දේශපාලන කටුවනක් වූ ලංකාව

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දේශපාලන කටුවනක් වූ ලංකාව

    අහවලා කළා කියලා රජයට විරුද්ධව ඔය චෝදනාව කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හරි හැටි ඔප්පු කර පෙන්විය යුතුයි. පොලිස්‌ පරීක්‍ෂණවලටත් එය පහසුවක්‌. ඒත් බොරුවට චෝදනා කරලා පලක්‌ නැහැ."


    කටුවන ජවිපෙ සාමාජිකයන් ඝාතනය ගැන මෙසේ කියන්නේ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලයි.


    ඒ කියන්නේ දැන් යම් සිද්ධියක් පිළිබඳ ආණ්ඩුවේ පුද්ගලයකුට විරුද්ධව පැමිණිලි කරනවා නම් එය කළ යුත්තේ චෝදනාව ඔප්පු කරලා ය.


    චෝදනා ඔප්පු කරන්නේ අධිකරණයේ ය. මිනීමැරුමක් නම් ඒ පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන්නේ මිය ගිය පුද්ගලයා නොව පොලිසියයි. පොලිසිය එසේ කළ යුත්තේ මහජනතාව පොලිසිය නඩත්තු කරන්නේ ඒ වෙනුවෙන් වන බැවිනි.


    ලංකාවේ අපරාධ රැල්ල දැන් දේශපාලන මෙහෙයුමෙන් මිදී පාලනය කළ නො හැකි තත්වයට පත්ව ඇති බව පෙනේ.


    පසුගිය දිනෙක පළාත් සභා මන්ත්‍රීවරයකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන යමින් සිටියදී ඇමති ජීවන් කුමාරතුංග ඔහු බේරා ගත්තේ ජනාධිපතිට හැ ආරක්ෂක ලේකම්ට කතා කරලා ය. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත.


    කටුගෙය බිඳ පුරා වස්තු සොරකම් කර දැන් මාස ගණනකි. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත.


    තවත් මෙවැනි සිදිධි බොහෝ ය.
     

    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    අමරය පෙරේදා මිද්දෙනිය ටවුන් එකේ නයිමකුත් කරකව කරකවා ගියා පොලිසිය බල්ලො වගේ බලන් හිටියා! කාගේ පවර්ද මේවා කට්ටිය දන්නව ඇතිනේ තංගල්ලේ බන්දනාගාරය හිරකරැවන් යටතට ගත්ත අවස්ථාව එහි ප්‍රධානියා තමයි මූ ..එදා මහින්ද ලොක්කා ගිහින් වචන දෙක තුනයි කිව්වේ "පිස්සු කෙලින්න එපා අමරේ" කියලා ආයෙත් පොර සැලන්ඩර්! මාස ගනනකට කලින් ප්‍රියන්තගේ කල්ලියක් අමරෙව මරන්න ඇවිත් වෙඩි කාලා මැරැනා ජූලම්පිටියෙදි උන්ට වැඩේ දුන්නෙත් ඉහලින් ආපු ඕඩර්..මට පොරව ආශ්‍රය කරන්න ලැබිල තියනවා විවිද දේවල් වලදි හොද ගතිගුන තිබුනත් ගැහුනුන් හා ලමයින් මැරීම ගැන පිලිකුල් කරනවා..අවි ගත්තෝ අවියෙන් නැසෙති..අවි නැත්තෝ සොයා වෙහෙසෙති..අවි ඇත්තෝ සගවති බාවිතා කරති!..
     
    Last edited: