දෙසැම්බරයේ සුනාමියක් එවිමද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    දෙසැම්බරයේ සුනාමියක් එවිමද?

    wave2_copy.jpg



    2017 දෙසැම්බර් 31 දිනට පෙර ආසියානු මහද්වීපික වෙරළ කලාපයට දරුණු භූ කම්පාවක් හා සුනාමියක් ඇතිවන බවට එක්තරා පුද්ගලයකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමු කරමින්් අනතුරු අඟවා තිබේ. මෙම අනාවැකිය පළ කර ඇත්තේ බී.කේ. රිසර්ච් ඇසෝසියේෂන් නමැති ආයතනයක ප‍්‍රධානියා වන බාබු කාලයිල් නමැති කේරලයේ පදිංචි පුද්ගලයෙකි. සිය සයවැනි ඉන්ද්‍රිය ඔස්සේ අනාගතය දකින්නෙකැයි පවසන ඔහු තම අනාවැකිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

    මෙම භූ කම්පාව සීෂ්මා නමැති සුළිකුණාටුවේ බලපෑමෙන් සිදුවිය හැකි බවද, පැයට කිලෝමීටර 120ත් 180ත් අතර වේගයකින් හමා යා හැකි බවද එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවටත් ඔහු අනතුරු අඟවා ඇත. ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ජපානය, පා කිස්තානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ඇෆ්ගනිස්තානයට ද ගල්ෆ් කලාපයේ ඇතැම් රටවලට ද එහි බලපෑම ඇතිවනු ඇති බැව් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

    මෙම අනාවැකිය අනුව එවැනි තත්ත්වයක් ඇති විය හැකිදැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතාගෙන් අපි විමසා සිටියෙමු.

    ‘‘භූ විද්‍යාඥයන් වශයෙන් අප දන්නා කරුණු අනුව ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව හැඟීමක් නොමැතිව භූ කම්පාවක් සිදුවිය හැකියි. එය කෙදිනක, කොතැනක, කුමන වේලාවක සිදුවන්නේදැයි පවසන්නට තරම් දියුණු තාක්ෂණයක් තවම නැහැ. ඇතැම් පූර්ව ලක්ෂණ අනුව අනුමාන කර එවැන්නක් සිදුවිය හැකියැයි ප‍්‍රකාශ කළ හැකියි. මෙම ප‍්‍රකාශයත් එවැන්නක් විය හැකියි. මෙම අනාවැකිය සිදුකළ පුද්ගලයා එම අනාවැකිය පළකරන්නට පදනම් කරගත් සාධක මොනවාදැයි අප දන්නේ නැහැ. 2004 දෙසැම්බර් 26 සුනාමිය ඇතිවීමට පෙර එක්තරා පුවත්පතකින් භූ කම්පා ඇතිවන ආකාරය පිළිබඳ මගෙන් විමසා සිටියා. ඒ දිනවල ශ්‍රී ලංකාව අවට ප‍්‍රදේශයේ සුළුසුළු භූ කම්පා ඇතිවුණා. මෙම භූ කම්පන තත්ත්වයන් ක‍්‍රමයෙන් වර්ධනය වූ හෙයින් එය කිසියම් විශාල ක්‍රියාවලියක පෙරනිමිත්තක් විය හැකියැයි මා එදා එම පුවත්පතට පැවසුවා. මගේ අනාවැකිය සනාථ කරමින් සුනාමි තත්ත්වයක් ඇති වුණා. පූර්ව සාධක අනුව අපට කිසියම් අනුමානයක් කළ හැකියි. එහෙත් නිශ්චිතව සිදුවන්නේ යැයි පැවසිය නොහැකියි.

    ඉන්දියානු පුද්ගලයා සඳහන් කර ඇති කරුණු සනාථ කළ හැකි කිසිදු පූර්ව තත්ත්වයක් මේ වන තෙක් අපට වාර්තා වී නැහැ. භූ විද්‍යාඥයන් හැටියට අපට මෙවැන්නක් සිදුවිය හැකි බවට පෙරනිමිති පැවසිය නොහැකියි. එහෙත් ඔහු පවසන දෙය සිදුවීමට ඇතැම් විට හැකියාවක් තිබෙනවා. මෙම පුද්ගලයා කිසියම් අනුමානයක් කර මෙවැන්නක් ප‍්‍රකාශ කර ඇතැයි මා සිතනවා.
    image_94ce2db45f.jpg

    ශ්‍රී ලංකාව ඉන්දියානු භූ තලයට අයත්. තමිල්නාඩුව වැනි කලාපයක භූ කම්පාවක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකාවට බල පෑ හැකියි. එහෙත් හිමාලය වැනි ප‍්‍රදේශයක එවැන්නක් සිදු වුවහොත් අපට බලපෑමක් නැහැ.’’ යනුවෙන් සම්මානිත මහචාර්ය කපිල දහනායක ප‍්‍රකාශ කරයි.

    මෙම අනාවැකිය පළ කළ පුද්ගලයා මින් ඉහතද අනාවැකි කිහිපයක් පළකර ඇතැයි පැවසේ. ආචාර්ය ජී. රේණුකා නමැති කේරල විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක 2005 දී හින්දු පුවත්පතෙහි ලිපියක් පළකරමින් මොහුගේ අනාවැකි කිහිපයක් සත්‍ය වූ බවට සඳහන් කර තිබේ. අඟහරු ග‍්‍රහයා මත ජලය ඇති බවට ඔහු 2001දී අනාවැකියක් පළ කළ ඇති අතර ඉන් මසකට පසු හංගේරියානු විද්‍යාඥයන් පිරිසක් අඟහරු මත ජලය ඇති බවට තහවුරු කළ බවද, පෘථිවියට සමාන තවත් ග‍්‍රහයකු ඇතැයි ඔහු 1998දී ප‍්‍රකාශ කළ අතර 2004දී කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පෘථීවියේ සිට ආලෝක වර්ෂ 50ක් පමණ දුරින් පිහිටි එවැනි ග‍්‍රහයකු සොයාගැනීමට සමත් වූ බවද, සෙනසුරු ග‍්‍රහයාට චන්ද්‍රයන් 10 ඇති බැව් ඔහු 2004 ප‍්‍රකාශ කළ අතර 2005 වසරේ එය තහවුරු වූ බවද ආචාර්ය රේණුකා තම ලිපියේ සඳහන් කර තිබූ බවට වාර්තා වේ.

    බාබු කාලයිල් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කර ඇත්තේ මෙවැනි බිය දනවන ප‍්‍රකාශ මගින් ඇතැම් විට වැරදි තොරතුරු සමාජගත කරන බවය. මෙම පුද්ගලයා තමන්ට අනාගතය දැකිය හැකි යැයි සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නකු බවට ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබේ.

    ‘බුම්’ නමැති තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බලන ඉන්දියානු වෙබ් අඩවියක් මගින් මෙම ලිපියේ සඳහන් දුරකථන අංක ඔස්සේ කාලයිල් සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනකදී උත්සාහ කළද කිසිදු අවස්ථාවක එම පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී යැයි එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

    ඉන්දියානු මාධ්‍ය කාලයිල්ගේ ප‍්‍රකාශය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබුවද පාකිස්තානය මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර තිබේ. පාකිස්තාන බුද්ධි අංශ එරට භූ කම්පන පුනරුත්ථාපන සහ ප‍්‍රතිසංස්කරණ අධිකාරියට මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.


    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා(Lankadeepa.lk):shocked:
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අඟහරු ග‍්‍රහයා මත ජලය ඇති බවට ඔහු 2001දී අනාවැකියක් පළ කළ ඇති අතර ඉන් මසකට පසු හංගේරියානු විද්‍යාඥයන් පිරිසක් අඟහරු මත ජලය ඇති බවට තහවුරු කළ බවද, පෘථිවියට සමාන තවත් ග‍්‍රහයකු ඇතැයි ඔහු 1998දී ප‍්‍රකාශ කළ අතර 2004දී කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පෘථීවියේ සිට ආලෝක වර්ෂ 50ක් පමණ දුරින් පිහිටි එවැනි ග‍්‍රහයකු සොයාගැනීමට සමත් වූ බවද,

    lol , meka anawakida bng :P ,

    mng kiyanawa aliens la innawa kiyala :) dan mtth anagate dakinna puluwan
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඇෆ්ගනිස්ථානය ? වැලි කුණාටු තමයි ආවොත් ....නැත්නම් තලෙයිබාන් කාරයෝ:lol: