දෙවියන්ගේ පුත්රයා .

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දෙවියන්ගේ පුත්රයා .

    දෙවියන්ගේ පුත්රයා .............................



    1986 ජුනි 22 දා ලොව මුහුදු මට්ටමින් ඉහලින්ම ඇති මෙක්සිකෝ සිටි Estadio Azteca පාපන්දු සංකීර්ණයට ලොව වැඩිම අවධානය යොමු වුයේ ෆිෆා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයට හේතු නියම වූ බැවිනි. ඊට වසර හතරකට පෙර falkland යුද්ධයට මැදිවූ බැවින් එංගලන්තයත් - අර්ජන්ටිනාවත් අතර වැඩි සෙනෙහසක් එදා නොතිබුණි.
    තරගයේ පළමු භාගය දෙපිලටම ගෝල අවස්ථා මගහරිමින් ගෙවුණි.ආර්ජන්ටිනාව වෙනුවෙන් උස අඩි 5'5 ක්වූ කණ්ඩායම් නායක ඩියාගෝ මැරඩෝන උත්සහ කීපයක්ම ගත් අතර තරගාවලියේ විශිෂ්ටම දැල් රකින්නා වූ පීටර් ෂෙල්ටන් පසුකර යෑම එතරම්ම අසීරු විය.
    තරගයේ දෙවන භාගය ආරම්භ වී විනාඩි හයක් ගෙවුණු තැන එංගලන්ත ආරක්ෂක සීමාව බිදදමමින් මැරඩෝන ඉදිරියට එන්නට විය. ගුවන් ගතවූ පන්දුවට හිසින් පහරක් එල්ල කල මැරඩෝන ප්රතිවාදී දැල් රකින්නාගේ සීමාව ඉක්මවා ගියේ පළමු ගෝලය වාර්තා කරමිනි.බුවනොස් අයස් වැසියන් සතුට සමරද්දී ටියුනීසිය විනිසුරු මැදිකරගත් එංගලන්ත කණ්ඩායම එය ගෝලයක් නොවන වගට කරුණු කියන්නට විය.ඇතැමෙක් එය off -side ලෙස කරුණු කී අතර මැරඩෝන අතින් පහර එල්ල කල බවද කීහ.විනිසුරු තීරණයේ වෙනසක් නොවුනි.එය ගෝලයක් ලෙස නම් විය.තරගයෙන් අනතුරුව මාධ්ය හමුවේදී මෙම ගෝලය ගැන යලි කතා බහ ඇතිවිය.එතෙක් නිහඩව සිටි මැරඩෝන උත්තර බදින්නට විය. " ඔව් එම ගෝලයේ බාගයක් මගේ ඔලුව ............අනිත් පොඩි කොටස දෙවියන් වහන්සේගේ හස්තය....." එතැන් පටන් එම ගෝලය හැදින්වූයේ "Hand of God" හෙවත් දෙවියන්ගේ හස්තයෙන් ලත් ගෝලය ලෙසිනි.
    එම ගෝලය වාර්තාවී හරියට විනාඩි හතරක් ගෙවුණි.පන්දුවේ සමබරතාවය හොදින් තම දෙපාමුල රදවාගත් මැරඩෝන යාර 60 සීමාවේ සිට ප්රතිවාදී එංගලන්ත මැදපෙලට වෙට්ටු දමමින් තනිවම තප්පර 10 ක් තුල පන්දුව රැගෙන ආරක්ෂිත සීමාව තුල විය . ඒ අතර එංගලන්ත කණ්ඩායමේ පස් දෙනෙකුම මගහරින්නට මැරඩෝන තනිව සමත්ව තිබුණි. දැල් රකින්නා අන්ද මන්ද කල මැරඩෝන වම් පසින් එල්ල කල පහර ගෝලයක් බවට පත්වන්නේ ගෝල 2-0 ලෙස ආර්ජන්ටිනාව පෙරමුණේ තබමිනි. පසු කලෙක ෆිෆා නම් කල ලොව විශිෂ්ටතම ගෝල ලැයිස්තුවේ එම ගෝලය ඉදිරියෙන්ම විය. පසුව බහුතර තේරීම මත " The Goal of the Century " හෙවත් සියවසේ ගෝලය ලෙස එය නම් කෙරිණි.
    තරගයේ 81 විනාඩියේදී එංගලන්තය ගෝලයක් ලැබුවත් ආර්ජන්ටින ජය වළකාලන්නට එය ප්රමාණවත් නොවුනි. අවසන් පූර්ව තරගයේදී බෙල්ජියමට එරෙහිව ගෝල 2-0 ලෙස ආර්ජන්ටිනාව ජය ලබන අතර එම ගෝල දෙකේම හිමිකරුවා වන්නේද මැරඩෝනයි. එදා 1986 ෆිෆා ලෝක කුසලාන අවසන් තරගයේදී බටහිර ජර්මනිය පරදා ආර්ජන්ටිනාව ජයපැන් බොද්දී තරගාවලියේ විශිෂ්ටයා ලෙස golden ball සම්මානයෙන් පිදුම් ලැබීමට මැරඩෝන සමත්වන්නේ 1986 තරගාවලිය තමාගේ නමටම ලියා ගනිමිනි.
    එදා බාර්සිලෝන ක්රීඩා සමාජයට වාර්තාගත මුදලකට අලෙවිවූ මැරඩෝන ඉන් අනතුරුව නාපෝලි කණ්ඩායමට පිනුම් ගැසුවේ තවත් වාර්තාගත මුදලකටය. ඩොලර් සහ යුරෝ මේ සුපරි තාරකාව පසුපස පිනුම් ගැසුවත් ඔහුගේ උප්පතිය රන් හැන්දෙන් කිරි කටගාමක් නම් නොවේ. බුවනොස් - අයස් නුවර කිලිටි වීදිවල හිස් බෙලෙක්ක ටින් වලට පයින් ගැසූ කොලු ගැටයා පසුකලෙක ලෝකයම තම දෙඅතට ගෙන සිපගැනීම ඔහුගේ උත්සාහයේ කතන්දරයට හොදම නිදසුනයි. නමුත් පසුකලෙක කොකේන් භාවිතයේ අනිටු පල මත විවිධ හැලහැප්පිලි ජීවිතයේ විදින්නට මැරඩෝනට සිදු විය. තමා වට කරගත් මිලියන ගණනක මුදල් බලා ඉද්දිදී ඔහුගෙන් අහිමි වන්නට විය. නමුත්ට එදා සිට ඔහුට ආදරය කල පාපන්දු රසිකයන්ට තවමත් ඔවුන්ගේ ලෝකයේ දෙවියන් " ඩියාගෝ මැරඩෝන " බවටනම් රහසක් නොවේ.........
    -මංජුල ලන්දෙකුඹුර-





    13012804_10208162289327437_7570147378070620399_n.jpg



    13010604_10208162290927477_2370122533834491461_n.jpg


    REP ++++​
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula