අපේ ගෙදර ඉස්සර තාත්ත රස්සාව කරන කාලෙ තිබුණෙ තනි මහින්ද පාලනය,
2015ට කලින් යුගය වගේ...
තාත්ත තමයි මහින්ද,
අම්ම ඉතුරු 225,
අපි මහජනතාව....
තාත්ත බජට් එක කියවනව, අධ්‍යාපනයට අරවට මේවට ප්‍රතිපාදන වෙන් කරනව,
අයවැයේ හිඟ පියවන්න අම්මගෙ අධීක්ෂණය යටතේ හන්දියෙ කඩෙන් ණය ගන්නව...,
ඔය අතරෙ අපේ බදු මුදලුත් යොදවල,
සංවර්ධන කටයුතු සහ මග නැගුම ව්‍යාපෘති යටතේ,
පාරවල් කොන්ක්‍රීට් කරනව,
ගෙයි බිත්ති වල පේන හරිය විතරක් පේන්ට් කරනව, තාප්ප බඳිනව,
වගේ එක එක ප්‍රොජෙක්ට් ගොඩක් කෙරුන...
ඊටපස්සෙ තාත්ත රිටයර් වුණාට පස්සෙ මෛත්‍රී පාලනය ආව...
තාත්ත තමයි තාමත් මෛත්‍රී,
මම රනිල්,
අම්ම කලින් වගේම 225
ඔය කාලෙ වෙනකොට,
තාත්ත හැම දේම දැනගන්නෙ පත්තරෙන්...
මායි අම්මයි ඉතුරු ප්‍රොජෙක්ට් ටික දැහැමෙන් සෙමෙන් අරගෙන ගියා.
අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කෙරුව,
ඒ වෙනුවට සෟෙඛ්‍ය සහ පොදු ප්‍රවාහන කටයුතු වලට වැඩි තැනක් ලබා දුන්න.
අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් සංවර්ධන කටයුතු සීමා කරා,
ණය ලබා ගැනීම් අත්හිටෙවුව.....
විවෘත්ත කිරීම් සහ ආරාධිත උත්සව අවස්ථා වලට පෙනීසිටීම විතරක් ජනපති අතින් සිදුවුණා...
ඔය අතරෙ අම්මයි, මායි එකතුවෙලා මහ බැංකු බැදුම්කර තාත්තගෙ බැංකු කාඩ් එක අපි යටතට ගත්ත.....