දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    3.දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

    මිලිඳු රජු -
    ස්වාමීනි, දේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?

    නාගසේන තෙරණුවෝ -
    මහරජ, දේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.
    ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනි, මාගේ ලොව්තුරා බුදුපියාණෙනි, ඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූ, නාලාගිරි ඇත්‍ රජ කෙරෙහි දැක්වූ, රාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.
    මහරජ, මෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.

    ( මිලින්ද ප්‍රශ්නය ග්‍රන්ථයෙන් )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මට කියපන් එහෙනම් ආනන්ද හාමුදුරුවෝ කල්පයක් ආයු වලදන්න ආරාධනා නොකරන බව දැන දැනත් , බුදුන් ඇයි තුන් වරක්ම ආනන්ද හාමුරුවන්ට කල්පයක් ඉන්න පුලුවන් කතාව කිව්වේ?
    ආන්නද හාමුදුරුවෝ ආරාධනා කලේ නෑ කියන එක හේතුකරගෙන පිරිනිවන් පාන්න තිරනය කලේ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,733
    113
    මට කියපන් එහෙනම් ආනන්ද හාමුදුරුවෝ කල්පයක් ආයු වලදන්න ආරාධනා නොකරන බව දැන දැනත් , බුදුන් ඇයි තුන් වරක්ම ආනන්ද හාමුරුවන්ට කල්පයක් ඉන්න පුලුවන් කතාව කිව්වේ?
    ආන්නද හාමුදුරුවෝ ආරාධනා කලේ නෑ කියන එක හේතුකරගෙන පිරිනිවන් පාන්න තිරනය කලේ?
    දැනගෙන හිටිය කියල උබ කොහොමද හරියම කියන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    දැනගෙන හිටිය කියල උබ කොහොමද හරියම කියන්නෙ?
    දේවදත්ත පැවිදි වෙන කොටත් අර කරපු දේවල් ටික කරලා අවිචියේ යනවා කියලා කලින් දැනගෙන හිටිය කියලා කොහොමද හරියටම කියන්නේ ?
    ඒවා දැනගෙන හිටියනම් ඉතින් ආනන්ද හාමුදුරුවන්ගේ උත්තරේ කලින් නොදැන ඉන්න විදියක් නෑ නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,733
    113
    දේවදත්ත පැවිදි වෙන කොටත් අර කරපු දේවල් ටික කරලා අවිචියේ යනවා කියලා කලින් දැනගෙන හිටිය කියලා කොහොමද හරියටම කියන්නේ ?
    බැලුවොත් දැනගන්න පුළුවන්
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo



    වේලාම සුත්‍රය අවසානයේ තිබේනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දානය සියලු දාන අතර අනිසංස වැඩ් .සිව් දෙශින් වඩ්න මහා සංඝයා උදෙසා වෙහෙරක්/ආරමයක්/කුට්යක් හදලා පුජා කරනවා නම් ඉට වඩා අනිසංසයි..පංසිල් හරියට සාමදම් උනොත් ඉට වඩා අනිසංසයි .මලක සුවද ආග්‍රනය කරන මොහොතක් මේ ලෝක සත්වයා වෙනුවෙන් මෛත්‍රීය උප්පාදනය කරොත් මෛත්‍රී කමටානක් වැඩුවොත් ඉට වඩා අනිසංසයි .එ සියල්ලටම වඩා අකුණක් ගහන සැනයක් අනිත්‍ය වැඩුවොත් අන් සියල්ලටම අනිසංසයි ..
    🙏
    🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    බැලුවොත් දැනගන්න පුළුවන්
    ඉතින් එහෙම අරාධනාවක් කරනවද නැද්ද කියලත් කලින් දැනගන්න තිබ්බ නේ..
    අනික සියලු ලෝක සත්වයාගේ හිත සුව පිණිස ලබාගත් බුද්ධත්වය තනි පුද්ගලයෙක් ආරාධනා නොකරා කියලා එහෙම ඉදල පිහිටවෙන්න පුළුවන්කම තියෙද්දී කරේ නැත්තේ ඇයි ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,733
    113
    ඉතින් එහෙම අරාධනාවක් කරනවද නැද්ද කියලත් කලින් දැනගන්න තිබ්බ නේ..
    අනික සියලු ලෝක සත්වයාගේ හිත සුව පිණිස ලබාගත් බුද්ධත්වය තනි පුද්ගලයෙක් ආරාධනා නොකරා කියලා එහෙම ඉදල පිහිටවෙන්න පුළුවන්කම තියෙද්දී කරේ නැත්තේ ඇයි ?
    බැලුවොත් විතරයි එහෙම දැනගන්න ලැබෙන්නෙ