දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො වේස හොරුන්ට නඩු දානවා වත්කම් හොයාගත්ත විදිය පෙන්නන්න බෑ කියලා.

    වේස බයියන්ගෙ කයිය තිබුණට ජෙප්පොන්ට විරුද්ධව එක නඩුවක් දාගන්න බෑ. 😹🙈
     
    • Haha
    Reactions: $onny

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශය.

    මෙය වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්, ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාවයි.

    ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)

    වත්කම්

    1) වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම රුපියල් මිලියන 150

    2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම මිලියන 75

    3) පදිංචි නිවස - වටිනාකම මිලියන 10

    4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි - වටිනාකම මිලියන 6.5 (3.25 *2)

    5) රත්තරන් පවුම් 17.5 - වටිනාකම රුපියල් මිලියන 4.5

    6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය - වටිනාකම රුපියල් මිලියන 15

    7) ස්ථාවර තැන්පතුව - ලක්ෂ 2 යි

    8) ඉතුරුම් තැන්පතුව - ලක්ෂ 11 යි

    9) ඉතුරුම් තැන්පතුව II - ලක්ෂ 6.5

    10) LOLC සමාගමේ කොටස් 21,000 - වටිනාකම රුපියල් මිලියන 12

    11) ක්‍රිප්ටො - 3000 USD (රුපියල් මිලියන 1)

    ආදායම්

    1) කූලි ආදායම - රුපියල් මිලියන 5.1

    2) කූලි ආදායම II - රුපියල් මිලියන 7

    3) සමාගම් ආදායම - රුපියල් මිලියන 3

    4) සෝලර් පවර් ආදායම - ලක්ෂ දෙකයි

    සම්පූර්ණ වත්කම් (නිල) - රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5

    ජීවිත කාලයම රැකියාවක් නොකළ, මින්පෙර දුප්පත් පවුලක ඉපදුනා කියපු වසන්ත සමරසිංහ මහත්තයට මිලියන 275 ක වත්කම් තිබෙනවා.

    හොඳ ගෙයක් තියෙනවා.

    ලොකු බිල්ඩින්, ඉඩම් තියෙනවා. ඒවා කුලියට දීලා ආදායම් ගන්නවා.

    රත්තරං තියෙනවා.

    වාහන තියෙනවා.

    ලංකාවේ ලොකුම සමාගමේ කොටස් තියෙනවා.

    බිස්නස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා.

    ක්‍රිප්ටො තියෙනවා.

    ජීවිත කාලයම රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබට කොච්චර වත්කම් තියෙනවාද ?
    meka sira ekakda oooi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නෑනෙ සීයගෙ කාලෙ නඩු වලින් වැරදිකාරයෝ කීයක් ඇල්ලුවා බං 😂😂😂

    mortgage . ඒකයි ඔය ජංගම වත්කම් අඩු.
    ඇල්ලුවා පකක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඕක කැම්පස් යන කාලේ අඩුඅදායම් පවුලක එකෙක්
    මුංගේ පක්ෂේ කොහොමත් ඉස්සර ඉදලා ඔය විදියට තමා උන්ගේ සල්ලි තියාගන්නෙ. පක්ෂේ උන්ගේ නමට තමා ඔක්කොම ගන්නේ. මේකත් ඔහොම කරන්න ඇති. දැන් ඉතිං ඕක කියන්න ගිහිං කොනක ඉදලා නාගන්න වෙන නිසා අහු වෙන අහු වෙන උන්ව බිල්ලට දීලා මාරු වෙයි.

    ඒ අස්සෙන් මෝඩ හේනේ මාමලා ටික තව ටිකක් වන කරනවා උන් කරපු බිස්නස් දැක්ක වගේ කියන්න ගිහිං.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මුංගේ පක්ෂේ කොහොමත් ඉස්සර ඉදලා ඔය විදියට තමා උන්ගේ සල්ලි තියාගන්නෙ. පක්ෂේ උන්ගේ නමට තමා ඔක්කොම ගන්නේ. මේකත් ඔහොම කරන්න ඇති. දැන් ඉතිං ඕක කියන්න ගිහිං කොනක ඉදලා නාගන්න වෙන නිසා අහු වෙන අහු වෙන උන්ව බිල්ලට දීලා මාරු වෙයි.

    ඒ අස්සෙන් මෝඩ හේනේ මාමලා ටික තව ටිකක් වන කරනවා උන් කරපු බිස්නස් දැක්ක වගේ කියන්න ගිහිං.
    එකෙක් දාල තිබ්බා "දන්න විදියට අනුරපුරේ ඉස්සර ඉඳන් සල්ලි තිබ්බ එකෙක්" කියලා. හැබැයි ඔක්කොම බඩු තියෙන්නෙ colombo වල. ඕකා අනුරපුරේ ගිහින් කරන්නෙත් එහෙම මොනාහරි අතගාගෙන එන එක 🤭 🤭
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඕක කැම්පස් යන කාලේ අඩුඅදායම් පවුලක එකෙක්

    එහෙනම් මොකක්ද 70 වසරක සාපයක් ගැන කියන්නේ.

    ඌම ඔප්පු කරලා තියනවා ඕනම හිඟන්නෙක්ට දියුණු වෙන්න පුළුවන් රටක් කියලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් මොකක්ද 70 වසරක සාපයක් ගැන කියන්නේ.

    ඌම ඔප්පු කරලා තියනවා ඕනම හිඟන්නෙක්ට දියුණු වෙන්න පුළුවන් රටක් කියලා.
    හැබැයි ඉතින් රටේ ජනගහනයෙන් බෙදුවම ඕක පොඩි ගාණක් නේද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    කාලයක් කොටස් වෙළෙඳපොල සම්බන්ද ආයතනයක වැඩ කරපු කාලේ ඒ ආයතනයේ බොස්ගේ ප්‍රධානම හොඳක් තමයි ඒකේ වැඩකරපු එකෙක්ටවත් කොටස් වෙළෙඳපොලේ ආයොජනය කරන්න ඉඩ නොදීපු එක.
    ඒ සමාගම කොටස් මිල ඉහල පහල යෑම ගැන පුරෝකතන දෙන නිසා තමන්ගේ ආයතනයේ වැඩකරන සේවකයන් කොටස් මිලදී ගත්තම ඒ මිලදී ගන්නා කොටස් වලට වාසි සහගත තත්වයක් ඇතිකලොත් එක සේවා ලබාගන්නා අයට කරන වරදක් විදිහට දැක්කේ.
    වර්තමාන රජයේ ඇමති වසංත සමරසිංහට LOLC සමාගමේ කොටස් 21000ක් තියනවා කියලා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ තියනවා.
    වරක් හදුන්නෙත්ති කිවා කොටස් වෙළෙඳපොල කියන්නෙ සූදු පිටියක් කියලා. තමන් එක්ක එකට ඉන්න එකා ඒ සූදු පිටියේ සූදු කෙලිනවා කියලා පොර දැනගෙන ඉඳලා නෑ.
    ජිවිත කාලයේ කිසි දවසක ජොබ් එකක් නොකරපු ව්‍යාපාරයක් නොකරපු පූර්ණකාලින දෙශපාලකයෙක් උන වසන්ත සමරසිංහ කෝටි 25ට වැඩි වත්කම් සහා LOLC එකේ කොටස් වල පවා විශාල ආයොජනයක් කරන ගමන් තමයි යංතං පන ගැටගහගන්න තමන්ගේ පාක්ශිකයන්ගේ ගෙවල් අස්සෙ රිංගලා උන්ගෙන් පොල්ගෙඩි පහක් හයක් හාල් කිලෝ 20ක් 30ක් කෙහෙල් කැනක් අරගෙන ඇවිල්ලා කාලා ජිවත් වෙලා තියෙන්නෙ. තමන්ගේ පාක්ශිකයෝ අපා දුක් විඳිනකොට වසන්තලා ගෙවපු ලක්ශරි ජිවිතය ගැන ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ලෝකෙට කියනවා.
    තමන්ගේ බොරු බයිලා විස්වාසකරලා ගල්කටස් අරගෙන රට පෙරලන්න ගිහිං ටයර් සෑයවල් වල සාමාජිකයෝ පිච්චිලා බාබකිවු වෙනකොට මහා නායකයා රෝහණ විජේවීර මිනිබාර් තියන සුපිරි බංගලාවක කුමාර සැපක් විඳිමින් ඉන්නකොට තමයි පොලිසිය ගිහින් බොටුවෙන් අල්ලගෙන ආවේ.ඒ නිසා ජවිපේ නායකයෝ ලෝකෙට සිඟන ජිවිත ගතකලාට පාක්ශිකයන්ට හීනෙන් හිතන්නවත් බැරිතරම් දනවත් මිනිස්සු.
    මම කියන්න හැදුවේ ඒක නෙවෙයි. ජනපතිලාගේ ඇමතිලාගේ මංත්‍රිලාගේ වැටුප් සහා දිමනා විශ්‍රාම වැටුප් ගැන හොයනව එවා නවත්තනව වගේම ඇමතිලාගේ ආයොජන සම්බන්දවත් හොයලා ඔවුන් එම ආයොජන වලින් ඉවත් කරන්න ඕන.
    මොකද වසන්ත සමරසිංහ වගේ කට්ට කෛරාටික තක්කඩියෙක් තමන්ගේ කොටස් 21000ක් තියන ආයතනයට වාසි සහගත ලෙස තීරණ ගන්න ඉඩ තියනවා ඒක අරමුණු අතර ගැටීමක් (conflict of interest). එහෙම ගේමක් ගහලා බක් බක් ගාලා බයිලා ගහන්න ඉඩ ඔනෑතරම් තියනවා.
    තෙල් බාගේ ගහගෙන ගෙදර ගෑනිවත් බඩගින්නෙ තියලා රටවටේ දෙශපාලනය කරන්න යන මෝඩ ජෙප්පො දැං හිතන්න ඕන තමන්ගේ මහා ණායකයො ටිකගේ දරුවන්ගේ ජීවිත ඉතාම සරුසාරව ගොඩනැගෙන්න මහා දේපලක් රැස්කරලා ෆන් එකට වගේ පොලිටික්ස් කරනකොට ඒ ෆන් එකේ උඩ පනින පිනුං ගහන උන්ට ඔන වෙලාවට පෙලපාලි ගිහිං ගුටිකාලා මැරෙන හීලෑකල රිලවු බවට පත් නොවී වසන්ත වගේ ධනවත් මිනිහෙක් වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන එක.
    අවුරුදු 76 සාපේ පිහිටෙන් වසන්ත සමරසිංහ කෝටිපතියෙක් වෙලා තියනවා. හඳුන්නෙත්තිගේ දරුවෝ මිලියන ගනන් වියදම් කරලා විදෙස් රටවල අද්‍යාපණය ලබනවා. වටගල වගෙ අයගේ පවුලේ සාමාජිකයන් නමින් තියන දේපල වත්කම් මිලමුදල් ඔබවගේ අයට රැස්කරගන්න නම් ජවිපේ වගේ අතිශය ලාභ ලබන ව්‍යාපාරයක මුල් පුරුක් වෙන්න ඔබ සියල්ලන්ටම සිදුවෙනවා සහා එහෙම වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අන් සැපතට ඉර්ශ්‍යා කරන්න එපා හැබැයි ඔබව කඩේ යවන මහා දනපතියන්ගේ රූකඩ වෙන්නත් එපා.
    ඔබ කඩේ යන මහතාගේ වත්කම් බැරකම් බලන්න ඔනනම් නිකමට අල්ලස් කොමිශන් සභා වෙබ් එකට යන්න ඒකේ තියනවා.

    D.R. Gamlath
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මම අහන්නේ ජොබ් එක්ක නොකරන පුර්ණ කාලින වෙන උන්ගේ සල්ලි වලින් ජිවත් වේවි දෙස්පාලෙන් කරා කිව්වා උන් වත්කම් මෙච්චර හෙව්වේ කොහොමද කියලා ...
    දැන් කුඩු විකුණන උන් උබේ මගේ සල්ලි ගන්නේ නෑ නේ වත්කම් හොයන්න . උබේ තියරියට අනුව ඒවත් අවුලක් නෑ එහෙනම් :ROFLMAO:
    පක්ෂෙ ෆුල් ටයිමර්ස්ලට උදව් කරා කිව්වට කවුරුත් කියල නෑ අපි තුන් වේල කාල ඉන්නෙ පක්ෂෙ නිසා කියලා.එහෙම තමන්ගෙ ව්‍යාපාරයක් රස්සාවක් කරන්න පක්ෂෙ ඇතුලෙ තහනමකුත් නෑ.ඔය කතා උඹල හදාගත්ත හිතලු.ඒවට ජෙප්පන්ට කරන්න දෙයක් නෑ.
    කුඩු විකුණන උන් කරන්නෙ නීති විරෝධි සමාජයට හානිදායක දෙයක්නෙ බන්.මම කිව්වෙ එහෙම නෙවෙයි.දේශපාලනෙන් හම්බකරල නැත්තම් එච්චරයි කියල මම කියන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    😂 තබුත්තේගම ටවුමේ ඉඩම් ගනන් කොලබටත් වඩා 🤏🤏🤏



    https://sinhala.lankanewsweb.net/09/16/201336


    තමන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල් මිලියන 275ක දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩිදියුණු කළ ඒවා බව වෙළඳ, වාණිජා හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

    ප්‍රශ්නය – රුපියල් කෝටි 27.5ක වත්කම් ඔබට තියෙනවා, ඔබ කොහොමද මෙහෙම පොහොසත් වුණේ කියලා මෙන්න ප්‍රශ්න කරනවා සමාජ මාධ්‍ය තුළ ඇමතිතුමා ?

    “මම හිතන්නෙ ඔබ ප්‍රශ්නය අහන එක සාධාරණයි වගේම මෙහෙම ඒවා ඉතිහාසයේ වුණේ නැහැනෙ. ඒ නිසා අද අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය, කථානායකවරයා, ඇමතිවරුන් ඇතුළු රටේ ප්‍රධාන වගකීම් දරණ අයගේ වත්කම් – බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මම ඇමතිවරයෙක් වීමත් සමග ලබාදෙන්න ඕනෙ අපේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය, අපි ඒක තමයි දීලා තියෙන්නෙ. එතකොට මේ සමහර ෆේස්බුක් ඇතුළු අය අමන්දානන්දයට පත්වෙමින් මේ කියන කතාවට මගේ පැත්තෙන් පැහැදිලිකිරීමක් කරන්න මට වගකීමකුත් තියෙනවා.

    මේ වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපෙ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් – සමහරු හිතන් ඉන්නවා මෙ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා, ඒ වගේම මම 1997 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම ටන් ගත්තාම මම කැළණිය විශ්වවිද්යාලයට එනවා, ඇවිල්ලා ටික දවසක් යනවා, ඒත් මම ක්ලාස් කරමින් යනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ පටන් ගත්තාට පස්සෙ මට ක්ලාස් කරන්න බැරිවෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපෙ තඹුත්තේගම ටවුමෙ තියෙනවා ඉඩමක්. මේ ඉඩමෙ අපි පොල්කොට ගහලා, මගෙ විශ්වවිද්‍යාලෙ යාළුවො ආවා මුලින්ම, පටන් ගන්නකොට අපි පොල් කොටන් උඩ බංකු ගහලා එහෙම තමයි ක්ලාස් එක පටන් ගත්තෙ. ඒ ඉතිහාසය දැන් අවුරුදු 28කට වැඩියි. එතැන් සිට පොල් අතු වහලෙ ගැහුවා, තහඩු වහලෙ ගැහුවා, මම කොන්ක්‍රීට්වලට මේක ගියා, දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාලම බිල්ඩින්වලින් එකක්. දැන් මම ඒක කුලියට දීලා තියෙන්නෙ. විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු මේ ඔක්කොම. දැන් තඹුත්තේගම ටවුමෙ මේ හරියෙ පර්චස් එකක් ලක්ෂ 30කට විතර යන්නෙ. මේ ඉඩම අපෙ පරම්පරාවෙන් අපිට හිමිවෙච්ච ඉඩමක්. මෙතන පර්චස් 40ක විතර කෑල්ලක් තියෙනවා, කෑලි දෙකක් තියෙන්නෙ. අපිට අක්කර බාගයක් හම්බවෙච්ච එකක් දෙපැත්තෙන්ම දේශපාලන බලය පාවිච්චි කරලා විවිධ අය අල්ලාගත්තා. අපි තඹුත්තේගම ටවුමෙ පරණ අය. අපි ටවුන් එකේ ප්‍රධාන පුරවැසියෝ කිව්වොත් හරි. ඔය ඉඩම් එහෙම විශාල ප්‍රමාණයක් තිබුණා, ඔව්වායෙ ඉස්සර එහෙම වටිනාකම් තිබුනෙ නෑ. මේ ඉඩම මම ඩිවලොප් කරන් ආවා. මේකෙන් එන ආදායමත් එක්ක මම මේකත් හදහදා යනවා.

    තට්ටු තුනේ වාණිජ ගොඩනැගිල්ල කියන්නෙ ඔය ක්ලාස් එක. මේක මේ දැන් නෙවෙයි ඡන්දෙට කලිනුත් ගැහුවා ඕක දාලා. දැන් අහපු එක හොඳයි, මම ඇමතිවරයා අවුරුදු පහකින් මගෙන් කවුරුහරි ඇහුවොත් මේවා හැදුවෙ කොහොමද කියලා ? ඔන්න මම දැන්ම කියලා තියෙනවා. මොකද මේවායෙ වටිනාකම වැඩිවෙනවානෙ. මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නෑ. මේකෙ වහලවල් තියෙනවා වර්ග අඩි 7500ක් විතර වැඩියි. සෝලාර් දෙකක් තියෙනවා. තවත් සෝලා එකක් තියෙනවා ඒක දැන් මාස පහකට වැඩියි ගහලා ඒක තවම කනෙක්ට් කරගන්න බැරිවුණා. ඒක හදපු කොම්පැනියට මම තවම ගෙවලාත් නෑ. මේවා මේ අහම්බෙන් එක දවසෙන් ආපු ඒවා නෙවෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපෙ මහගෙදර ළඟ තියෙන බිල්ඩින් එක. තඹුත්තේගම ටවුම මැද ඒක තියෙන්නෙ. ඒකට RDB එකෙන් ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තෙ. පස්සෙ ව්‍යපාරිකයෙක් ඒක ගත්තා. පස්සෙ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු හතරකට ඒක ගැහුවා. මේක මේ හුදකලාව ආපු ගමනක් නෙවෙයි. ටිකෙන් ටික ආවා. අද ඒ බිල්ඩින් එකේ ඒවායෙ වටිනාකම තමයි මිලියන 225ක්, ඔව්. අවුරුදු 4කට විතර කලින් ඔය තඹුත්තේගම ක්ලාස් තියෙන ඉඩම මගෙන් මිලියන 100කට ඉල්ලුවා, අපි ටවුන් එකේ පරණ ගම්කාරයො නිසාම ඒවාටත් වටිනාකම් තිබුණා. නමුත් මම දුන්නෙ නෑ, අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒක මම කුලියට දීලා තියෙන්නෙ, කුලී ආදායම එන්නෙ ඒක තමයි”

    ප්‍රශ්නය – ඔබ විශ්වාසයෙන් කියනවාද අමාත්‍ය ධුරයට ආවාට පස්සෙ මේ වගේ දේපළ ඉපයීමක්, ආදායම් ඉපයීමක් ඔබ කරලා නෑ කියලා ?

    “ඔව්, ඉතාම පැහැදිලියි. මේවා සියල්ලම මම මගේ වත්කම් – බැරකම් ලේඛනයේ දාලා සීල් කරලා දීපුවා. මේවා මට ආපහු වෙනස් කරන්න බැහැනෙ. අපි ඇත්ත කියලා තියනවා සමාජයට. මම සාමාන්‍යයෙන් පොඩි කාලෙ ඉඳන් බිස්නස් කරපු කෙනෙක්. මම උසස් පෙළ පන්තියට එනකොත් අපි සාමාන්‍යයෙන් කෝච්චිවල බිස්නස් කළා ඒකාලෙ. මම මහපොළවෙ හිටන් ඉඳපුඉ මිනිහෙක්. මම ගොවිතැන් නම් ගොවිතැනුත් කරනවා. දෑතෙ රස්සාව. අපිට කඩ තියෙනවා ටවුන් එකේ. මම ඒ කඩවල කුස්සියෙ ඉඳන් ෆ්‍රන්ට් එක දක්වා ඕනෙ රස්සාවක් දන්න කෙනෙක්. මේ ගමන ඇතුළෙ මම අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළා. මම දැනුත් ගොවිතැන් කරනවා. මට දැන් ටිකක් අමාරුයි, මාස හය හතකට කලින් මම ගොවිතැන් ඔක්කොම නැවැත්තුවා. යන්න එන්න වෙලාවක් නැති නිසා. ඕවා විතරක් නෙවෙයි, කොටස් වෙළඳපොල ඇතුළෙ මම ගනුදෙනු කරලා තියෙනවා. ක්‍රිප්ටො කරන්සි, අර මේ කොවිඩ් කාලෙ ගෙදරනෙ හිටියෙ. ඒ කාලෙ අහුවෙච්ච එකක් ක්‍රිප්ටො. මගෙ පුතා ටිකක් ටෙක්නොලොජි දන්න කෙනෙක්, එයා තමයි ඔය ගිණුම හැදුවෙ. එයාගෙ තමයි දැනුත් ඕවා අයිතිය තියෙන්නෙ. ඒ නිසා මම විවිධ ක්ෂේත්‍ර අතපත ගාපු මිනිහෙක්. මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මම ආපු ගමන ඇතුළෙ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා. හැබැයි මම රටට කියන්න ඕනෙ කිසිදු මහජන මුදලක්, ජනතාවට අයිති එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නෑ මම. මගේ හෘදසාක්ෂිය අනුව මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. මගෙ වත්කම් බැරකම් ප්‍රකාශය මම දීලා තියෙනවා. ඔතන තියෙනවා ගෙයක්, ඒ මගේ බිරිඳගේ ගෙදර. රත්තරන් බඩුවල වටිනාකම දීලා තියෙනවා. මම විවාහ වෙන්නෙ 2006. බත්තරමුල්ලෙ ප්‍රායිවට් බැංකුවක ම හත් අට වතාවක් ඔය රත්තරන් බඩු තියලා තියෙනවා මගෙ විවිධ වැඩවලට. මේකෙ හංගන්න දෙයක් නෑ. ඕවා 2006 ඉඳන් ගත්තු ඒවා, වටිනාකම හැදෙන්නෙ දැන් අදටනෙ. බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නාගෙ මඟුල් මුදු දෙක, චේන් එක, මේ ඔක්කොම තියෙනවා. මම පවුමක් 2006 දී ගත්තෙ රුපියල් 6500 ට. දැන් පවුම රුපියල් ලක්ෂ තුනක්. වටිනාකම ඒවායෙ වැඩිවෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි. ඔය ඉඩමෙ වටිනාකමත් ඉදිරියේදී වැඩිවෙයි. ඒවා මගෙන් පස්සෙ මගෙ දරුවාට. කියන්න පුළුවන් නිසානෙ මම මේවා කියලා තියෙන්නෙ, හංගලා නෑ”

    අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) රාත්‍රියේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මොනවද වසන්ත කරපු බිස්නස්
    මම දන්නෑ බන්.හැබැයි අනුරාදපුරේම උන් කියනවා මුන් සල්ලිකාරයො කියලා. මට සැකයක් නෑ ඌ හම්බකරපුවා ගැන. ඌ හොරෙක් කියල උඹලනෙ කියන්නේ. ඉතින් හොරාකාපු දේවල් පෙන්නපන්. බැසිල්ගෙ මල්වානෙ ගේ වගේ, යෝෂිතගෙ csn වගේ ඒවා තියෙනව නම් පෙන්නපන්.පැමිණිලි දාපන්. ඉස්සර ජෙප්පෝ සතියට එකක් ප්‍රෙස් තිය තියා රාජපක්ෂලගෙ ඔහොම ඒව ලියකියවිලි එක්ක රටට කිව්වා.නැතුව උන්ගෙන් ඇහුවෙ නෑ මොනවද උඹල කරන බිස්නස් කියලා.මම කියන්නේ උඹලටත් එහෙම කරපන් කියලා.එහෙම සාක්ෂි ඇතුව පෙන්නුවොත් අපි පිලිගන්නැතුව ඉන්නෙත් නෑ.


    මේක තමා මම අර කිව්වේ උස්සන් එන්න එපා කියලා.🤣🤣🤣ඕකෙ මුගෙ නමවත් නෑ
    වෙන ඒව නැද්ද?
    ------ Post added on Sep 16, 2025 at 10:07 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,105
    113
    Wena unge namata hora depala thiyan inna unta wada declare karana un genuine.. :lol:
    mokada owa okkoma dan kawru hari complain kala gaman investigate karanna puluwan..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    මම දන්නෑ බන්.හැබැයි අනුරාදපුරේම උන් කියනවා මුන් සල්ලිකාරයො කියලා. මට සැකයක් නෑ ඌ හම්බකරපුවා ගැන. ඌ හොරෙක් කියල උඹලනෙ කියන්නේ. ඉතින් හොරාකාපු දේවල් පෙන්නපන්. බැසිල්ගෙ මල්වානෙ ගේ වගේ, යෝෂිතගෙ csn වගේ ඒවා තියෙනව නම් පෙන්නපන්.පැමිණිලි දාපන්. ඉස්සර ජෙප්පෝ සතියට එකක් ප්‍රෙස් තිය තියා රාජපක්ෂලගෙ ඔහොම ඒව ලියකියවිලි එක්ක රටට කිව්වා.නැතුව උන්ගෙන් ඇහුවෙ නෑ මොනවද උඹල කරන බිස්නස් කියලා.මම කියන්නේ උඹලටත් එහෙම කරපන් කියලා.එහෙම සාක්ෂි ඇතුව පෙන්නුවොත් අපි පිලිගන්නැතුව ඉන්නෙත් නෑ.


    මේක තමා මම අර කිව්වේ උස්සන් එන්න එපා කියලා.🤣🤣🤣ඕකෙ මුගෙ නමවත් නෑ
    වෙන ඒව නැද්ද?
    ------ Post added on Sep 16, 2025 at 10:07 AM

    මං දන්නේ නෑ ඒත් මට සැකයක් නෑලු.
    හරි මචං එළ 🤭🤭