දේශපාලන පාංකඩයන්ට කුද ගහගන්නැයි කියා එජා
‘‘රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති මේ අවස්ථාවේ මේ විදිහට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපට බල කෙරී තිබෙනවා. බටහිර මෙන්ම චෝල, පාණ්ඩ්‍ය ආදී දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයන් විසින් ජාතියක් ලෙස අප සතු වූ දැනුම් සම්භාරය විනාශ කළා පමණක් නොවෙයි ජාතියේ අඛණ්ඩ දිගු ගමන වැළැක්වූ බව අප දන්නවා. ඒත් අපි ඒ සියලු අභියෝග මැදින් ඉදිරියට ආපු ජාතියක්. යළිත් ජාතියේ ඉදිරි ගමනට බාධා එල්ලවන මොහොතක් නිර්මාණය වෙමින් තිබෙනවා. එවැනි සෑම මොහොතකම පර සතුරාට මිතුරු පාවාදෙන්නන් පිරිසක් මේ පොළොවේ සිටියා වගේම ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදුණු ජාතික බලවේගයක් සමගිව නැගී සිටියා. අද අපි සිටින්නෙත් එසේ ජීවගුණයෙන් යුතුව සමගි සම්පන්නව නැගී සිටීමක් ජාතිය ඉල්ලන මොහොතක.
1815 දී අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1948 ආපසු යන විට අපට භාර දී ගියේ පැවති රාජ්‍යය හෝ කොඩිය නොවෙයි. ඒ අනුව පෙනෙනවා 1815 තීරණාත්මක සන්ධිස්ථානයක් කියලා. එතෙක් පැවති පාලනය අභාවයට යවලා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ට අභිමත පරිදි නිර්මාණය කළ රාජ්‍යයක් අපට භාර දී යනවා. එදා 1948 දී අපි ඒ රාජ්‍යය ‘බොහෝම ස්තූතියි සර්’ කියලා භාර ගන්නවා. ඒකට කියනවා, ‘නිදහස ලැබීමේ ඓතිහාසික අවස්ථාව‘ කියලා. අපේ සම්ප‍්‍රදායික දැනුම් සම්භාරයම විනාශ කරලා, ඔවුන්ට අභිමත පරිපාලන ක‍්‍රමවේදයක් හඳුන්වා දීලා, බෙදී වෙන් වී යාමේ ‘සේව නූල’ දල්වන ලද ඉරණමකට අපේ පැවති රාජ්‍යය ලක් කිරීමෙන් පසුව තමයි ඔවුන් අපට ආපසු මේ රට භාර දී ගියේ. අප මේ භුක්ති විඳින්නේ ඔවුන් විසින් සාදා දුන් රාජ්‍යයයි. 1815 දී මුහුණ දුන්නා සේම 2015 සිට අප මුහුණ දී සිටින්නේ ද ඒ නූතන රාජ්‍යයේ අවසානය හෝ ඉරණම තීරණය කරන බිහිසුණු තත්වයකට. ඒ බව අපට දැනෙනවා මේ දවස්වල රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති බලනකොට. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් අද සිටියා නම් ‘ආගම්වාදියකු’ කියා සිරගත කරාවි. හොඳ වෙලාවට පානදුරාවාදය පැවතියේ ඒ කාලයේ. යාපනය උසාවියට ගල් ගැසූ පිරිස් උසාවියට අපහාස කළා කියලා අත්අඩංගුවට නොගන්නා රටක, ‘බුද්ධි අංශ නිලධාරීන්, රණවිරුවන් නිදහස් කරන්න’ කියා පැවසූ ස්වාමීන් වහන්සේලා 10කට වඩා අද සිරගත කොට තිබෙනවා. ‘මට ඇප දෙන්න බැරි වගන්තියකින් බුද්ධි අංශ නිලධාරීන් උසාවියට ඉදිරිපත්කර තිබෙනවා. මම හිර වෙලා තියෙන්නේ’ කියලා හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා පවසා තිබෙනවා. අද බටහිර බලවතුන්, දෙමළ ඩයස්පෝරාව හා සෙයිද් අල් හුසේන් සතුටු කරන්න බුද්ධි අංශ නිලධාරීන් තොග වශයෙන් අත්අඩංගුවට ගෙන, ඇප නොදී මාස ගණන් සිරගත කොට තිබෙනවා. මේවා හුදකලා සිදුවීම් ලෙස අපට සැලකීමට බැහැ.
චාගි ගාල්ලගේ සහ පාක්‍යසෝති සරවනමුත්තු
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශී‍්‍ර ලංකාවට පැමිණි දිනවල වාර්තා වූවා ජිනීවාවල දී ශී‍්‍ර ලංකාව එකඟ වූ යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කාර්යසාධක බලකායක් පිහිටු වූ බව. නමුත් දැන් විදේශ අමාත්‍ය මංගල සමරවීර කියනවා, ‘සහජීවනය සඳහා වූ විශේෂ කාර්යසාධක බලකායක් අපි පිහිටුවා තිබෙනවා’ කියලා. මෙහි සභාපති ධුරය නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියට ලබා දී තිබෙනවා. නමුත් එතුමිය වයෝවෘද්ධයි. ක‍්‍රියාකාරී ලෙස කටයුතු කිරීමට හැකියාවක් නැහැ. මෙහි ලේකම් කවුද? පාක්‍යසෝති සරවනමුත්තු. ශී‍්‍ර ලංකාවේ එන්ජීඕ මාෆියාවේ ප‍්‍රධානියා ඔහුයි. 2009 සිට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සෑම සැසිවාරයකටම ගිහින් දෙමළ ඩයස්පෝරාවත් සමඟ එකතුව ඔහු යෝජනාවක් ඉදිරිපත් කළා, ‘ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදු කර තිබේ. ඔවුන්ට එරෙහිව ක‍්‍රියා කරන්න’ කියලා. ඔහු තමයි අද මේ යහපාලන ආණ්ඩුව විසින් සහජීවනය සඳහා වූ විශේෂ කාර්යසාධක බලකායේ ලේකම් ධුරයට පත්කර තිබෙන්නේ. මේ කාර්යසාධක බලකායේ සාමාජිකයන් 11 දෙනාගෙන් 06ක්ම පාක්‍යසෝති සරවනමුත්තු වැනි පුද්ගලයන්. මේ අය සහජීවනය හදන්න මොකද කරන්න හදන්නේ? උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, අධිආරක්‍ෂිත කලාපවල ඉඩම් නැවත ලබා දීම ආදිය. පලාලි අධිආරක්‍ෂිත කලාපය ඉවත් කිරීමට විරුද්ධව කරුණු පැවසුවා කියලා පාක්‍යසෝති සරවනමුත්තුගේ ඉල්ලීම අනුව මේ රට බේරා ගැනීමේ මෙහෙයුමේ විශාල කාර්යභාරයකට උරදුන් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා අද නාමමාත‍්‍රික තනතුරකට පත් කර තිබෙනවා. මීට කලින් මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා විශ‍්‍රාම යැව්වා. ඒ වගේම යහපාලකයන් විසින් සේවා දිගු ලබා නොදී රට බේරා ගැනීමට උරදුන් උසස් හමුදා නිලධාරීන් රැසක් විශ‍්‍රාම ගන්වා තිබෙනවා. ඒ අනුව අපට පෙනෙනවා මේ ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍යයට එරෙහි මෙහෙයුමක් කියලා. පැවති ආණ්ඩුව අහිමි වීමේ ප‍්‍රශ්නයක් නොවෙයි අපට තියෙන්නේ, ‘බලයට පත් වූ මේ ආණ්ඩුව රට ඇදගෙන යන්නේ කොතැනටද?’කියන ප‍්‍රශ්නයයි. මේ ආණ්ඩුව අපව සතුරන් ලෙස දැක්කාට කමක් නැහැ. නමුත් චාගි ගාල්ලගේලා සතුරන් ලෙස දකින්නේ කොහොමද? මේ කිසිවක් හුදකලා සිදුවීම් ලෙස දකින්නට එපා.
උතුරේ බෙදුම්වාදී මහදැනමුත්තලා
අද උතුරේ බෙදුම්වාදී මහදැනමුත්තලාගේ කටවල්වලට පණ ඇවිත් තිබෙනවා. උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් කියනවා, ‘හමුදාව උතුරේ කුණු කාණු සුද්ද කරන්න දාන්න ඕනෙ’ කියලා. අද රණවිරුවා කියන වචනය තහනම් වචනයක් වෙලා තිබෙනවා. හමුදාව හකුළුවන්න බි‍්‍රතානයෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පවුම් මිලියන 6000ක් ලබා ගෙන තිබෙනවා. මේ සියල්ලෙන්ම අපට ඇගිල්ලෙන් ඇහැට ඇනලා පෙන්වන්නේ අනතුරක සේයාව නොවෙයිද? යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගත්තු වෙලාවේ හිටපු ජනපතිතුමා කීවා, ‘දැන් ඉතින් රාජිතට හොඳට නින්ද යනවා ඇති. යෝෂිතව අත්අඩංගුවට ගත්තනේ’ කියලා. අපි හිතමුකෝ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ඉදිරි දේශපාලන ගමන නතර කරන්න එහෙම කරනවා කියලා. නමුත් චාගි ගාල්ලගේලා, හමුදා බුද්ධි අංශ නිලධාරීන් මේ විදියට දඩයම් කරන්නේ ඇයි? ‘රාජ්‍යය අහිමි වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ.’ කියන පණිවිඩය නොවෙයිද මේ ලැබෙමින් තිබෙන්නේ.
අගමැති බියට පත් වෙලා
දැන් බලන්න රනිල් වික‍්‍රමසිංහ මහත්තයා චණ්ඩියා වෙලා තිබෙන ආකාරය. එක දවසක වෛද්‍යවරුන්ට, තවත් දවස් ගණනාවක දෙරණ නාලිකාවට පහර දුන්නා. මට නම් පෙනෙන්නේ එතුමා බියට පත් වෙලා, ඒ බිය හේතුවෙන් අන් අයව බිය වද්දන්න හදනවා කියලයි. රටේ ආර්ථිකය හතරගාතෙන් වැටෙන හැටි පෙනෙනකොට, උන්නැහේගේ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ශත 05ක්වත් ලැබෙන්නේ නැහැ කියලා පෙනෙනකොට, ඉදිරියේදී යුද අධිකරණවලට ජනතා විරෝධය එන විදිය පෙනෙනකොට, ඉන්දියාව සමග ගහන එට්කා(ETCA) ගිවිසුමට වෘත්තිකයන් විරෝධය පළ කරනකොට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා භීතියෙන් මුසපත් වෙනවා. එහෙම භීතියෙන් මුසපත් වුණාම තමයි එතුමාගේ කටින් මාධ්‍යවේදීන්ට විරුද්ධව ‘ගෙම්බා, රීරි යකා, බල්ලා’ කියන වචන එළියට පනින්නේ.
ටීඑන්එල් විකාශන බලපත‍්‍රයත් අයිති ජනතාවටයි
දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා නිතරම කියනවා, ‘විකාශන බලපත‍්‍ර ජනතාවට අයිතියි’ කියලා. ඒක වික‍්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාගේ ටීඑන්එල් නාලිකාවටත් අදාළයි. පසුගිය ආණ්ඩුව කාලයේ ටීඑන්එල් එක හිටපු ජනපතිතුමාට, අපට කොහොම ගැහිල්ලක්ද ගැහුවේ? ටීඑන්එල් ආයතනයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහත්තයා උදේ පාන්දර පුටුවේ වාඩිවෙලා මොන තරම් ගැහිල්ලක් ඒ ආණ්ඩුවට ගැහුවාද? මහින්ද රාජපක්‍ෂ මහත්තයා එතකොට කීවාද, ‘මේ තරංග ජනතාවගේ. අපි ටීඑන්එල් එක රජයට පවරා ගන්නවා.’ කියලා. එහෙමනම් මොකද්ද මේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට හැදිලා තියෙන රුදාව. රතු අලි පැටියත් කියනවා, ‘ඔව්, මේ තරංග ජනතාවගේ තමයි. දෙරණ මාධ්‍යවේදියත් කියපු කතාව හරි නැහැ’ කියලා. නමුත් ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මාධ්‍යවේදීන්ට බල්ලා,ගෙම්බා, රීරි යකා කියලා බනින එක හරි නැහැ’ කියලා එයා කියන්නේ නැහැ. සිරිකොතෙන් යැපෙන රතු අලි පැටියගේ හැටි දැන් එහෙමයි. 2001 දී බලයට ආපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයා, 2002 පෙබරවාරියේ දී සටන් විරාම ගිවිසුම ගැහුවා. එරික් සෝල්හයිම්ලාට සාම ක‍්‍රියාදාමය කර ගෙන යන්න දුන්නා. වෙනම රාජ්‍යයක් නිර්මාණය වෙන තැනට අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය දෙන්න හැදුවා. එදා අපි උසාවි ගිහින් ඒවා නතර කළා. කොටි ත‍්‍රස්ත බලයත් සමග වෙනම රාජ්‍යයක් හැදීමේ න්‍යාය පත‍්‍රයයි එදා ඒ විදියට ක‍්‍රියාත්මක වුණේ. 2005 දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් එම න්‍යාය පත‍්‍රය නතර කරනු ලැබුවා. එසේම 2009 දී කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම පරදවනු ලැබුවා. නමුත් අද වෙනත් ආකාරයකට ක‍්‍රියාත්මකව පවතින්නේ 2001 සිට රනිල් වික‍්‍රමසිංහලා ඉදිරියට ගෙන එමින් තිබූ, බටහිර ගැති, ඒ වෙනම රාජ්‍යයක් නිර්මාණය කර දීමේ න්‍යාය පත‍්‍රයමයි. 2001 දී සිදු කළේ පළමු බටහිර වටලෑම. මේ දෙවන බටහිර වටලෑමයි ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.
‘සාමයේ ඉත්තෝ’
මේ වන විට නෝර්වේ ආධාර ලබන නෝරාඞ් ආයතනය විසින් සුඩානය තුළ සාර්ථක වූ නෝර්වේ ඊනියා සාම ක‍්‍රියාදාමය ශී‍්‍ර ලංකාව තුළ අසාර්ථක වීම පිළිබඳව ‘සාමයේ ඉත්තෝ’ නමින් වාර්තාවක් සකස්කොට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එහි තිබෙනවා ශ‍්‍රී ලංකාව තුළ ඊනියා සාම ක‍්‍රියාදාමය අසාර්ථක වීමට හේතු. එකක් තමයි එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග අතර තිබූ විරසකය. දෙවන එක තමයි ජවිපෙ සහ හෙළ උරුමයේ ක‍්‍රියාකාරීත්වය පාලනය කර ගැනීමට වැඩපිළිවෙළක් නොතිබීම. දැන් ඒ දෙකටම උත්තර සොයා ගෙන තිබෙනවා. මෛත‍්‍රි – රනිල් දෙබෑයෝ කිසිදු විරසකයක් නැතිව කටයුතු කරනවා. රතු අලි පැටියා, ‘සිරිකොතේ දැලි වළං අල්ලන පාංකඩය’ වී තිබෙනවා. හෙළ උරුමය අද ‘කොළ උරුමය’ බවට පත් වී තිබෙනවා.
එදා රතු අලි පැටියා ක‍්‍රිකට් තරගාවලියක් ‘සීඑස්එන්’ එකට විකාශනය කරන්න දීපුවාම කොහොමද දාපු සද්දේ? අද සීඑස්එන් තරම්වත් ආවරණ කලාපයක් නොමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයාගේ ටීඑන්එල් නාලිකාවට ක‍්‍රිකට් තරග විකාශන අයිතිය දුන්නාම, රතු අලි පැටියා නිදි වගේ ඉන්නවා. දැන් අනුර දිසානායක කියනවානේ, ‘මම ඞීඅයිජී නම් විමල් වීරවංශ ඉන්න ඕනෙ හිරේ’ කියලා. ඇයි එයාට හිතෙන්නේ නැත්තේ, ‘විමල්ට කලින් රනිල් වික‍්‍රමසිංහ හිරේ යන්න ඕනෙ’ කියලා. බටලන්ද සිදු වීමට, මහ බැංකු බැඳුම්කර වංචාවට රනිල් වික‍්‍රමසිංහ හිරේ යන්න ඕනෙ නැද්ද? ජවිපෙ අල් හුසේන් පැමිණි වෙලාවේ එක වචනයක් කතා කළේ නැහැ. එයාලාට අද ප‍්‍රශ්න වෙලා තිබෙන්නේ ‘වරාය පිවිසුම් ගාස්තු වැඩි කිරීම, වකුගඩු සොරකම’ ආදියයි. ජාතියේ කේන්ද්‍රීය මාතෘකා මග හරින, අතුරු මාතෘකා කතා කරන තැනකට අද ජවිපෙ පල්ලම් බැහැලා ඉවරයි.
නෝර්වේ ඊනියා සාම කි‍්‍රයාදාමය අසාර්ථක වීමට ඒ අය කියන ඊළඟ හේතුව තමයි, ආපසු හැරවීමට නොහැකි ආකාරයට එය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම. ‘2005 දී මහින්ද රාජපක්‍ෂ බලයට එන විට සටන් විරාම ගිවිසුම ප‍්‍රකාරව සියලූ කටයුතු සිදු කර තිබුණා නම්, සුනාමි සහන මණ්ඩලය, අන්තර්වාර ස්වයං පාලනය පිහිටුවා තිබුණා නම් එය ආපහු හරවන්න බැහැ’ කියලයි ඒ කියන්නේ. ඊළඟ හේතුව ලෙස ඔවුන් කියන්නේ, මහා සංඝරත්නය දිනා ගැනීමට සහ අවධානය වෙනතකට හැරවීමට උපායශීලී මෙහෙයුමක් නොමැතිවීමයි.
ඒකටත් අද උත්තරයක් සොයා ගෙන තිබෙන බව පෙනෙනවා. අද රාජ්‍යයේ පැවැත්ම අවදානමට පත් කරන මෙහෙයුම දෙමළ බෙදුම්වාදය හා ඉදිරියට යන එකක්. නමුත් මුස්ලිම් අන්තවාදය නැමති එතරම්ම ප‍්‍රමුඛ නොවන සතුරකු ඔවුන් විසින්ම හදලා මහ සංඝරත්නය සහ ජාතික බලවේග සමග සටනට යොමු කරන උපායශිලී මෙහෙයුමක් මේ යහපාලකයන් අද අරඹා තිබෙනවා.
‘ ‘දේශපාලන පාංකඩයෝ’
2005 සිට 2015 දක්වා අපේ රට ආපු ගමන බටහිරට සහ ඉන්දියාවට ඉවසන්න බැරි වුණා. 2009 දී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය සහමුලින්ම පරදවා, රට සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගෙන යාමට මහින්ද රාජපක්‍ෂ පාලනයට හැකි වුණා. දකුණු ආසියානු රටක් නැගී සිටිනවා දකින්න ඉන්දියාව කිසිසේත්ම කැමති නැහැ. ඉන්දියාවේ නගර කිහිපයක් සංවර්ධනය වුණාට වැසිකිලි පාවිච්චි කිරීමට දන්නේ මුළු ජනගහනයෙන් සියයට 33යි. ඒ නිසා ලංකාව ඉදිරියට යන ගමන නතර කරන්න, ලංකාව තුළින්ම දේශපාලන පාංකඩයෝ ටිකක් හොයා ගන්න ඉන්දියාවට ඕනෙ වුණා.
ස්ථිර තැන්පතුවලටත් අත තබයි
අද මේ දේශපාලන පාංකඩයෝ ටික රට ඇදගෙන යන දිහා බලන්න. ජනතා සහන කප්පාදු කරනවා. කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. රුපියල අවප‍්‍රමාණ වෙනවා. බැංකු පොලී අනුපාතික ඉහළ යනවා. දැන් මේ අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් Bailout Loan එකක් ඉල්ලලා. Bailout Loan එක කියන්නේ රටක ආර්ථිකය කඩා වැටෙන්න කලින් ඉල්ලන ණය. අපට ආරංචි විදියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා ඇත්තේ, ‘අපි නුඹලාට අවශ්‍ය මුදලින් කොටසක් දෙනවා. ඉතිරිය ජනතාවගෙන් ගනිල්ලා’ කියලයි. ඒ නිසා ඉදිරියේදී ජනතාවගේ ස්ථිර තැන්පතුවලින් කොටසක් මේ අය කපා ගනීවි. මහින්ද රාජපක්‍ෂ පාලනයෙන් දියුණු කළ රට අද ඒ තරමටම බෙලහීනකර තිබෙනවා. මේ අය අද කයිවාරු ගහනවා, ‘අපට ජාත්‍යන්තර සහයෝගය ලැබෙනවා’ කියලා. නමුත් ලැබුණු ‘පිච්චියක්’ තිබෙනවාද?
‘මහින්ද රාජපක්‍ෂ මේ රට චීන කොලනියක් කරන්න හදනවා’ කියපු රනිල් වික‍්‍රමසිංහ ‘අනේ පිං කරන චීන මහත්තයෝ අපි හතරගාතේ වැටිලා ඉන්නේ. කීයක් හරි දෙන්න’ කියලා ඉල්ලන්න චීනයට යන්න හදනවා. හැබැයි චීනයත් නිකම්ම ආධාර දෙන්නේ නැහැනේ. ‘පෝ්ට්සිටිය’ හැදීම කල්දැම්මාට වන්දියක් ඉල්ලාවි. නැතිනම් පෝට්සිටියට වැඩි ඉඩම් ප‍්‍රමාණයක් ඉල්ලාවි. එදා කියපු පරිසර දූෂණ කතා, ජෝන් අමරතුංගලා, රනිල් වික‍්‍රමසිංහලා දැන් කියන්නේ නැහැ. අද ඇමෙරිකා එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය දුවන්නෙත් චීනයේ සල්ලි වලින්. තමන්ගේ හාම්පුතුන් එහෙම කරන කොට, රනිලූත් එහෙම කරනවා හැර වෙන මොනවා කරන්නද? අද ප‍්‍රබෝධවත් ලෙස ඉදිරියට ආපු ජාතියක් ආපස්සට ඇදගෙන යන බව ඔබට පැහැදිලි ඇති.
රනිල් දෙනවා කියපු රැකියා දසලක්‍ෂය කෝ? රැකියා දසලක්‍ෂයක් ඉන්දියානුවන්ට හදලා දෙන්න සුදානම් වෙනවා කියලා නම් පෙනෙනවා. එට්කා ගිවිසුම ගහන්න හදන්නේ ඒකටයි. එට්කා ගිවිසුම ගහන්නත් කලින් මේ රටේ ආර්ථිකය මේ ආණ්ඩුව ඉන්දියාවට පාවලා දීලා ඉවරයි. බස්නාහිර පළාතට සහ තවත් පළාතකට අදාළව ගිලන් රථ සමාගමක් හදන්න ඉන්දියානු සමාගමකට ඉඩ සලසා දෙන කැබිනට් පත‍්‍රිකාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්කර තිබෙනවා. මේ සමාගමට ගිලන් රථ ගන්න ඉන්දියානු රජයෙන් මුදල් දෙනවා. ඒ ගිලන් රථ බදු රහිතව මේ රටට ගෙන එන්න ශ‍්‍රී ලංකා රජය අවසර දෙනවා. අපේ රටේ ගිලන් රථ සමාගමක් පවත්වාගෙන යා හැකි සමාගම් නැද්ද? ඇයි මෙහෙම ගිලන් රථ සමාගමක් පවත්වාගෙන යාමට ඉන්දියාවට දෙන්නේ? මේ පිටුපස තිබෙනවා මුළු රටේම තොරතුරු ගිල ගැනීමේ ඉන්දීය උවමනාව. මේ හදන්නේ ගිලන් රථ සේවාවක් නොවෙයි. මුළුමහත් ජාතියම ගිලන් රථයකට දාන්නයි මේ හදන්නේ. අර හරීන්ගේ බැලූම ගැනත් මේ දවස්වල කතා වෙනවානේ. හරීන් නම් කියන්නේ, ‘ඒක අපි නිරුපද්‍රිතව ගොඩබෑවා’ කියලා. දැන් ගුවන්යානා කඩා වැටුණාම කියන්න වෙන්නෙත් නිරුපද්‍රිතව ගොඩ බෑවා කියලයි. මේ බැලූමෙන් කරන්නෙත් ‘ඔත්තු සේවා’ වැඩක් නිසා බොහෝ රටවල් ඊට ඉඩ දුන්නේ නැහැ. මේ බැලූනය මගින් අපේ රටේ බොහෝ තොරතුරු ගවේෂණය කිරිමේ හැකියාවක් තිබෙනවා. ඉන්දියාවේ ගිලන් රථ සේවාව සහ ගූගල් බැලූනය මගින් අපේ රාජ්‍යයට අදාළ අභ්‍යන්තර තොරතුරු රැසක් උකහා ගැනීමයි සිදු වන්නේ. හෙට අනිද්දා වෙන කොට තොරතුරු තාක්‍ෂණ ශිල්පීන්, ගිලන් රථ සේ්වකයින් පමණක් නොවෙයි, ඉන්දියානු කරණවෑමියෝත් ලංකාවට එනවා. දැනටමත් සංචාරක වීසාවලින් පැමිණ ඉන්දියානුවන් මෙහි රැකියාවල නිරත වෙනවා. එහෙම නම් එට්කා කියලා පොඩි කවුලූවක් ඇරියාම මේක ඉන්දියානු කොලනියක් නොවී තියේවිද?
අවසන් වශයෙන් අපි කියනවා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ, සිරිසේන ජනාධිපතිතුමෝ ඔයගොල්ලෝ දාන නඩුවක් දාන්න. සිරගෙවල් පුරවන්න. කවුුරු කොහොම දාලා සිරගෙවල් පිරෙව්වත් මේ පරගැති හවුල, දෙමුහුන් හවුල ඉතා කෙටි කලකින් අපි ගෙදර යවනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ගොඩනඟනවා.
මේ පරගැති හවුල පරදවන්නේ කොහොමද?
