දෙසැම්බර් 26 සිට ගුවන් තොටුපොළවල් යළි විවෘත කෙරෙන ලකුණු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ලබන දෙසැම්බර් මස 26 වෙනි දින සිට ගුවන් තොටුපොළවල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට අවසර හිමි වීමට නියමිතය.

    එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ද පසුව නිකුත් කිරීමට නියමිතය.

    එමෙන්ම මෙසේ යළි ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳව ස්ථිර දින වකවානු ඉදිරි දින කීපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ..

    https://newshub.lk/2020/12/12/airports-are-set-to-reopen-on-december-26/
     
    • Like
    Reactions: NRTG and kinkon

    Similar threads