තෙජ බලයෙන් නුඹෙ සිහ ධජ ලෙළේ......
ලක් මව් ගැබ ඉපදුන විරුවනී...
රණ බිමේ.... ජය සදා..........
වෙඩි හඩ ගී නද කල කිවිදුනී......
මනුසත් බව රැකි උතුමාණනී.......
තාරුණ්‍ය දන් දුන් සොයුරනී.......
දේශයේ සුව පතා..................
රන් රුධිරය නුඹ හෙළු මිහිකතේ....
මං සළකණු ඇත ජය මාවතේ.......
මතු උපදිනු නුඹ දෙව් ලෝ තලේ..
ජාතියේ.. පින පතා..........
ළා හිරු පායනු ඇත නුඹෙ නමින්.....
ජය ගොස නැංවේ රණවිරු හඩින්.....
ඊයෙට අවුරුදු දෙකක් සම්පූර්ණයි අපේ රටට පිළිලයක් වෙලා තිබුණ ත්‍රස්තවාදී අවුල නැති කරලා...ම්ම්ම්ම්ම්ම්ම්ම්..ගොඩාක් දේවල් කළා කට්ටිය...ඒත්..අනේ මන්දා..
මට මේ සිංදුව අහද්දී හිතෙන දේ සහ දැනෙන දේ ඔයාලාටත් දැනෙනවාද රණවිරුවෝ ගැන ? මේවා අහද්දී අත පය නැති වුන විරුවන්ගේ ඇස් වලින් කදුලු එනවා පැහැදිලියි... මට පුලුවන්නම් මම මේක දානවා රෑට කට්ටිය වැඩියෙන්ම නිව්ස් බලන වෙලාවට හැම චැනල් එකකම....
....රනිදු එළකිරි කොල්ලෙක් කියලා මම මටම කියා ගත්තා මේක ඉස්සෙල්ලම එලකිරි එකෙන් බාගත කරලා අහද්දී ඒ දවස් වලම.....වීඩියෝ එක මේ වෙලාවේ දාන්න විදිහක් නෑ යු ටියුබ් අවුලක් වගේ...
රෙප් වත් කොමෙන්ට් වත් මොනවත් ඉල්ලන්න ඕනේ නෑ කොහොමටවත්..අපි වෙනුවෙන් අපිමයි...
idea