මේ පරගැති හවුල ගෙදර යවන්න නම් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හොල්ලන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හොල්ලන්න නම් අපි වෙලාව ආපුවාම ලක්‍ෂ ගණනින් පාරට බහින්න ඕනේ. ආරක්‍ෂක හමුදාවල තුවක්කු එදාට අපි දිහාට හැරෙන්නේ නැහැ. ආරක්‍ෂක හමුදා දඩයම් කරන මේ ආණ්ඩුවට එරෙහිව ඒ සියලූම දෙනා ඒකාබද්ධව නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි. පාරට ලක්‍ෂ ගණනින් ජනතාව ආවම පාර්ලිමේන්තුවේ සිටින අයගේ කකුල් වෙව්ලන්නේ නැද්ද? දෙපා වෙව්ලන කොට පාර වරද්දා ගත්තු කට්ටිය ආයෙත් හරි පාර හොයාගෙන එන්නේ නැද්ද? ඒ මහා නැගී සිටීම විසින් සැබෑ විපක්‍ෂයට ලැබුණු මන්ත‍්‍රී ධුර 95 එකට එකතු කරන්නේ නැද්ද? රනිිල් වික‍්‍රමසිංහගේ පීඩනය දරා ගන්න බැරිව ඉන්න එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20ක් පමණ සිටිනවා. ඒ මහා නැගී සිටීම විසින් ඔවුන්ගේ කකුල්වලටද පණ එන්නේ නැද්ද? මේ පරගැති හවුල පන්නා දැමීමේ මෙහෙයුමට ඒ 20 දෙනාත් සහභාගී කරගත යුතුයි නේද? එහෙම තමයි මේ පරගැති හවුල පරදවන පාර කැපිය යුත්තේ.
‘තාමත් එතුමා ළඟ කළු කෝපි තිබෙනවා’
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හිටපු ජනාධිපති වුණාට තාමත් එතුමා ළඟ කළු කෝපි තිබෙනවා, වෙලාව ආපුවාම දෙන්න.(අත්පොලසන්) ඒ හින්දානේ එතුමා කොහොමහරි කොටු කරන්න බලන්නේ. ඒ නිසා මව් පොළොව ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ සටන්කාමී නැගිටීම, ඒ සටන්කාමී භූමිකාව. අතීතයේ පරගැති ආක‍්‍රමණවලින් වදවිඳපු මේ මව් පොළොව, ගම්පාලූ ප‍්‍රතිපත්ති මගින්, සමූහ මිනිස් ඝාතනවලින් සිය නෑ හිත මිතුරන් මරා දමනු බලා සිටි මේ මව් පොළොව, ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා නිදහස් කර ගත් මේ මව් පොළොව, අධිරාජ්‍යවාදීන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට නැවත වටලා, ගෙල සිර කර මරා දමන්නට ඉඩ දී අපි නිහඬ වෙනවාද? එහෙම නැත්නම් ඒ ඉරණමට විරුද්ධව සටන් වදින ජාතියේ විරෝදාර දූ පුතුන්ගේ භූමිකාවට අපි පණ පොවනවාද? කියන එකයි අද දවසේ තීන්දු කළ යුත්තේ.
ජාතික ගී දෙකකින් පටන් අරන් ජාතික කොඩි දෙකකින් අවසන් කරන්න හදන මේ පරගැති ගමන නැවත ආපස්සට හරවන්න සුදානම් වෙන්න. අපව බියට පත් කරන්න හදන පාලකයින්ට බිය නොවී ඔවුන්ව තව තවත් බියට පත් කරමින් ජාතියේ ශක්තිය, ජාතියේ නැගිටීම නිරවුල්ව පෙන්වීමට සුදානම් වෙන්න.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අලූත් දේශපාලන පක්‍ෂය සහ පෙරමුණ හදලා නියම කලට දේශපාලන කරළියට අවතීර්ණ වෙනවා. ඔබ සටනට අවතීර්ණ වෙන කොට ඒ දේශපාලන ව්‍යාපාරයත් කරළියට එනවා. ඒ ශක්තීන් දෙක එකට එකතු කරලා මේ සටන විජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න කැපවෙමු. ඒ සඳහා එක් රොක් වෙන්න. රොද බැඳ ගන්න. පෙරමුණ ගන්න.ඒ සඳහා ධෛර්ය, ශක්තිය, යෝධබල යෝධවීර්ය ලැබේවා.
මාතෘභූමියට ජය වේවා. ’

Last edited: