දෙසැම්බර්-07-ජනාධිපතිවරණය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දෙසැම්බර්-07-ජනාධිපතිවරණය

    ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වෙනිදා - ජනාධිපති ඉන්දියාවේදී ප්‍රකාශ කරයි

    ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 07 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇති නමුත් මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් සිය ජනාධිපතිවරණය අපේක්ෂකයින් නම් කර නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේ නව දිල්ලි හිදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටිනවා.

    " මේ දක්වා කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර නැති නිසාතමන්ද ඒ පිළිබඳව ඉක්මන් වෙන්නේ නැති බව" ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කල බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

    " ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජුනි මස 09 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඔහුගේ පැමිණීම සිදුවන තෙක් අප බලා සිටිනවා" යැයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර සිටියා.

    අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා දකවා සිටියේ මෙවන් අදහසක්,

    " මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී මම සිටියේ සිංගප්පුරුවේ. ඉන්දියානු බුද්ධි අංශ විසින් අප්‍රේල් මස 04 වෙනිදා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට සවිස්තර වාර්තාවක් ලබාදීලා තිබෙනවා. අප්‍රේල් මස 4 වෙනිදා සිට 16 වෙනිදා කාලය අතර වාරයේදී මේ සමබන්ධයෙන් කිසිවෙකුත් මාහට දැනුම් දීමක් සිදුකරනු ලැබුවේ නැහැ. මම සිංගප්පුරුව බලා පිටත්ව ගියේ අප්‍රේල් 16 වෙනිදායි. එසේ මාහට මෙම බුද්ධි අංශ වාර්තාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබුනානම් මම විදෙස් ගත වෙන්නේ නැහැ. මේ හේතුව නිසයි මම ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාව ඔවුන්ගේ ධුරයන්ගෙන් ඉවත් කරනු ලැබුවේ.

    ත්‍රස්තවාදයට විවිධ ස්වරුප තිබෙනවා. ඇතැම් රටවල දේශීය ත්‍රස්තවාදීන් සිටිනවා. අපිත් 30 වසරක එවැනි යුද්ධයකට මුහුණ දුන් රටක්. ඉන් පසුව 10 වසරක කාලයක් සාමකාමිව සිටිය රටකටයි ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ. සියළුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ත්‍රස්තවාදයට එරෙහිව එක්විය යුතුයි. කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාව තුල තත්ත්වය සමථයකට පත්කර ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙම ප්‍රහාරයෙන් පසුව මිතුරු රටවල් රාශියක් අපේ සහයට පැමිණියා. ඉන්දියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල බුද්ධි අංශ වල සහය අපට හිමිවුණා. ඒ අපේ විදෙස් ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාම හේතුවෙන්."

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුකරනු ලබන විමර්ශන වලදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් අදහස් දක්වා සිටියා.

    " මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට විදෙස් ත්‍රස්ත කණ්ඩායමක සහය හිමිව තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විදෙස් රටවල සංචාරය කර තිබෙනවා. මෙම කණ්ඩායමට සම්බන්ධ බොහෝ දෙනා මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කල පුද්ගලයින් හොද අධ්‍යාපනයක් ලැබුවන් මෙන්ම ආර්ථික අතින් ශක්තිමත් අය. ඔවුන්ගේ ඇතැම් ත්‍රස්තවාදීන් ආචාර්ය උපාධි පවා හිමියි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා රට තුලින්ම මුදල් උපයා ගැනීමේ හැකියාව හොදින්ම තිබෙන බවට පෙනී ගොස් තිබෙනවා.

    මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අපිට හෙළිවී නැහැ මේ ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් ඉන්දියාවේ සංචාරය කල බවට. ශ්‍රී ලංකාව තුල සියලු දෙනාගේ ආරක්ෂාව අපි තහවුරු කර සිටිනවා. ශ්‍රී ලංකාවත් ඉන්දියාව මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. සියළුම ජන කොටස් වල ආරක්ෂාව පිලිබදව මගේ රජය වගකියන බව" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කර සිටියා.


    nethnewsbutton.png
     
    • Like
    Reactions: BINGU_PUTHA

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    දෙසැම්බර්-07-ජනාධිපතිවරණය 05-31-2019 07:36 PM සිරිසේනගේ ගූ කාපං

    සැහෙන පලපුරුද්දක් තියේන පාටයි.

    giphy.gif
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ජනාධිපතිවරණය දෙසැම්බර් 07 තිබුනට අලුත් ජනාධිපති දිවුරුම් දෙනවා ඇත්තේ ජනවාරි 8න් පස්සේ නේද ???
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනාධිපතිවරණය දෙසැම්බර් 07 තිබුනට අලුත් ජනාධිපති දිවුරුම් දෙනවා ඇත්තේ ජනවාරි 8න් පස්සේ නේද ???

    නෑ බං, අලුතේ පත්වෙන එකා දින්නට පස්සේ ගෙදරට වෙලා ඉන්දියි ද බං.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ජනාධිපතිවරණය දෙසැම්බර් 07 තිබුනට අලුත් ජනාධිපති දිවුරුම් දෙනවා ඇත්තේ ජනවාරි 8න් පස්සේ නේද ???
    මෛත්‍රීපාල ඉල්ලලා දිනුවොත් එහෙම කරයි. මෛත්‍රීපාල ඉදිරිපත්වෙලා පැරදිලා හෝ ඉදිරිපත් නොවී ඉඳලා වෙන කෙනෙක් දිනුවොත්, මැකෝ ඒක නිවේදනය කෙරුවට පස්සෙ දිවුරුම් දෙන්න පුළුවන්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapa kotatai vijitha bebaddatai set ekata koti ganak hoyaganna pluwan kale. koti ganan walata anik unge stage gahanaa poster gahana , campaign plan karanna contract aran .nonjal jvp unta 1000 k deela wada gannawa ita passe
    dinana ekata baninawa:lol::lol::lol: punchi ammath awane mu wage gonek ekka:lol::lol: