දෙවියන්ට පින්දීම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo


    එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි, සම්භතං පුඤ්ඤසම්පදං, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බසම්පත්ති සිද්ධියා.

    ආකාසට්ඨාච භුම්මට්ඨා, වානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා, දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු දේසනං. ආකාසට්ඨාච භුම්මට්ඨා, දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤංතං අනුමෝදිත්වා, චිරං රක්ඛන්තු මං පරං.



    අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ දෙවියෝ වෙත අනුමෝදන් වෙත්වා.අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ භූතයෝ වෙත අනුමෝදන් වෙත්වා. අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා.

    අහසෙහි වසන්නා වූද, පොළොවෙහි වසන්නා වූද, මහත් සෘද්ධි ඇති දෙවියෝ ද, නාගයෝ ද මේ පින් අනුමෝදන්ව නිරතුරුව ලෝකයත් සාසණයත් බොහෝ කල් යහතින් ආරක්‍ෂා කරත්වා.