ත්‍රීවරිය මෙම ප්‍රකාශය සිදු කරන්නේ නිසි කරුණු පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බව හැඟී යන බැවින්, සත්‍යය පැහැදිලි කිරීමට තීරණය කළ බවයි.

    කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ප්‍රකාශය සිදු කළේ සුළි කුණාටුවෙන් පසුව ඇති වූ තත්ත්වයට සති දෙකකට ආසන්න කාලයකට පෙර විකාශය වූ සජීවී වැඩසටහනකදී බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බවත්, එම ප්‍රකාශය කරන අවස්ථාවේදී ආපදා කළමනාකරණ විෂය අයත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද වැඩසටහනට සහභාගී වී සිටි බවත් දෙරණ පෙන්වා දෙයි.

    වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස දෙරණ සිදු කළේ, ඇතිවිය හැකි කාලගුණ තත්ත්ව වෙනස් වීමක් පිළිබඳ රටට වාර්තා කිරීමට බිග්ෆෝකස් වැඩසටහනින් ඉඩ සලසා දීම පමණක් බව අවධාරණය කරයි.

    මන්ත්‍රීවරිය අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ, දෙරණ විසින් කරනු ලබන්නේ නිලධාරීන් ප්‍රකාශ කරන කාලගුණ දත්ත හා තොරතුරු විකාශය කිරීම මිස, තමන් විසින් කාලගුණ දත්ත සොයාගෙන විකාශය කිරීම නොවන බවයි.

    මන්ත්‍රීවරිය කළ යුත්තේ, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් පසු නිලධාරීන් විසින් තීරණ ගන්නා බලධාරීන් දැනුවත් කර ඇත්දැයි සොයා බැලීම බවට දෙරණ ප්‍රතිචාර දක්වයි.

    අදාළ කාලගුණ ප්‍රකාශයේ වරදක් ඇත්නම්, එය නිවැරදි කළ යුත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිස දෙරණ නොවන බවද පැහැදිලි කර ඇත.

    දෙරණ යළිත් අවධාරණය කරන්නේ, මෙම සිද්ධියේදී කාලගුණ තොරතුරු ප්‍රකාශ කර ඇත්තේ අදාල නිලධාරීන් පමණක් වන අතර, දෙරණ කිසිවිටක ඊට අදාළව තමන්ගේ මතයක් ප්‍රකාශ කර නොමැති බවයි. ජාත්‍යන්තර මාධ්‍යද ශ්‍රී ලංකාවට මිලිමීටර් 300-500 ඉක්මවන වර්ෂාපතනයක් ඇදහැලිය හැකි බවට නොවැම්බර් 25 වැනිදා වාර්තා කර තිබුණි

    copyright
    https://www.lankacnews.com/2025/12/blog-post_795.html
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    ඔක්කොම එකයි බන්
    හැම එකාම ඕක වෙනකම් බලාගෙන හිටියේ....

    එක කපෙක් ඕව කිවේ නා
    පවු අහිංසක මිනිස්සු මරුන

    දැන් බොරුවට සුදනෝ වෙන්න හදනවා
     
    • Haha
    Reactions: BINGU_PUTHA

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඔක්කොම එකයි බන්
    හැම එකාම ඕක වෙනකම් බලාගෙන හිටියේ....

    එක කපෙක් ඕව කිවේ නා
    පවු අහිංසක මිනිස්සු මරුන

    දැන් බොරුවට සුදනෝ වෙන්න හදනවා
    ape gedara maha udawiya hamadama redio ahanawa. news. issara season eka kittu weddi naya kana pradesa - gramasewaka kottasa pawa kiyanawa. minissu ain karawanawa. specialy 2016-17n passe mewa digatama sidda una!
    ewa kara ara apada kalamanakarana pot eken. lapa kota mala peretheya wage salli ithiri karaganna eka wahala dalalu!
     
    • Like
    Reactions: CohenLenstra

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    anna ekai mulu vipakshema meka danagena hitiya namut minissu beraganna try kare na :lol: . nadu danna oni dana danat kriyamarga gatte nati ekata . aanduwa nam danagena indalama nathi nisa aulak na :rofl:
     

    Methsuki

    Junior member
  • Oct 10, 2011
    28
    2
    8
    මන්ත්‍රීවරිය අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ, දෙරණ විසින් කරනු ලබන්නේ නිලධාරීන් ප්‍රකාශ කරන කාලගුණ දත්ත හා තොරතුරු විකාශය කිරීම මිස, තමන් විසින් කාලගුණ දත්ත සොයාගෙන විකාශය කිරීම නොවන බවයි.