දේශපාලනීකරණ යුගයේ අවසන් අදියරය මෙයයි. ඉදි
මිහින් එයාර් එකෙන් ඇවිත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලෙන් බැහැල සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයෙදි මැච් එකක් ගහල මහින්ද රාජපක්ෂ හයිවේ එක දිගේ කොළඹ ඇවිල්ල මහින්ද රෙස්ටුරන්ට් එකෙන් කෑමත් කාලා මහින්ද බාර් එකෙන් මතට තිතකුත් තියල සතුටින් ඉන්න එංගලන්තෙ ටීම් එකට 2012 දි ඔවුන් ලංකාවට එන කොට පුලුවන් කම ලැබෙනව.
ඇත්තටම කාට ද ආඩම්බර? ආඩම්බර නම් අපට තමා. ඒ අපේම රජතුමා නෙ. ඊයේ මාත් එක්කත් හිනාවුන, පෙරේදා අපේ නැන්දගෙ දූට කිතිකැව්ව රජතුමා නෙ.
සමහරු නම් කියන්නෙ ඉස්සර මැරිච්ච මිනිසුන් අනුස්මරණය කරන්න තමයි ඔවුන්ගෙ නම් වලින් ආයතන මාර්ග ස්ථාන ගොඩනැගිලි නම් කළේ කියල.
දැන් ජීවත්වෙල ඉන්න මිනිස්සුත් මැරිල වගේ ඉන්න නිසා මැරිච්ච ගොඩටම දාල මෙහෙම කරනව ද කියල කියන්න දන්නෙ නැහැ.
කාට ද ලජ්ජා? ඇත්තටම කාටවත් දැන් එහෙම එකක් ඉතිරිවෙලා නැති නිසා ඒ ප්රශ්නෙ අදාළ නැහැ.
ලජ්ජා වෙන්න වුනා නම් බැරිවෙලාවත්? දෙයියන්නටම ඔප්පු වෙනව. ඇයි ලජ්ජාවෙලාම පන යනව නෙව වෙන දේවල්වලට.
ඇත්තටම ලජ්ජාවෙලම පන ගිහිල්ල ද මන්ද ජීවත්වෙල ඉන්න මිනිස්සුත් මැරිල වගේ පේන්නෙ. එකත් එකටම පණපිටින් අනුස්මරණය කරන්නෙ ඒක වෙන්නැති.