Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනය හා සදාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය හා සදාචාරය

මෙරට ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයේ කපටි රජෙක් ලෙසයි නම් දරා සිටියේ. නිකෝලායි මැකියාවේලිගේ 'ද ප්රින්ස්' පොත ඔහු ළඟ තබාගෙන සිටි බව පැවැසෙනවා. ඒ කතාව ඇත්තක් විය හැකියි. 'ද ප්රින්ස්' කියැවීමකින් තොර ක්රියාකරි දේශපාලනයේ නියැළීම ගැන සිතීමට නොහැකි නිසා.

'දේශපාලනය හා සදාචාරය අතර කිසිදු ඥාතීත්වයක් නැති බව මැකියාවේලි සිය පොතේ ලියා තිබෙනවා. මෙරට බොහෝ දේශපාලනඥයන් 'ද ප්රින්ස්' කියවා නැති බව සහතිකයි. එහෙත් ඔවුන් මැකියාවේලිගේ කතාව ඇත්තක් බව සනාථ කිරීමට නම් කියාපු බඩු.

රට ණය උගුලක සිරවී ඇති නිසා ඉන් රට ගලවා ගැනීමට නම් පොදු ජනතාවට තිත්ත බෙහෙත් බීමට සිදුවනු ඇතැයි කීවේ යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ය. කියල කට ගන්නටත් පෙර 'වැට්' වැඩි කෙළේය. වැට් වැඩි කිරීම මහ ජරමරයක් වුණේ ඒ වන විටත් ජීවන බර උහුලා ගැනීමට කාට කාටත් අමාරු වුණු නිසාය. බඩු කිහිපයක මිල මෙවර අය -වැයෙන් අඩු කළද බදු බර හමුවේ වැඩිවන ජීවන වියදමට ඉන් සහනයක් නොලැබුණු තරම්ය.

රාජ්ය සේවකයන් ජීවන වියදම් දීමනාවක් ඉල්ලා සිටින්නේ 2020 වනතුරු වැටුප් වැඩිවීමක් සිදු නොවන නිසාය. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට වැඩි කිරීමට ඉල්ලා සිටි රුපියල් 2,500ද බොහෝ තැන්වල වැඩි වී නැත්තේය. එදිනෙදා කුලියක් මලියක් කර ජීවත් වන්නන්ට මේ මුකුත්ම නැත. මේ ආර්ථික කලබැගෑනිය අස්සේ ජීවිතය ගැට ගසා ගැනීමට බහුතරයකට සිදුව ඇත්තේ මහා සටනක නිරත වීමටය.

"2015 මාර්තු මාසයේ අප ගෙන ආ අය - වැයෙන් බඩු මිල අඩු කර සහන දී පඩි වැඩි කර ආර්ථිකයට නව පණක් දුන්නේ ඒ නිසයි. 2016 වර්ෂයේ ණය පාලනය කළා. ණය බර අඩු කිරීමට ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට අප කටයුතු කළා."

කුරුණෑගල මාලිගාපිටිය ක්රීඩාංගණයේ පැවැති උත්සවයකදී අගමැතිවරයා කියා තිබුණා. කතාව දෝලාවෙන් වුණාට ගමන පයින් කියලා කතාවක් තියෙනවා. යහපාලන ආණ්ඩුවේ කතාව තරම් වැඩ නැති බවයි පොදු විවේචනය. ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී බහුතර ජනතාව රාජපක්ෂ පාලනයට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ දූෂණ වංචා අපරාධ නතර කිරීමට වගේම පොදු ජනතාව මත පැටවී ඇති ජීවන බර හෑල්ලු වේ යැයි හිතලා.

වික්ටර් අයිවන් 'රාවය' සංවත්සර උත්සවයේදී කීවා සේ මොර සූරන වැස්සක් ඔවුන් බලාපොරොත්තු වුණා. එහෙත් වැටුණේ පොද වැස්සක්. හැබැයි මන්ත්රිවරුන්ට නම් මල් වැසි වැටෙන බව පේනවා. මැකියාවේලිගේ සදාචාර කතාව මෙතැනට නියමෙට ගැළපෙනවා.

යහපාලන ආණ්ඩුව ආරම්භයේ ජනාධිපති වැය ශීර්ෂයෙන් සැලකිය යුතු මුදලක් කපා දැමුවා. අගමැතිට එතෙක් වෙන්කළ මුදල ලබාදුන්නේ නැහැ. මන්ත්රිවරුන්ට එතෙක් ලබාදුන් තීරුබදු රහිත වාහන බලපත්ර ලබාදීම නතර කෙරුණා. එහෙත් මෙවර අය - වැයෙන් ජනාධිපතිට හා අගමැතිට වෙන්කළ මුදල යළි වැඩි කෙරුණා. මන්ත්රිවරුන්ට ලබා දෙන්නෙ නෑ කිව්ව වාහන බලපත්ර ලබාදීමට තීරණය කළේ ඉකුත් අවුරුද්දේ. අලි මදිවට හරක් කීවා සේ පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ට අලුතෙන් වාහන ගෙන්වීමට රුපියල් කෝටි ගණනක් වෙන්කරලා. මෙවර අය වැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයට වෙන් කරලා තියෙන්නෙත් වාහනවලට වැය කරන මුදලට අඩු මුදලක්. ඉකුත් අවුරුද්දේ අග මේ විදියට අගමැතිවරයා ඇතුළු කිහිපදෙනකුට වාහන මිලදී ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාවට විපක්ෂයේ දැඩි විවේචන එල්ල වීම නිසා අකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවුණා. එහෙත් මැකියාවේලිගේ කතාව අනාථ කිරීමට අපේ කට්ටිය සූදානම් නැති බවයි පෙනෙන්නෙ.

මන්ත්රිවරයකුට පාර්ලිමේන්තු රැස්වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සියයක දීමනාවද රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කරගත්තා. ඒ විතරක් නෙවී කාර්යාල දීමනාව කියල රුපියල් ලක්ෂයක්ද, ඡන්දදායකයන් වෙනුවෙන් මැතිවරණ ආසනයක කාර්යාලය පවත්වාගෙන යෑමට මාසයකට රුපියල් ලක්ෂයක දීමනාවක් දීමටත් තීරණය කරලා. ඉකුත් දිනෙක අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබුණේ ඔහුගේ වැටුපටත් වඩා වැඩි වැටුපක් කථිකාචාරිනියක වන බිරිය ගන්නා බව.

මන්ත්රිවරුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වීමට අමාරු බවයි අගමැතිවරයා කියා තිබුණේ.

මන්ත්රිවරයකුට මළ ගෙවල්, මඟුල් ගෙවල්, කොටහළු ගෙවල්, වැනි කී නොකී දේවලට ආරාධනා ලැබෙන බවත් ඒ හැමදේම කරන්න ලැබෙන වැටුප මදි බව ඇමැති රාජිත සේනාරත්න නිතර කියන දෙයක්.

මහජන සේවකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්රිවරයකුට ජනතාවට සේවය කිරීමට නම් අවශ්ය පහසුකම් ලබාදිය යුතු බවයි ඇමැති චන්දිම වීරක්කොඩි කියන්නෙ. එවැනි පහසුකම් නොලැබුණොත් සිදුවන්නේ මහජනතාවගේ අවශ්යතා වෙනුවට මුදලාලිලාගේ අවශ්යතා ඉටු කිරීමට බව.

මේ 'මන්ත්රිවරු' බොහෝ දෙනකු කවදත් කළේ මුදලාලිලාගේ මිස තමන්ව ඡන්දයෙන් පත්කළ ජනතාවගේ අවශ්යතා ඉටු කිරීම නොවේ.

සැබෑ මහජන සේවකයන් නම් තමන්ගේ පතට ඇති පදම් බෙදනකොට මුනිවත රකින්නේ නැහැ. දූෂණයට විරුද්ධව කතා කරන රාජපක්ෂ ආණ්ඩුවේ වාහන පාවිච්චිය ගැන අඳෝනා නැඟූ මන්ත්රිවරයාත් රාජපක්ෂ පාලනයේ දූෂණයට සම්මාදම් වූ මන්ත්රිවරයාත් ඇණවුම් කර ඇත්තේ එකම වටිනාකමකින් යුතු සුපිරි වාහන බව පෙනෙන විට මැකියාවේලිගේ කතාව යළි තහවුරු වෙනවා. දේශපාලනය හා සදාචාරය අතර කිසිදු ඥාතීත්වයක් නැත.

Source※ Mawbima.lk

[QUOTE="Mewan_Rose, post: 20997441, member: 559153"] [b]දේශපාලනය හා සදාචාරය[/b] [IMG]http:// http://www.mawbima.lk/image_flash/m-01-12-2016-1.jpg[/IMG] මෙරට ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයේ කපටි රජෙක් ලෙසයි නම් දරා සිටියේ. නිකෝලායි මැකියාවේලිගේ 'ද ප්රින්ස්' පොත ඔහු ළඟ තබාගෙන සිටි බව පැවැසෙනවා. ඒ කතාව ඇත්තක් විය හැකියි. 'ද ප්රින්ස්' කියැවීමකින් තොර ක්රියාකරි දේශපාලනයේ නියැළීම ගැන සිතීමට නොහැකි නිසා. 'දේශපාලනය හා සදාචාරය අතර කිසිදු ඥාතීත්වයක් නැති බව මැකියාවේලි සිය පොතේ ලියා තිබෙනවා. මෙරට බොහෝ දේශපාලනඥයන් 'ද ප්රින්ස්' කියවා නැති බව සහතිකයි. එහෙත් ඔවුන් මැකියාවේලිගේ කතාව ඇත්තක් බව සනාථ කිරීමට නම් කියාපු බඩු. රට ණය උගුලක සිරවී ඇති නිසා ඉන් රට ගලවා ගැනීමට නම් පොදු ජනතාවට තිත්ත බෙහෙත් බීමට සිදුවනු ඇතැයි කීවේ යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ය. කියල කට ගන්නටත් පෙර 'වැට්' වැඩි කෙළේය. වැට් වැඩි කිරීම මහ ජරමරයක් වුණේ ඒ වන විටත් ජීවන බර උහුලා ගැනීමට කාට කාටත් අමාරු වුණු නිසාය. බඩු කිහිපයක මිල මෙවර අය -වැයෙන් අඩු කළද බදු බර හමුවේ වැඩිවන ජීවන වියදමට ඉන් සහනයක් නොලැබුණු තරම්ය. රාජ්ය සේවකයන් ජීවන වියදම් දීමනාවක් ඉල්ලා සිටින්නේ 2020 වනතුරු වැටුප් වැඩිවීමක් සිදු නොවන නිසාය. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට වැඩි කිරීමට ඉල්ලා සිටි රුපියල් 2,500ද බොහෝ තැන්වල වැඩි වී නැත්තේය. එදිනෙදා කුලියක් මලියක් කර ජීවත් වන්නන්ට මේ මුකුත්ම නැත. මේ ආර්ථික කලබැගෑනිය අස්සේ ජීවිතය ගැට ගසා ගැනීමට බහුතරයකට සිදුව ඇත්තේ මහා සටනක නිරත වීමටය. "2015 මාර්තු මාසයේ අප ගෙන ආ අය - වැයෙන් බඩු මිල අඩු කර සහන දී පඩි වැඩි කර ආර්ථිකයට නව පණක් දුන්නේ ඒ නිසයි. 2016 වර්ෂයේ ණය පාලනය කළා. ණය බර අඩු කිරීමට ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට අප කටයුතු කළා." කුරුණෑගල මාලිගාපිටිය ක්රීඩාංගණයේ පැවැති උත්සවයකදී අගමැතිවරයා කියා තිබුණා. කතාව දෝලාවෙන් වුණාට ගමන පයින් කියලා කතාවක් තියෙනවා. යහපාලන ආණ්ඩුවේ කතාව තරම් වැඩ නැති බවයි පොදු විවේචනය. ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී බහුතර ජනතාව රාජපක්ෂ පාලනයට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ දූෂණ වංචා අපරාධ නතර කිරීමට වගේම පොදු ජනතාව මත පැටවී ඇති ජීවන බර හෑල්ලු වේ යැයි හිතලා. වික්ටර් අයිවන් 'රාවය' සංවත්සර උත්සවයේදී කීවා සේ මොර සූරන වැස්සක් ඔවුන් බලාපොරොත්තු වුණා. එහෙත් වැටුණේ පොද වැස්සක්. හැබැයි මන්ත්රිවරුන්ට නම් මල් වැසි වැටෙන බව පේනවා. මැකියාවේලිගේ සදාචාර කතාව මෙතැනට නියමෙට ගැළපෙනවා. යහපාලන ආණ්ඩුව ආරම්භයේ ජනාධිපති වැය ශීර්ෂයෙන් සැලකිය යුතු මුදලක් කපා දැමුවා. අගමැතිට එතෙක් වෙන්කළ මුදල ලබාදුන්නේ නැහැ. මන්ත්රිවරුන්ට එතෙක් ලබාදුන් තීරුබදු රහිත වාහන බලපත්ර ලබාදීම නතර කෙරුණා. එහෙත් මෙවර අය - වැයෙන් ජනාධිපතිට හා අගමැතිට වෙන්කළ මුදල යළි වැඩි කෙරුණා. මන්ත්රිවරුන්ට ලබා දෙන්නෙ නෑ කිව්ව වාහන බලපත්ර ලබාදීමට තීරණය කළේ ඉකුත් අවුරුද්දේ. අලි මදිවට හරක් කීවා සේ පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ට අලුතෙන් වාහන ගෙන්වීමට රුපියල් කෝටි ගණනක් වෙන්කරලා. මෙවර අය වැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයට වෙන් කරලා තියෙන්නෙත් වාහනවලට වැය කරන මුදලට අඩු මුදලක්. ඉකුත් අවුරුද්දේ අග මේ විදියට අගමැතිවරයා ඇතුළු කිහිපදෙනකුට වාහන මිලදී ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාවට විපක්ෂයේ දැඩි විවේචන එල්ල වීම නිසා අකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවුණා. එහෙත් මැකියාවේලිගේ කතාව අනාථ කිරීමට අපේ කට්ටිය සූදානම් නැති බවයි පෙනෙන්නෙ. මන්ත්රිවරයකුට පාර්ලිමේන්තු රැස්වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සියයක දීමනාවද රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කරගත්තා. ඒ විතරක් නෙවී කාර්යාල දීමනාව කියල රුපියල් ලක්ෂයක්ද, ඡන්දදායකයන් වෙනුවෙන් මැතිවරණ ආසනයක කාර්යාලය පවත්වාගෙන යෑමට මාසයකට රුපියල් ලක්ෂයක දීමනාවක් දීමටත් තීරණය කරලා. ඉකුත් දිනෙක අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබුණේ ඔහුගේ වැටුපටත් වඩා වැඩි වැටුපක් කථිකාචාරිනියක වන බිරිය ගන්නා බව. මන්ත්රිවරුන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වීමට අමාරු බවයි අගමැතිවරයා කියා තිබුණේ. මන්ත්රිවරයකුට මළ ගෙවල්, මඟුල් ගෙවල්, කොටහළු ගෙවල්, වැනි කී නොකී දේවලට ආරාධනා ලැබෙන බවත් ඒ හැමදේම කරන්න ලැබෙන වැටුප මදි බව ඇමැති රාජිත සේනාරත්න නිතර කියන දෙයක්. මහජන සේවකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්රිවරයකුට ජනතාවට සේවය කිරීමට නම් අවශ්ය පහසුකම් ලබාදිය යුතු බවයි ඇමැති චන්දිම වීරක්කොඩි කියන්නෙ. එවැනි පහසුකම් නොලැබුණොත් සිදුවන්නේ මහජනතාවගේ අවශ්යතා වෙනුවට මුදලාලිලාගේ අවශ්යතා ඉටු කිරීමට බව. මේ 'මන්ත්රිවරු' බොහෝ දෙනකු කවදත් කළේ මුදලාලිලාගේ මිස තමන්ව ඡන්දයෙන් පත්කළ ජනතාවගේ අවශ්යතා ඉටු කිරීම නොවේ. සැබෑ මහජන සේවකයන් නම් තමන්ගේ පතට ඇති පදම් බෙදනකොට මුනිවත රකින්නේ නැහැ. දූෂණයට විරුද්ධව කතා කරන රාජපක්ෂ ආණ්ඩුවේ වාහන පාවිච්චිය ගැන අඳෝනා නැඟූ මන්ත්රිවරයාත් රාජපක්ෂ පාලනයේ දූෂණයට සම්මාදම් වූ මන්ත්රිවරයාත් ඇණවුම් කර ඇත්තේ එකම වටිනාකමකින් යුතු සුපිරි වාහන බව පෙනෙන විට මැකියාවේලිගේ කතාව යළි තහවුරු වෙනවා. දේශපාලනය හා සදාචාරය අතර කිසිදු ඥාතීත්වයක් නැත. Source※ Mawbima.lk [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom