ප්ලේන් එකක ගමනක් යන්න මිනිස්සු ඒකට නග්ගලා, ඉන්න අයගෙන් කෙනෙක් ඡන්දයකින් පත් කර ගන්න කිව්වොත් පයිලට් විදියට මොකද වෙන්නේ?
ගුවන් යානය පැදගෙන යන්න පයිලට් කෙනෙක් ඕනේ. ඒ ශිල්පය ඉගෙන ගත්ත, වෘත්තීය සුදුසුකම් සපුරා ගත්ත, වැඩේ දන්න කෙනෙක් ඕනේ. හැබැයි ඉන්න අයගෙන් ඡන්දයක් තියලා කෙනෙක් පත් කර ගන්න කිව්වොත්, එතනින් දිනන්නේ ඡන්දය දිනන්න පුළුවන් කෙනා මිසක් වැඩේ කරන්න සුදුස්සා නෙවෙයි. මේක ඇත්තෙන්ම ප්රජාතන්ත්රවාදයේ එක් දුර්වල තැනක්.
ඒ කියන්නේ ජනතා කැමැත්තෙන් පත්වෙලා එන්නේ රටට ගැලපෙන හොඳම නායකයෝ නෙවෙයි. පත් වෙලා එන්නේ ඒ වෙලාවට ඡන්දය දිනන්න පුළුවන් මිනිස්සු. මේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාව සදාකාලිකවම ෆේල් වෙලා තියෙනවා. ඡන්දය එක සූදුවක් බවටත්, අශ්ව රේස් එකක් බවටත් පත් වෙලා තියෙනවා. ඡන්දය දිනන්න පුළුවන් අශ්වයෝ වේගයෙන් දුවනවා. ඡන්ද ගන්න පුළුවන් සියළු උපක්‍රම ක්‍රියාත්මක කරනවා. ඡන්දය දිනලා අවුරුදු 5 ක් බලයේ ඉන්න පාර කපා ගන්නවා. ආයේ ඊළඟ රේස් එකට ලෑස්ති වෙනවා.
එතකොට රට හදන්න? එහෙම එකක් නම් වෙලා නෑ. ඊළඟ ඡන්දය දිනන්න අවශ්‍ය ටික ඔවුන් කරනවා. රට දිනන්න අවශ්‍ය ටික කරන්න හදන්නේ නෑ. ජනතාවත් ඒකට කැමතියි. වෙනස් නොවී ඉන්න විදියටම ඉන්න, එකම වැරැද්ද ආයේ ආයේ කර කර වෙනස් ප්‍රථිපල හොයන්න, තමන් ඡන්දය දීපු අය කොහොම හරි මේක හදයි කියලා සිහින දකින, තමන් නොදීපු අය හැදුවොත් ඒකට අකමැති වෙන පිරිසක් අපේ ඉන්නවා.
පයිලට් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න , ඉංජිනේරුවෙක් වෙන්න, නීතීඥයෙක් වෙන්න වගේ ගොඩක් හොඳට ඉගෙන ගෙන වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි දේශපාලකයෙක් වෙන්න ඔබ මොකක්ද කරන්න ඕනේ? මුකුත් නෑ, ඡන්දය දිනන්න ඉගෙන ගන්න ඒ ඇති. ඉතිං එන අය දේශය පාලනය කරන්න දන්නේ නෑ. ඔවුන් දන්නේ ඡන්දය දිනන්න විතරයි. ඒ අයගෙන් දේශය පාලනය වෙයි කියලා බලාපොරොත්තු වෙන ඔබගෙයි අඩුපාඩුව තියෙන්නේ.
දේශපාලකයෙක් ඉගෙන ගත යුතු විෂයය පථය සැළකිල්ලට ගත්තොත් එය ඉතාමත් විශාලයි. නීතිය, ආර්ථිකය, රාජ්‍ය පරිපාලනය, දේශීය හා ගෝලීය ඉතිහාසය, අන්තර්ජාතික සබඳතා, කළමනාකරණය, මානව සබඳතා, සමාජ අධ්‍යනය ආදී පුළුල් පරාසයක පැතිරී යනවා. ඊට අමතරව ඇවිදින විදිය, අඳින විදිය, කතා කරන විදිය, කතා පැවැත්වීම, ප්‍රසිද්ධියේ හැසිරීම, රාජ්‍ය තාන්ත්‍රික භාවය වගේ දේවලුත් ඉගෙන ගන්න වෙනවා. මේ සියල්ල කර ගන්න යම් පුද්ගලයෙකුට වසර 5 කට අධිකව ගත වෙන්න පුළුවන්. නමුත් මේ ටික උගන්නන ඉස්කෝලයක් හෝ විශ්වවිද්‍යාලයක් නෑ. ඉගෙන ගන්න වෙන්නේ ස්වයං අධ්‍යයනයකින්. ඒ මහන්සිය යොදවලා කෙනෙක් ඉගෙන ගෙන ආවට එයාට දේශපාලකයෙක් වෙන්න බෑ. මොකද ඔය ටික දැන ගෙන ඡන්දය දිනන්න බෑ.
ඒ නිසා අපි දකින මේ රටේ දක්ෂයෝ කවුරුත් ඒ කැපකිරීම කරන්නේ නෑ. මොකද සුදුසුකම සැපිරුවට ජොබ් එක සුවර් නෑ. ඒ නිසා ඔබ හොයන වෘත්තීය දේශපාලකයන් ඔබට ලැබෙන්නෙත් නෑ. ඡන්දය දිනන්න පුළුවන් බොරු කියන, කයිවාරු කියන, හොර වැඩ කරන, කපටි කම් කරන, ජඩ වැඩ කරන පිරිසක් තමයි ලැබෙන්නේ.
ඉතිං වෘත්තීය දේශපාලන කරන්න මේ රටේ අමාරු ඇයි කියලා ඔබ දන්නව ද?
ඔබ එහෙම අය හොයලා තියෙනවා ද?
ඒකට මහන්සි වෙලා තියෙනව ද?
අඩුම තරමින් එක්කෙනෙක් හදන්න?
හිතලා බලන්න.
පැතුම් කර්නර්
#අපේවැරැද්දමොකක්ද
#හරිත