දෙවන පරිච්ඡේදය.. ( 𝑬𝑵𝑫 𝑻𝑶 𝑬𝑵𝑫 𝑬𝑵𝑪𝑹𝒀𝑷𝑻𝑬𝑫 𝑪𝑯𝑨𝑷𝑻𝑬𝑹 )
අතරමං නොවීමට..
චින්තනය රටාව වෙනස් කිරීමට උත්සහ කරන්නන් මං මුලා නොවීමට ලියමි..
ඔබේ චින්තනය ඔබෙන්ම ප්‍රතික්ෂේප වූවෙකු නම් නව චින්තන රටාවක් ගොඩනගා ගැනීමට ප්‍රථම පැවති චින්තන රටාවෙන් සම්පූර්ණයෙන් මිදී සිටිය යුතුය..
පැවති චින්තනයට නැවත ඔබට බලපෑම් සිදු කල නොහැකි තත්ත්වයට පත් විය යුතුය..
මුලින්ම...
චින්තනය වෙනස් කිරීම
සිතිවිලි හටගැනීම වැලැක්වීමට උත්සහ කිරීම, ගලා යන ජලයට තාවකාලිකව සොරොව්වක් නොමැති වේල්ලක් බැන්ඳා වගේ..
චින්තනමය විප්ලවයක් මගින් තෘප්තිමත් විය හැකි චින්තන රටාවක් ඇතිකරගත් ඉතා සීමිත පිරිසක් හැරෙන්නට තමාගේ සමස්ථ චින්තනයට පෙම් බැඳින්නන් මා දැක නැත..
සිතිවිලි වල රටාව හොඳින් අධ්‍යයනය කරන්න.. සිතිවිල්ලක් කියලා වෙන් කරලා ගන්න බෑ ඒකත් එක්තරා දාමයක්.. අපි සිතිවිලි විදියට දකින්නෙ ඒ දාමයේ අපි නම් කරගත්ත තැන් කිහිපයක්.. ඒවා කිසිම හේතුවකින් බලෙන් නවත්වන්න බෑ..
උදාහරණයක් විදියට වෛරයට අදාල සිතිවිලි සැලකුවොත් ඒක එන්නෙ විවිධ හේතු මත විවිධ ආකාරයට වුවත් ඒකේ ගලා යාම ඒකට අනන්‍යයි.. ඒ ගලා යාම තේරුම් ගත්තට පස්සෙ ඒකෙ ගලායාම වෙනස් කරන්න පුළුවන් වෙනවා..නැතිනම් තවදුරටත් එයට බාධා කල නොහැකි වෙනවා..
හැම දාමයකම ගලායාමේ පොදු රිද්මය තේරුම් අරන් අකමැති සිතිවිල්ලක මුල් පුරුක් කැමති සිතිවිල්ලක අග සමඟ සම්බන්ධ කරගන්න පුළුවන් වෙන තැන අකමැති සිතිවිලි වලින් යම් දුරකට දුරස් වෙන්න පුළුවන් .. නමුත් බොහෝවිට සමාජීය බලපෑම් හේතුවෙන් නොදැනුවත්ව හෝ ගොඩනගා ගත් අඳුරු චින්තන රටා ඉවත් කිරීමට වඩා පහසු අත්දැකපු ක්‍රමය නම් ඒවා ස්වභාවික හැසිරීමකට වඩා අස්වාභාවික ගති පෙන්වන නිසා (
ඒවා අස්වාභාවික හැසිරීමක් පෙන්වන්නේ තමන්ට ආවේණික විදියට ඒවා තමන් විසින් බල කිරීමක් සහිතව සකස් කරගත් ඒවා නිසා)
සිතිවිලි සකස්කර ගැනීමට අදාල අපිට අනන්‍යය රුචිකත්ව මත පදනම් වූ ලක්ෂණ තේරුම් ගත් පසු චින්තනය ගොඩනගා ගත් ආකාරය ආසන්න වශයෙන් අනුමාන කළ හැකි වෙනවා..
එම අනුමානය සහිතව ඉවත් කරගැනීමට අවශ්‍ය පෙර නොදැනුවත්ව ගොඩනගා ගත් රටාවට අදාල රිද්මය සහිත නව දාර්ශනික චින්තනයක් ඊට පසුව ගොඩනගා ගන්න පුළුවන් වෙනවා..
️බොහෝ දෙනෙකුගෙ ජීවිතයේ විඳින්න තියෙන අවස්ථා බොහොමයක් ඔවුන්ගේ අසහනකාරී බව නිසා නොපෙනී යනවා..
සතුට ආලෝකය වගේ දෙයක් නම් රෑ අහසේ අසහනෙන් පන්නන හඳට වඩා ඉවසීමෙන් තරු දිහා බලුවොත් ඒවා ආලෝක ප්‍රභව කියලා දැනගන්නවා වගේ.... ස්වභාවිකව සිත යොමුවෙන තැනට වඩා සැඟවුණු පැතිකඩ ගවේෂණය කරන්න.. එය තේරුම් ගෙන අසහනයෙන් මිදෙන්න..
️මනසට අපරිමිත සතුටක් ලඟා කරගත හැකි සැඟවුණු කලාප අප තුලම පවතිනවා.. චින්තන ස්වභාවය මත ඒවා අවහිර වෙලා තියෙන්නෙ.. පිරිසිදු චින්තනයක් ඇති කරගත් පසු ඒවායෙන් බොහොමයක් විවර වෙනවා..
️
පෙර පැවති චින්තනය නව චින්තන රටාව සමඟ ගැටීම
️
චින්තන ධාරිතාව වැඩිවන තරමට වැඩි පරාසයක විහිදෙන සිතිවිලි සහිතව යමක් සාධනයට අදාලව කරුණු ගොණු කිරීම මන්දගාමී වුවද කරුණු විශ්ලේෂණය ඉතා වේගවත් හා නිරවුල් ය..
පෙර පැවති සිතිවිලි රටාව සැලකිය යුතු මට්ටමකට තේරුම් ගන්නෙ නැතිව නව සිතිවිලි රටාවකට යොමු වීමෙන් සිතිවිලි රටා වල පවතින සමාන ලක්ෂණ නිසා පෙර පැවති සිතිවිලි රටාව යම් යම් තැන් වලදි ඉස්මතු වෙනවා.. ප්‍රබල මූලික සිතිවිලි ඇති කරගැනීමෙන්,
ඒ ඉස්මතු වීම වලක්වගන්න ...
මානසික ක්‍රියාවලියක අත්දැකීම් ඇසුරිනි
2022.01.14
✍︎සටහන
#𝒀𝒂𝒔𝒊𝒕𝒉𝒂_𝑫𝒊𝒂𝒔
#overthinking
ප්‍රශ්න සහ අදහස් යොමු කරන්න..